ප්‍රධාන පක්ෂ පළාත් පාලන මැතිවරණයට බලමුළු තර කරද්දී හාස්‍යජනකම සිදුවීම වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී අන්ත පරාජයකට පත්ව පරදිනවාට බයේ මහ මැතිවරණයට පවා ඉදිරිපත් නොවූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ මෙහෙයුමකට අතගසා තිබීමය. Sri Lanka Latest News
ඒ අනුව ෆොන්සේකා පසුගිය සතියේ සිය නිවසේ දේශපාලන සාකච්ඡාවක් සංවිධාන කොට තිබූ අතර, ඊට විපක්ෂයේ නියෝජිතයන් වූ නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ඉරාන් වික්‍රමරත්න වැනි විශාල පිරිසකට ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි.
මේ සාකච්ඡාවේදී ෆොන්සේකා අවධාරණය කොට තිබුණේ දූෂණයට එරෙහිව විශාල සන්ධානයක් ගොඩනැගිය යුතුව ඇතැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ෆොන්සේකා මේ ආකාරයට දූෂණයට විරුද්ධව සන්ධාන ගොඩනැගීමට කතා කරද්දී එහි සිටි ඇතැම් පුද්ගලයන් ඊට ආරාධනා කොට තිබූ ඇතැම් පුද්ගලයන් දෙස බලා සිනාසී ඇති බවකි.
එම රැස්වීම අවසන් වීමෙන් පසු එළියට පැමිණෙමින් සිටි ඇතැම් අය, ‘දූෂණයට විරුද්ධව සන්ධාන හදන්න මරු බඩු ටිකකට තමයි ෆොන්සේකා කතාකරලා තියෙන්නේ’ යැයි කියමින් සිනාසී ඇති බවක්ද ආරංචිය. එමෙන්ම ඇතැමුන් සාකච්ඡාව අතරමගදී නැගිට ගිය බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත.
ඒ අනුව ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගීමට නියමිතව ඇති බව කියන මෙම දූෂණ විරෝධී සන්ධානය පළමු දවසේදීම විහිළුවක් බවට පත්ව ඇති බවක් දැකගන්නට තිබේ.
රාජ්‍ය රහස්!










