පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයකට ඊයේ (23) රාත්‍රියේදී පොලීසිය වෙඩිතබා තිබේ.Sri Lanka Latest News
කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් අදාළ කාර් රථය හඹාගොස් වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩිවැදීමෙන් කාර් රථයේ සිටි අයෙකු සුළු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අදාළ කාර් රථය පරීක්ෂා කිරීම සඳහා නතර කරන ලෙසට අණ කර තිබුණත් නොනවත්වා ධාවනය කිරීම නිසා හඹාගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
අදාළ කාර් රථයේ තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගෙන ඇති බවද පැවසෙයි.










