• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…

November 14, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…
Share on WhatsAppShare on Facebook

අද වෙනකොට අපට ගෝල්ෆේස් එක කියපු ගමන් දැනෙන්නේ ආණ්ඩු පෙරළන, දේශපාලන ක්‍රමය වෙනස් කරන, අලුත් ප්‍රවාහයක් නිර්මාණය කරන නැවුම් අත්දැකීමක්. ඒත් ගෝල්ෆේස් කියලා කියන්නේ ඊට වඩා වෙනස් තැනක්. මිනිස්සු විනෝදයට පාවිච්චි කරන තැනක්. ඉස්සර ගෝල්ෆේස් එකේ තියෙනවා අමුතු අමුතු සෙල්ලම්බඩු. ඒවා එන්නේ චීනයෙන්. චීනයෙන් ඇවිල්ලා ගෝල්ෆේස් එකේ නතර වෙච්ච සෙල්ලම් බඩු මිලට ගන්න වටපිටාවෙ ඉන්න පොඩි දරුවෝ වගේම ඈත දුරබැහැර ඉඳන් එන පොඩි එවුනුත් කැමැතියි. එහෙම තියෙන සෙල්ලම් බඩුවක් තමයි හුළං පුරවපු පෙන්ගුවින්ලාගේ රූප. මේවා අනෙක්වාට වඩා විශේෂ වෙන්නේ කොහොම තිබ්බත් මේ සෙල්ලම් බඩුව ආයෙත් තිබුණු විදියටම එනවා. ඒ කියන්නේ පෙරළන්න පෙරළන්න නැඟිටිනවා. ඒක දැකලා තියෙන අයට නම් මේක කියපු ගමන් මතක් වේවි. ඒත් මේක ටිකක් අමාරුයි වචනයෙන් පැහැදිලි කරන්න. මේකෙ මොකක් හරි උපක්‍රමයක් තියෙනවා මොන ඉරියව්වෙන් තිබ්බත් ආයෙත් තිබුණු ඉරියව්වටම එන විදියට. එතකොට ඇයි මේ හදිසිය ගෝල්ෆේස් එකේ තියෙන පෙන්ගුවින් රූපෙ ගැන කියන්නේ? මම හිතන්නේ ඔබට ප්‍රශ්නයක් ඇති. හැබැයි ඒකට කතාවක් තියෙනවා.

අද වෙනකොට ලංකාවේ දේශපාලනයට මොකද වෙලා තියෙන්නේ? 09 වැනිදා විප්ලවයෙන් පස්සේ දේශපාලකයෝ හිටියේ හැංගිලා. ඒගොල්ලෝ එළියට ආවේ නෑ. සුපුරුදු පරිදි වාහනවල ගියේ නෑ. දේශපාලකයෝ වෙස්වළාගෙන හිටියේ. රැවුල් වවලා හිටපු අය රැවුල සම්පූර්ණයෙන්ම කපලා දැම්මා. රැවුල් කපලා හිටපු අය රැවුල වවන්න පටන් ගත්තා. සමහර දේශපාලකයෝ ඇහැකටවත් දකින්න හිටියේ නෑ. ඔවුන්ගේ ගෙවල් දොරවල් කඩලා බිඳලා විනාශ කරලා දැම්මා. බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ මේ දේශපාලන සංස්කෘතිය ඉවරයි, දේශපාලන ප්‍රවාහය ඉවරයි, දේශපාලන ක්‍රමය ඉවරයි කියලා. බොහෝ දේශපාලකයන්ගේ දේශපාලන ගමන එතැනින් ඉවරයි කියලත් සමහරු තර්ක විතර්ක කළා. ඒත් ඉතාම ඉක්මනට මේ කඩපු බිඳපු විනාශ කරපු සියලු දෙනාම අත්අඩංගුවට ගන්න ඒගොල්ලන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න කුමක් හෝ වැඩපිළිවෙළක් නිර්මාණය වුණා. ඒක නරකයි කියලා අපි කියන්නෙත් නෑ. මිනිස්සුන්ගේ දේපළ කඩලා බිඳලා විනාශ කරලා දේශපාලන ක්‍රම හදන්න බෑ. දේශපාලන ක්‍රමය හැදෙන්න ඕනේ එතැනින්මයි. ඒ කියන්නේ මේ කඩලා බිඳලා දාන එක, අනෙකාට රිදවන එක, ගහන බණින එක තමයි ලංකාවේ දේශපාලන ක්‍රමයේ වෙනස විය යුත්තේ.

හැබැයි දැන් අර කඩපු බිඳපු ගෙවල්වලට මොකද වෙලා තියෙන්නේ? ඒවා කඩලා බිඳලා නටබුන් වෙලා. දේශපාලකයෝ අඬමින් දොඩමින් විලාප තියමින් අපේ දේවල් ඉවරයි, අපි හොරකම් කරපු සල්ලි තමයි ඒවා කියලා කියනවද? නෑ නේද? දැන් ඒ ගෙවල් දොරවල් හදන්න විශාල මුදලක් වෙන් කරලා ඉවරයි. සමහර ඒවා හදන්න පටන් අරගෙනත් ඉවරයි. මේ වියදම් කරපු සල්ලි කාගෙද? ඒ සල්ලි ඔයාගෙ. ඒ සල්ලි මගේ. ඒ සල්ලි අපේ. අපේ සල්ලිවලින් දැන් එයාලගෙ ගෙවල් හදනවා. අපේ මිනිස්සු ගිහිල්ලා කඩලා බිඳලා විනාශ කළාට පස්සේ ඒගොල්ලන්ට හෙට ලැබෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ගෙවල්. අලුත් ගෙවල්. කිරි ටොයියා ගෙවල්. කුණු බිඳක් නැති ගෙවල්. කැඩුණු බිඳුණු තැන් නැති ගෙවල්. ලස්සන ගෙවල්. අනේ ෂෝක්… එහෙම තමයි වෙන්න ඕනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඉල්ලගෙන කෑවා වගේ හැඟීමක් තියෙනවා නම් තේරුම් අරගන්න ආයෙත් දේශපාලනය වෙනස් කරන්න ඒ වගේ වැඩ කරන්න එපා. දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඉතා පහසු දවසක් අපට එනවා. අවුරුදු 50කින් 60කින් 70කින් 80කින් 100කින් 500කින් නෙවෙයි, අවුරුදු 5කින් 6කින් අනිවාර්යයෙන්ම එනවා. ඉතින් ඒ පහ හය ආවට පස්සේ මොළේ කල්පනා කරලා මිනිස්සු විදියට හිතලා රට තොට ගැන හිතලා තමන් ගැන හිතලා දරුමල්ලො ගැන හිතලා දේශපාලකයෝ වැරැදි නම්, නරක නම්, හොරු නම්, වංචාකාරයෝ නම්, මහ පොළොව විනාශ කරනවා නම්, මේ රට විනාශ කරපු එවුන් නම්, පරම්පරාගත දේශපාලකයෝ කාලයක් තිස්සේ කරපු දෙයක් නැත්නම් ඒ මිනිස්සුන්ව ආයෙත් පාර්ලිමේන්තු එවන්න එපා.

එහෙම කිව්වේ ඇයි දන්නවද? ආයෙත් පරණ දේශපාලකයෝම අලුත් මුහුණුවලින් කරළියට ඇවිල්ලා. දැන් තැනින් තැන රැස්වීම් තියනවා. සමහරු වේදිකාවල අඬනවා. උදාහරණයක් තමයි කළුතර රැස්වීම. රෝහිත අබේගුණවර්ධන මහත්තයා වේදිකාවේ ඇඬුවා. ඇඬුවා නෙවෙයි ඇඬුණා. සමහර කඳුළු අවංක ඇති. ඒත් සමහර කඳුළුවලට අපි කියන්නේ කිඹුල් කඳුළු කියලා. අඬන්න තරම් දෙයක් ඒ මහත්තුරුන්ට වෙලා නෑ. අඬනවා නම් අඬන්න ඕනෙ අපි. කන්න බොන්න දෙයක් නැති වෙනකොට, සෙරෙප්පු දෙක රුපියල් දෙදාහ වෙනකොට, පාන් ගෙඩිය, හාල් කිලෝ එක හිතාගන්න බැරි තරම් මිල වෙනකොට, ගෑස් සිලින්ඩරේ හැංගිමුත්තන් සෙල්ලම් කරනකොට, අඩු වෙනවා කියලා බලන් ඉඳිද්දී වැඩි වෙනකොට, තෙල් ටික තවමත් හරි විදියට දීගන්න බැරි වෙනකොට, තෙල් කෝටාව මිනිස්සුන්ට මදි වෙනකොට, ගමන් බිමන් සීමා කරන්න සිද්ධ වෙනකොට, අපේ හීන අපිම බොඳ කරගන්නකොට අපි අඬන්නෙ නැතිව ඉවසගෙන හිටියට, ඒගොල්ලෝ අපට පේන්න අඬනවා. එතකොට අපට දුක හිතෙනවා කියලා ඒගොල්ලෝ දන්නවා.

පහුගිය දවසක නාමල් රාජපක්ෂ මහත්තයා අපි දැක්කා ආයෙත් පරණ පුරුදු විදියටම අලුත් පාරක වෙන ගමනක් යනවා. හැබැයි ඒ ගමන පරණ ගමනම තමයි. මේවට අපි කියන්නේ අලුත් බෝතලේ පරණ වයින් කියලා. පරණ වයින් කොලිටියි. ඒ නිසා අලුත් බෝතලයකට දැම්මට ප්‍රශ්නයක් නෑ. ඒත් මේක බඩු කොලිටි නැත්නම් බෝතලේ කොච්චර කොලිටි වුණත් වැඩක් නෑ. ඒගොල්ලෝ ගැබිනි මවුවරුන් සඳහා දැන් පෝෂණ මලු බෙදනවා. ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් බෙදන එක කොයි තරම් අසාර්ථක ව්‍යාපෘතියක් බවට ගිය ආණ්ඩුව පත් කළාද කියන එක ගැන අපි සාක්ෂිකාරයෝ. තාමත් ගැබිනි මවුවරු ඉන්නේ පෝෂණ මල්ලට දුන්නු රිසිට් එක ගෙදර තියාගෙන.

එහෙම පෝෂණ මල්ලට දුන්නු රිසිට් එක කඩේකට ගිහින් පෙන්නුවාම ඒ මිනිස්සු බඩු අරගෙන එළියට එනකොට පෝෂණ මල්ලට බඩු දෙන්න එපා කියලා ඒ.ජී.ඕ. ඔෆිස් එකෙන් කිව්වා කියලා කියනවා ලියුම්කරුගේ කනට ඇහිලා තියෙනවා. ඒ මනුස්සයගේ ඇස්වල කඳුළු පිරෙන හැටි මම දැක්කා. ඇයි, රුපියල් 2000ක බඩු අරගෙන රුපියල් 200ක්වත් අතේ නැතුව ඒ බඩු ටික තියලා අමාරුවෙන් ආපහු ගිය හැටි ලියුම්කරු දැක්කා. එහෙම කරපු ආණ්ඩුවක් දැන් ප්‍රසිද්ධියට බඩු බෙදනවා. මේක තමයි කොහොමත් මේ ආණ්ඩුවල තියෙන ක්‍රමය.

මහින්දානන්ද මහත්තයත් අපි දැක්කා ලස්සනට කෝපි එකක් බොනවා කොහේදෝ මන්දා කඩපිලක බිම ඉඳගෙන. වතුකරේට ගැළපෙනම ක්‍රමයකට. ඒ මිනිස්සුත් එක්ක, අන්නා ආවන්නා කියලා, ආවඩා ආයුබෝ කියලා, කඩඋලේ කියලා, දෙයියන්ගේ පිහිටයි ගිහින් එන්නම් කියලා පාර්ලිමේන්තු ආපු කට්ටිය ආයෙත් දකින්න හම්බවුණේ නැති වුණාට ඡන්දයක් ළං වෙද්දී සරම් කැහැපොට ගහගෙන උන්දැලා බහිනවා ආයෙත් ගමට නගරෙට. ඒකට ශ්‍රී ලංකා, යූ.ඇන්.පී., සජබය කියලා වෙනසක් නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයත් අපි දැක්කා ඔය වගේ රට වටේ යනවා. මේ දේශපාලනය කියලා කියන්නේ කාගෙත් දේශපාලනය. කවුරුත් දේශපාලනයේදී කරන්න හදන්නේ තමන්ගේ ගොඩ වඩාගන්න එක, බඩ ලොකු කරගන්න එකම තමයි. ඒ වුණාට අප්‍රසන්න බවට පත්වෙච්ච, ප්‍රතික්ෂේප වෙච්ච දේශපාලකයෝ ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ කියලා සූර පප්පා එකේ වගේ දැන් පප්පලා ටික එළියට බැහැලා. ඒක නිසා තව කතන්දර තියෙනවා ඕනෙ තරම් කියනවා නම්. ගෙවල්වලට මුල්ගල තියනවා, අපේ රටේ ලොකු දේශපාලකයෝ ලොකු ගෙවල්වලට යනවා.

පොඩි දේශපාලකයෝ පොඩියට පටන් ගන්නවා. ලොකුවට පටන් අරන් පොඩියට ඉවර කළත්, පොඩියට පටන් අරගෙන ලොකුවට ඉවර කළත් දේශපාලනය කියලා කියන්නේ එකම එකක්. ඒක නිසා දේශපාලනය අනතුරුදායකයි. පරිස්සමෙන් පරිහරණය කරන්න කියලා අපි ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. අපේ ඡන්දදායකයන් වැරැදි මිනිහා පාර්ලිමේන්තු යවලා වැරැදි මිනිහා මැතිසබේට යවලා වැරැදි මිනිහා රජකරලා ආයෙත් ගෝල්ෆේස් එකට එන්න හිතන්න එපා. පාරවල් ගානේ අරගල කරනවට වඩා හරි පහසුයි හරි මිනිහව පාර්ලිමේන්තු යවන එක. කොහොම කළත් අරගලයකදී අපටමයි හානි වෙන්නේ. අපේ මිනිස්සුමයි හිරේ යන්නේ.

අපේ මිනිස්සුමයි ගුටි කන්නේ. අපේ මිනිස්සුන්ටමයි රිදෙන්නේ. අපේ පාරවල්මයි වැහෙන්නේ. අපේ මිනිස්සුන්ටමයි පාර බ්ලොක් වෙන්නේ. අපේ මිනිස්සුන්ටමයි ගෙදර යන්න බැරි වෙන්නේ. ඒගොල්ලන්ට නෙවෙයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බංකර්වල හැංගි හැංගි ටික දවසක් ජීවත් වෙනවා. ඒක ඒගොල්න්ට වෙනම ආතල් එකක්. චීන වරායේ දූපතකට වෙලා හිටපු මහින්ද මහත්තයා දැන් නිදැල්ලේ හැසිරෙන ආකාරය අපි දකිනවා. කවුරුත් හිතුවේ නෑ එහෙම වෙයි කියලා. දේශපාලනය කියන්නෙම ඉන්ද්‍රජාලික වැඩක්. නොහිතන දේවල් සිදුවෙන වැඩක්. හැබැයි මතක තියාගන්න ඉන්ද්‍රජාල කියන්නේ ඇස්බැන්දුමක්. ඔවුන් දක්ෂ නෑ. රැවැටෙන්නේ අපේ ඇස්. අපේ ඇස් දක්ෂ නම් හොරු අල්ලගන්න ලේසියි. හොරු අල්ලගත්තට වැඩක් නෑ, හොරුන්ගෙ චාටු කතාවලට රැවැටිලා හොරු නිදහස් කරලා යවනවා නම්. හොරු අල්ලලා බැඳලා තියලා හොරුන්ව පොලීසිය අරන් ගිහිල්ලා උසාවි දාලා නිදහස් වෙලා ආවට පස්සේ පාර්ලිමේන්තු යවන ලංකාවේ දේශපාලනය ඉවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආණ්ඩුවට ඇක්ෂන් ප්ලෑන් එකක් නෑ! රනිල්ගේ අයවැයට මුල්ම ප්‍රහාරය යහපාලන ආණ්ඩුවේ හිටපු ආර්ථික උපදේශක ආචාර්ය ද මෙල්‌ගෙන්! (VIDEO)

Next Post

ලෝකෙම ඉස්සරහ අපේ රෙදි ගලවපු ඉන්ටර්නැෂනල් කම්බා හොරු…

MORE NEWS

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News
Astrology

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News
Exclusive

රත්තරන් තුවක්කුව දුමින්දට යළි පත්තු වෙයි! I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා තම මිතුරන් කණ්ඩායමක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 23ක මුදලක් ලංකාවට එවීමට උත්සාහ දැරූ...

Read more
පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.