• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙම ඉස්සරහ අපේ රෙදි ගලවපු ඉන්ටර්නැෂනල් කම්බා හොරු…

November 14, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ලෝකෙම ඉස්සරහ අපේ රෙදි ගලවපු ඉන්ටර්නැෂනල් කම්බා හොරු…
Share on WhatsAppShare on Facebook

අපි පහුගිය සතියේ හොරු ගැන කිව්වා. හොරු ගැන ලියද්දී අපි කිව්වා විජය කුමාරයා ලංකාවට එන්නේ ඔහු හොරෙක් නිසා සහ ඔහුගේ චර්යාවන් පිළිබඳ ප්‍රශ්නයක් නිසා බව. චර්යාවන් පිළිබඳ ප්‍රශ්නයක් තිබිච්ච විජය කුමාරයා ලංකාවට එවන්නේ තව 700ක පිරිසකුත් එක්ක. ඒ 700 දෙනාම ඉතා ගුණයහපත්, සිල් රකින, බණ භාවනා කරන, තෙල් මල් හඳුන්කූරු පූජා කරන, පන්සල් යන පිරිසක් වෙන්න බෑනේ. ඒගොල්ලොත් විජය කුමාරයාගේ ජාතියෙම ඒ වර්ගෙම බඩු වෙන්න ඕනෙ. ඒක නිසා හොරු 700ක් එක්ක ලංකාවට ආපු විජය කුමාරයාගෙන් අපි ජනාවාස වෙන්න පටන් අරගෙන නගර ගම් නියම්ගම් හදාගෙන ගොවිතැන් බත් සරුසාර කරගෙන අපේ පරම්පරාව බිහි කළා කියලා කියනවා. මේ කතන්දරය ඔප්පු කරන තව සාක්ෂි කිහිපයක් පහුගිය දවසක ලංකාවේ ඉතිරි වුණා. මේවා ලෝකයට අපේ මනුස්සකම සහ අපේ ගුණයහපත්කම පිළිබඳ අපූරු ආරංචි බවට පත් වේවි.

ඒකට හේතුව වෙන්නේ රටක් විදියට අපේ රටේ පාලකයෝ ප්‍රසිද්ධියේ හොරකම් කරන බව බොහෝ විට ලෝකය දැනගත්තට පස්සේ හොරුන්ගේ කැරැට්ටුව ගැන ලෝකයට අපේ මිනිස්සුම කිව්වට පස්සේ හොරකම් කරන නිසා හොරමැර ජඩ වැඩ නිසා පාලකයන්ට ගෙදර යන්න වුණාට පස්සේ මොකක්ද මේ ඒ පාර සිද්ධ වෙච්ච දේ? ඉන් එකක් තමයි ඇමෙරිකානු එම්බසියේ රාජකාරියේ නියුතුව ඉන්න කාන්තාවකගේ මුදල් පසුම්බියක් පහුගිය දවසක අපේ රටේදී හොරකම් කරලා තිබුණා. මේ හොරකමත් එක්ක අපේ රට ඉතා විශාල අපවාදයකට ලක්වුණු බව සඳහන් වුණා. ඒකට හේතුව වෙන්නේ තානාපති සේවයට පැමිණෙන නිලධාරීන්ට ආරක්ෂාව දෙන්නවත් අපට බැරි නම් අපි කොහොමද අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ආරක්ෂාව දෙන්නේ කියලා ප්‍රශ්න කරන තැනකට රට ඇවිල්ලා තියෙන හින්දා. ඉන් පස්සේ තවත් සිදුවීමක් හදිසියේම වාර්තා වෙනවා. මේ සිදුවීම වාර්තා වෙන්නෙත් තානාපති කාර්යාලයක් පැත්තකින් හින්දා මේ සිදුවීමේ තියෙන අප්‍රසන්න බව තවත් වැඩියි. මේක සිදුවෙන්නේ තායිලන්ත තානාපති කාර්යාලයට අදාළව. තායිලන්ත තානාපතිගේ නිවෙසට පැනලා ලක්ෂ 03ක බඩුමුට්ටු හොරකම් කරලා කියලා ඔන්න ඒපාර කියැවුණා. එතකොට තානාපතිවරයකු සහ තානාපති සේවයේ නිලධාරිනියකගේ මුදල් පසුම්බිය සහ දේපළ කොල්ලකනවා නම් යම් රටක, ඒ රටට තමන්ගේ රටේ සේවයට ආපු තානාපති නිලධාරියකුටවත්, අඩුම තරමේ තානාපති කෙනෙකුවත් පරිස්සම් කරන්න බැරි තරම් ඒ රට නන්නත්තාර වෙච්ච, හොරුන්ගෙන් පිරිච්ච රටක් කියලා කිව්වොත් ඒකෙන් සිද්ධ වෙන්නේ අපට අඩම්බරයක් නෙවෙයි, විශාල අවමානයක්. ඒ නිසා මේ අවමානය විඳගෙන සියල්ල ඉවසාගෙන ඉන්න අපට සිදුවෙලා තියෙනවා.

ඇත්තටම සමහර කාලවල ලෝකයේ ඇතැම් රටවල් අපට ණය දෙන්නත් අකැමැති වුණා. ඒකට හේතුව තමයි අපි මේ ණයට දෙන මුදල් පාවිච්චි කරන විදිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. අද වෙද්දී ලංකාවේ මාර්ග පද්ධතියෙන් 80%ක් අඩුම තරමේ භාගයක්වත් කැඩිලා. යන්න පුළුවන් මාර්ග තියෙනවා නම් තියෙන්නේ ඉතා අතළොස්සයි. අධිවේගී මාර්ගවල යන එක සාමාන්‍ය මාර්ගවල යනවාටත් වඩා අමාරුයි. මොකද හේතුව මේවායේ ඇතිවෙච්ච අක්‍රමිකතා එහෙම නැත්නම් මේවා හදද්දී වැලි ලොරියේ, සිමෙන්ති කොට්ටේ ඉඳලා සියලු දේවලින් මුදල් ගහගත්ත හින්දා කියලා තමයි දන්නා අය කියන්නේ. ඒ වගේම නෙලුම් කුලුනේ සිට මහබැංකු හොරකම දක්වා සියල්ලම හොර මැර වංචාවලින් පිරිච්ච දේශපාලනික සෙප්පඩවිජ්ජාවලට අදාළ වෙච්ච දේවල් කියලයි අපට අහන්න ලැබෙන්නේ. ඒ වගේම අපට අහන්න ලැබෙන දේවල් විශ්වාස කරන්න හිතෙන්නෙත් අපේ රටේ කට්ටියගෙ කැරැට්ටුව අපි දන්න හින්දා. හැබැයි මේ වෙලාවේ තානාපති සේවයේ ඉන්න නිලධාරීන්ගෙ දේපළ කොල්ල කාලා ඔවුන්ට මේ රටේ ඉන්න හිතෙන්නේ නැති තැනට පත් කළොත් තවත් තානාපති කාර්යාල දෙක තුනක් අපේ රටට අහිමි වෙලා යයි. එහෙම වුණොත් ඔය රටවල් දෙක තුනටත් වීසා ගන්න අපට ආයෙත් ප්ලේන් එකක නැගලා ඉන්දියාවට යන්න වෙන තැනට ප්‍රශ්නය දරුණු වෙන්න පුළුවන්. ඒක නිසා ලෝකයේ මනුස්සකමින් පිරිච්ච රටක් වෙච්ච ලංකාව වැඩිම හොරු ඉන්න විදේශිකයන්ව මංකොල්ල කන විදේශිකයන්ගේ දේවල් පැහැරගන්න රටක් බවට කවුරු හරි කෙනෙක් ඔප්පු කළොත් ඒකෙන් හානි වෙන්නේ අපේ රටට, අපේ සංචාරක කර්මාන්තයට, අපි හදාගත්තු නමට කියන එක අමතක කරන්න එපා.

කොහොමත් මේ කාලේ හොර මැරකම් වැඩියි. අද වෙනකොට මාල කැඩිල්ල සම්පූර්ණයෙන්ම විලාසිතාවක් බවට පත්වෙලා ඉවරයි. සාමාන්‍යයෙන් මේ ලිපිය කියවන ඔබට ඔබේ හිතවතෙකුගේ, ඔබ දන්න කෙනකුගේ මාලයක් කඩපු එක සම්බන්ධ කතාවක් අහන්න ලැබිලා නැත්නම් ඒක ඉතා දුර්ලභ කතාවක්. ඒ වගේම ඔබේ නිවෙසට යන පාර මොන වගේ පාරක් වුණත් ඒ පාරේ අඩුම තරමේ එක මාලයක්වත් මේ වෙනකොට කඩලා ඇති. මාල කඩන්න ගිහිල්ලා මිනිස්සු කී දෙනෙක් මරලා දැම්මද? හොරකම් කරන්න ගිහිල්ලා මිනිස්සු කී දෙනෙක් මරලා දැම්මද? කන කපාගෙන රත්තරන් බඩු හොරකම් කරගෙන ගිය අවස්ථා ලංකාවේ තිබුණා. ඒ නිසා ලංකාවෙ හොරකම් මැරකම් වැඩි වෙලයි තියෙන්නේ. මේ හොරකම් වැඩි වෙන්න පවතින රජය වැරැදියි කියලා කියනවා නෙවෙයි. පවතින පාලකයෝ හොඳ නෑ කියලා කියනවා නෙවෙයි. නමුත් අපේ රටේ තියෙන ආර්ථික රටාවත් ඒකට සමහර විට හේතු වෙලා ඇති කියලා අපට හිතෙනවා. කොහොම නමුත් රටේ හොරකම් වැඩි වෙනකොට ඒ හොරකම් තානාපති කාර්යාලයට, පන්සලට, පල්ලියට, කෝවිලට ඇතුළු වෙන එක නවත්වන්න බෑ. මේ වෙනකොට අපේ රටේ තියෙන්නේ දැඩි අවදානම්කාරී බවක්. ඒක නිසා හැමෝම බොහොම පරිස්සමට වැඩ කරන්න ඕනෙ කියන එක විතරයි ඔබට මතක් කරන්න තියෙන්නේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…

Next Post

කඳු හතක් මැද හැදූ ලංකාවේ පළමු තරු හතේ හෝටලය උඩිස්පත්තුවේ ‘අවියානා’…

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.