ආණ්ඩුවට ආර්ථිකය ගොඩගැනීම සදහා ක්‍රියාකාරී සැලැස්මක් නොමැති බව ආචාර්ය නිශාන් ද මෙල් මහතා සදහන් කළේය.
පසුගිය වසර 10ක් 15ක් පුරා එවැනි ක්‍රියාකාරී සැලැස්මක් රටට නොමැති බව ඒ මහතා කීය.
තවමත් රටට එවැන්නක් නොමැති බව කී ඒ මහතා රට යහපත් දිශානතියකට ගෙන යාමට එවැනි සැලැස්මක් අත්‍යවශ්‍ය බවද කීය.
ආචාර්ය නිශාන්ද මෙල් මහතා ඉකුත් යහපාලන රජය සමයේ ආණ්ඩුවට සම්බන්ධව කටයුතු කළ ආර්ථික උපදේශකවරයෙකි.