‘‘ඒ වගේම මෙවර පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව තුළට අලුත් මුහුණු පැමිණීම පිළිබඳව කිසිදු ගැටළුවක් නැහැ. නමුත් පාර්ලිමේන්තුව තුළට පැමිණීමට නියමිතව සිටින අලුත් මුහුණු පිළිබඳව සොයා බැලිය යුතුයි. ඒ වගේම ඔවුන්ට පලපුරුද්දක් තිබිය යුතුයි. නමුත් ඒ පළපුරුද්ද දේශපාලනය පලපුරුද්ද නෙවෙයි. පාර්ලිමේන්තුවට ගිය බොහෝ දෙනෙක් සිදුකර තිබෙන්නේ දේශපාලනය පමණයි. ඒ පළපුරුද්දෙන් කිසිදු වැඩක් නැහැ. පාර්ලිමේන්තුවට පැමිණෙන නවකයින් රැකියාවක් කරලා තිබෙන , යම්කිසි වෘත්තියක නියැළී සිටින , නැත්නම් උසස් අධ්‍යාපනයක් ලබා තිබෙන , එවැනි පලපුරුද්දක් තිබෙන පිරිස් තමයි පාර්ලිමේන්තුවට පැමිණිය යුත්තේ. එවැනි ප්‍රායෝගික පළපුරුද්දක් නොමැති පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරා පත් නොකර ගන්නයි ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ප්‍රායෝගික පලපුරුද්ද අත්‍යවශ්‍යම කාරණයක්. පළපුරුද්ද නැති පිරිස් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පාර්ලිමේන්තුව තුළදී සුදුස්සාට සුදුසු තැන නොලැබී යනවා. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ විශාල ගැටලු ඇතිවීමට ඉඩ තිබෙනවා. එය රටේ ඉදිරි ගමනටත් බලපෑමක්.
ඒ වගේම රාජ්‍ය සේවයේ පළපුරුද්ද තිබෙන සේවකයන් සිටිනවා. රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම ස්වාධීන කළ යුතුයි කියන මතය තමයි සමගි ජන බලවේගය සිටින්නේ. රාජ්‍ය සේවයට දේශපාලන අතපෙවීම් සිදු නොවුනාම සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට පත් කරගත යුත්තේ දේශපාලකයින්ට අවනත පිරිස් බව ඇතැම් අයගේ මතයක් තිබෙනවා. එවැනි මතවලින් අපි ඈත් විය යුතුයි. ඇතැම් දේශපාලන පක්ෂ ද රාජ්‍ය සේවය යට කරගෙන ඔවුන්ට අවශ්‍ය දේවල් ඉටු කිරීමට කටයුතු කරනවා. ඒ නිසා රාජ්‍ය සේවය ස්වාධීන කළ යුතුයි. ‘‘
Sri Lanka Latest News








