හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේදී තායිලන්තය බලා පිටත්ව යාමට සැලසුම් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කොට ඇත.
ADVERTISEMENT
ජන අරගල හේතුවෙන් පසුගිය 14 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින හරහා සිංගප්පූරුවට පළා ගිය අතර වතාවක් වීසා පහසුකම දීර්ඝ කර ගැනීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක සිංගප්පූරු බලධාරීන්ට කතා කොට වීසා පහසුකම් දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කර තිබූ බවද මාධ්‍ය වාර්තා කොට තිබිණ.