• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇත්ත කිව්වේ ටිරාන්ද? කිරිඇල්ලද? Sri Lanka Latest News

May 13, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

VFS වීසා සම්බන්ධ ගැටලුව පිළිබඳ පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ නියෝජිතයන් අතර උණුසුම් වාද විවාද සිදුවිය. එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර ඇතිවූ මත ගැටුම පහත පළවේ. (Sri Lanka Latest News)

පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල
මට රීති ප්‍රශ්නයක් මතුකරන්න තියෙනවා. ඔබතුමාට මතක ඇති පසුගිය සතියේ සංවාදයක් ඇතිවුණා මේ පුද්ගලයන් අපේ රටට ඇතුළු වෙනකොට කරන අයකිරීම ගැන. ඔබතුමානේ මූලාසනේ හිටියේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට ඒකට උත්තරයක් දුන්නා අපේ ගරු ටිරාන් අලස් මැතිතුමා. එතුමා කිව්වා පාර්ලිමේන්තුවෙන් අනුමත කෙරුවා කියලා මේ සියලු අයකිරීම්. නිලධාරිනුත් ඒක කිව්වා පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා තියෙනවා කියලා. නමුත් මම බැලුවා මේ ඉදිරිපත් කරලා තියෙන ගැසට් එක. ඒ ගැසට් එකේ තියෙන්නේ ගරු සභානායකතුමනි, ඔබතුමා නීතිඥවරයෙක් නිසා මම කියන්නේ. වීසා ගාස්තු වැඩිකිරීම අනුමත කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. VFS ගාස්තු අනුමත කරලා නෑ. මේ වීසා ගාස්තු වැඩිකරන එකට මේ VFS එකක් රිංගවලා. මම කියවන්නම් ඒක. ඔබතුමා බලන්න ගැසට් එක. ඒ ගැසට් එකේ තියෙන්නේ වීසා ගැන විතරයි. මේකේ හැම වගන්තියකම තියෙන්නේ වීසා කියලා. එතකොට වීසා ගාස්තුව වෙන එකක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. VFS එක වෙනයි. මේ අනුමත කෙරුවා කියන ගැසට් එකේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි VFS ගාස්තු අනුමත කරලා නෑ. ඒක වෙනමම අනුමත කරන්න ඕනේ. වෙනම බද්දක් ගෙනල්ලා. කෙනෙක් ලංකාවට එනකොට මෙහෙම තියෙනවා.Visa cost 0. මම හිතන්නේ මේක ඉන්දියාවෙන් එන්න ඇත්තේ. Service fee $18. Convenience fee $3. Total $21. එතකොට තව ඩොලර් 20ක් 21ක් අයකරනවා VFS ගාස්තු කියලා. මේක අනුමත කරලා නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම හිතන්නේ නෑ එතුමා මේක හිතාමතා කෙරුවා කියලා. නමුත් එදා මම මතකයෙන් කිව්වා අපි නොවැම්බර් මාසේ මේ සියල්ල අනුමත කෙරුවේ නෑ කියලා. මම එදා මේක මතුකළාට පස්සේ අපි අදාළ ලිපිගොනු බැලුවාම වීසා ගාස්තු වැඩිකිරීම අනුමත කරලා තියෙනවා. VFS ගාස්තු අනුමත කරලා නෑ. මෙතුමාගේ මේ කතාවට VFS එක රිංගවලා. වීසා ගාස්තු වැඩිකරන මුවාවෙන් VFS ගාස්තුවකුත් නීති විරෝධී ලෙස ඇතුළත් කරලා.

අමාත්‍ය ටිරාන් අලස්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඉල්ලා සිටිනවා කරුණාකරලා එදා හැන්සාඩ් එක බලන්න. එදා සාකච්ඡාව තිබ්බේ වීසා ගාස්තුව වැඩිකරන එක ගැන පමණයි. ඒක මම තේරුම් කරලා කිව්වා අහවල් දවසේ කැබිනට් ගියා, උපදේශක කාරකසභාවට ගියා, පාර්ලිමේන්තුවට ඇවිල්ලා අනුමත වුණා කියලා නොවැම්බර් 23 වැනිදා. කරුණාකරලා එදා හැන්සාඩ් එක අරගෙන බලන්න මම කියලා තියෙන එක. VFS එකක් ගැන කතා කෙරුවෙත් නෑ, VFS එකේ එක පාර්ලිමේන්තුවට ගෙනාවෙත් නෑ. VFS ඇග්‍රිමන්ට් එක ගියේ කැබිනට් එකට ඉස්සෙල්ලා ගිහිල්ලා ඒකෙන් කමිටුවක් පත්කරලා, මාස 3ක් තිස්සේ ඒ කමිටුව රැස්වෙලා ඒක අධ්‍යයනය කරලා, නැවත කැබිනට් එකට ගිහිල්ලා අනුමත කරපු එකක් VFS එක. VFS එකක් පාර්ලිමේන්තුවට ගෙනාවා කියලාවත් මම කිව්වේ නෑ. එදා අපි කතා කළේ වීසා ගාස්තුව වැඩිවෙච්ච එක. වීසා ගාස්තුව වැඩිවෙච්ච එක ඒ වීසා කැටගරීස් 17ක් අලුතෙන් ගෙනල්ලා ඒක තමයි කැබිනට්ටුවට ගිහිල්ලා ගෙනාවේ. කරුණාකරලා හැන්සාඩ් එක බලන්න. හැන්සාඩ් එකේ තියෙනවා බොහොම පැහැදිලිව මම කියපු දේ.

පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා ළඟ තියෙනවා හැන්සාඩ් එක. හැන්සාඩ් එකේ තියෙන්නේ වීසා ෆී විතරයි. එතකොට VFS චාජර්ස් කොහොමද කැබිනට් එකේ අනුමත කරන්නේ? VFS චාජර්ස් කියන්නේ වෙන ගෙවීමක්. මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. කැබිනට් තීරණයෙන් VFS චාජර්ස් අයකරන්න බෑ. මේක සම්පූර්ණ පාර්ලිමේන්තුව නොමඟ ඇරලා තියෙනවා.

අමාත්‍ය ටිරාන් අලස්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුව නොමඟ යැව්වේ නෑ, පාර්ලිමේන්තුවට එදා කියපු දේමයි මම අදත් කියන්නේ. අපි වීසා ගාස්තු, රජයේ වීසා ගාස්තු වැඩිකරපු එක තමයි මම ඉස්සෙල්ලා කියපු විදියට කැබිනට් ගිහිල්ලා උපදේශක කාරකසභාවට ගිහිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒක නොවැම්බර් 23 වැනිදා වැඩිවුණේ. නමුත් VFS proposal එක අපි පාර්ලිමේන්තුවට දාලා තියෙනවා. ප්‍රසම්පාදන මාර්ගෝපශක සංග්‍රහය ගැන කතා කෙරුවා. ඒකේ තියෙනවා කළ හැකි දේ, කළ යුතුදේ. ඒ අනුව proposal එකක් ඇවිල්ලා proposal එකක් කැබිනට් එකට දාලා, කැබිනට් එකෙන් කමිටුවක් පත්කරලා, ඒ කමිටුවෙන් ඒක අධ්‍යයනය කරලා, නැවත කැබිනට්ටුවට ගිහිල්ලා එහෙම තමයි ඒක සම්මත වෙලා තියෙන්නේ. ඒක අපි පාර්ලිමේන්තුවට ගේන්න කිසිම අවශ්‍යතාවක් නෑ.

පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල
එතුමා ගියසැරේ කතාකරනකොට කිව්වා, එතුමාගේ කතාවේ VFSඑක ගැන ඔබතුමා සඳහන් කෙරුවා. අපේ මහලේකම්තුමිය, ගෙන්වන්න හැන්සාඩ් එක. ගියසැරේ එතුමාගේ කතාව හැන්සාඩ් එක ගෙන්වන්න. මෙතුමා ගියසැරේ කතාව කරනකොට වීසා ෆී කියලා VFS එක ගැනත් කතාකෙරුවා. මම ඔබතුමාට අභියෝග කරනවා. ගෙන්නන්න හැන්සාඩ් එක.

අමාත්‍ය ටිරාන් අලස්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක තමයි මම මුලින්ම කිව්වේ, හැන්සාඩ් එක ගෙනල්ලා, හැන්සාඩ් එක බලලා ඊට පස්සේ අපි මේ ගැන කතාකරමු. මොකද මම දන්නවා හරියටම මම මොකක්ද කියලා.

පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල
මෙතුමා ගියසැරේ කරපු කතාව දැන් මට ලැබුණා. මෙතුමා වීසා වැඩිකිරීමට VFS එක රිංගවපු හැටි. අහගෙන ඉන්න කරුණාකරලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකයේ රටවල් 64ක් මේ VFS කියන ආයතනය පාවිච්චි කරනවා. මෙයා කියන්නේ. තමන්ගේ වීසා කටයුතුවලදී. ඒකට එකම හේතුව මෙයයි. අපට තිබුණා ETA කියලා සිස්ටම් එකක්. ETA සිස්ටම් එක ගිහිල්ලා ලංකාවට එන්න වීසා එකට යම්කිසි කෙනෙක් තොරතුරු ඇතුළත් කළාම ෆේක් ඒවා ගොඩක් එන්න පටන්ගත්තා. ඒ කියන්නේ ඒක එතරම් ආරක්ෂිත නැති නිසා සමහර මිනිස්සු ඩොලර් 50 වීසා එකට ඩොලර් 80, 90 ගෙවලත් එන තත්ත්වයට පත්වුණා. එවැනි මුදලක් ගෙවලා ලංකාවට එනකොට එහෙම වීසා එකක් නෑ. නමුත් ඒ මනුස්සයා වීසා එකක් අරගෙන තියෙනවා. ඒකේ Authenticity එකක් නැති නිසා තමයි VFS කියන ලෝක ප්‍රසිද්ධ ආයතනයක් ඒක භාරගත්තේ. මෙතුමා කියන්නේ. එතකොට ඒ ඩොලර් 18යි 50ක් ලංකා රජයට එන්නෙත් නෑ. ඒ මුදල වීසා සෙන්ටර් එකට තමයි යන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවුරුද්දකට මිලියන 2ක් සංචාරකයෝ එනවා. දළ වශයෙන් $20 ගණනය කළොත් අවුරුද්දකට එනවා 40 Million American Dollars. එතකොට මේකෙන් එනවා අපේ රාජිත මැතිතුමා කියනවා 400 Million Dollars කියලා. එතකොට මේ ඡන්ද කාලේ මේ වගේ මුදලක් රැස්කරන්නේ ආණ්ඩුවේ මැතිවරණ තක්කඩි වැඩවලට. ඒක තමයි හේතුව. සභානායකතුමා මේක හිනාවෙන එකක් නෙවෙයි. VFS ගාස්තුව අනුමත කරලා නෑ.

අමාත්‍ය ටිරාන් අලස්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම නැවතත් කියන්නේ මෙතුමා දැන් කියවපු එකේ කොතැනකවත් මම කියලා තියෙනවද VFS එකේ proposal එක පාර්ලිමේන්තුවේ අනුමත කෙරුවා කියලා? නෑ. මේ VFS එක ගැන කතාකරපු වෙලාවේ කියපු කතාවයි මේ කියවන්නේ. මම කියන්නේ කරුණාකරලා හැන්සාඩ් එක අරගෙන මම දින දුන්නා, කවදද සම්මත කෙරුවේ, ඒ ටික බලන්න. ඒ ටිකේ තියෙන්නේ අපි වීසා ගණන් වැඩිකරපු එක. ඩොලර් 50, 75 කරපු එක 75, 100 කරපු එක. ඒකයි පාර්ලිමේන්තුවේ අනුමත කෙරුවා කියලා තියෙන්නේ. දැන් මෙතුමා කියපු එක වුණත් කොහේවත් මෙතැනදී කියවන්නේ නෑනේ මම පාර්ලිමේන්තුවේ අනුමත කෙරුවා කියලා. ඒ VFS එක ගැන කතාකරපු එක.

පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල
එතකොට මෙතුමා දැන් කිව්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවේ නෑ කියලා. එදා මොකක්ද කිව්වේ ගිය සතියේ?

අමාත්‍ය ටිරාන් අලස්
අපිට දැනගන්න ඕනේකම තිබ්බේ ඇත්තටම එයාට ප්‍රශ්නයක් තිබුණද? නැත්නම් වෙන දේශපාලන හස්තයක් තිබුණද මේක පිටිපස්සේ කියලා. ඒ මොකද අපි දන්නවා මොන පක්ෂයක්ද මේකට සම්බන්ධ, ඔක්කොම අපි දන්නවා. මේක කෙරුණේ කොහොමද කියලත් අපි දන්නවා. ඉතින් දැන් මේක වෙන විදියකට මවාපාන්න හදනවා. ඊයේ පොලිසියට ආවාමත් එතැනට ආවා අයයි ඔක්කොම අපි දන්නවා. මම කියන්නේ නෑ අපි මේක දිගින් දිගට ගෙනියනවා කියලා. නමුත් මෙවැනි දෙයක් වුණාම අනිවාර්යයෙන් පොලිසියට ඇක්ෂන් එකක් ගන්න වෙනවා, ප්‍රකාශයක් ගන්න වෙනවා. ඒ දේ තමයි සිදුවුණේ.

පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල
මෙතුමා කිව්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවේ නෑ කියලා. එතුමා ගිය සතියේ කියනවා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුව වෙලාවේ ඇයි විපක්ෂය කතා නොකළේ කියලා. මෙතුමා කියනවා. මේක මට ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවට ගැසට් එක එන්න ඉස්සෙල්ලා ඒ ගැන විපක්ෂයෙන් කතාකරන්න එපායැ. මේ දිව දෙකේ කතානේ. මම ඉල්ලීමක් කරනවා මෙතුමා පාර්ලිමේන්තුව නොමඟ ඇරියා. He misled Parliament. මේ ගැන ඔබතුමා ස්ථාවර නියෝග අනුව පියවරක් ගන්න. එච්චරයි මම කියන්නේ.

අමාත්‍ය ටිරාන් අලස්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාත් ඉල්ලා සිටින්නේ කමිටුවක් හරි පත්කරලා හැන්සාඩ් ඔක්කොම බලලා මම කිව්වේ මොකක්ද කියලා පරීක්ෂා කරලා කරන්න. මොකද මෙතුමාට මහජනයාව නොමඟ යවන්න ඉඩ දෙන්න එපා පාර්ලිමේන්තුව පාවිච්චි කරලා.

අපිත් එක්ක කතා කළේ නෑ…

මේ අතර, ආන්දෝලනයකට තුඩුදී ඇති VFS සමාගම තමන්ගේ අනුදැනුම මත පත්කළ සමාගමක් නොවන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළේය. පහත පළවන්නේ එහිදී අමාත්‍යවරයා පළකළ අදහස්ය.

දෙවැනි එක තමයි ලොකුම ප්‍රශ්නය වුණේ. දවස් 30 වීසා එක අර වෙබ් සයිට් එකේ නොතිබීම. ඒක තමයි ලොකුම ප්‍රශ්නය. ඒක දැක්ක ගමන්ම අපි ඒකට මැදිහත් වෙලා කැබිනට් එකට කතා කරලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. දවස් 30 ඒ තිබ්බ ගණනටම, මේ කැබිනට් පත්‍රිකාව මම ළඟ තියෙනවා. සාර්ක් රටවලට ඩොලර් 35ටත්, සාර්ක් නොවන රටවලටත් ඩොලර් 50ටත් තිබ්බ ගානටම තිබ්බා. දැන් ගැටලුව නිර්මාණය වෙන්නේ කවුද මේ කොම්පැනියක් ඉන්නේ කියලා. ඒකත් මගේ කොම්පැනියක් වගේනේ කතා කරන්නේ. වී.එෆ්.එස්. එක ගැන අමාත්‍යාංශය ගෙන්නලාවත්, අපිට කතාකරලාවත්, අපිත් එක්ක මුකුත් මේ ගැන සාකච්ඡාවක් තිබුණේ නෑ. නමුත් මේක මගේ යටතේ තියෙන එකක් නෙවෙයි. ඒ නිසා ඒ ගැන මගෙන් හෝ සංචාරක අමාත්‍යාංශයෙන් අහන්න ඒගොල්ලන්ට කිසිම වුවමනාවක් තිබිලා නෑ.

SendShareShare
Previous Post

මේක තමයි දෙවැනි මහබැංකු මංකොල්ලය! Sri Lanka Latest News

Next Post

අරගලයේ සෙල්ෆි ගහපු කලාකාරයෝ ගැන ඩොලර් ගෙන්වා ගත්ත කලාකාරයෝ ගැන හැම ආණ්ඩුවකම ඉන්න කලාකාරයෝ ගැන කලාකාරයෙක් වෙච්ච ගිහාන් ප්‍රනාන්දු කතාකරයි! Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.