විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සමගි ජන බලවෙිගයේ රත්මලාන සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කටයුතු කළේය.Sri Lanka Latest News
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල ඇතුළු සෞඛ්‍ය සේවාවේ බරපතළ දූෂණ වංචාවන්ට සම්බන්ධ දේශපාලකයින් සහ නිලධාරීන්ව අධිකරණය හමුවට පමුණුවනතුරු ඒ සම්බන්ධව තොරතුරු අනාවරණය කළේද ඒ මහතාය.
රෝහල් පරිපාලනය, රාජ්‍ය පරිපාලනය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව විද්‍යාපති උපාධි සම්පූර්ණ කර ඇති ඒ මහතා රෝහල් පරිපාලනය පිළිබඳව විශේෂඥ වෛද්‍ය උපාධිය ද ශ්‍රී ලංකාවේදී සම්පූර්ණ කොට ඇත.
සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳව හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ආචාර්ය උපාධිය සම්පූර්ණ කොට ඇති ඒ මහතා සමගි ජන බලවේග ඉදිරි දෙවන පෙළ නායකත්ව කණ්ඩායම නියෝජනය කරයි.










