බදු ගෙවීම් පැහැර හැර ඇති ව්‍යාපාරිකයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවසන් නිවේදන නිකුත් කර තිබේ. Sri Lanka Latest News
ඒ අනුව, රුපියල් බිලියන 100 කට වඩා අඩුවෙන් බදු ගෙවීමට ඇති ව්‍යාපාරිකයන් ඔවුන්ගේ එම නොගෙවූ බදු ඔක්තෝබර් මාසයේ 25 වන දා පෙර ගෙවිය යුතු ය.
නොගෙවූ හිග බදු ප්‍රමාණය රුපියල් බිලියන 100 ට වඩා වැඩි ව්‍යාපාරිකයන්ට, එම බදු මුදල් ගෙවීම සදහා දෙසැම්බර් 25 දක්වා කාලය තිබේ.
ව්‍යාපාරිකයන් විසින් නොගෙවා පැහැර හැර ඇති බදු අතර ප්‍රමුඛතම බදු වර්ගය වී තිබෙන්නේ වැට් බද්දයි. එමෙන්ම හිග බදු ගෙවීමට ඇති ව්‍යාපාරිකයන්ගෙන් අති බහුතරය, ඉහළ බදු ගොනු හිමියන් 1500 දෙනා අතරට අයත් ය.
හිග බදු ගෙවීම සදහා ලබා දී තිබෙන කාලය කිසිසේත් යළි දීර්ඝ නොකරන බව පවසා ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබා දී තිබෙන කාලය තුළ එම බදු නොගෙවන්නේ නම්, ඔවුන්ගේ දේපළ රාජසන්තක කරන බවත්, බැංකු- ගිනුම් අත්හිටුවන බවත් නිවේදනය කර තිබේ.










