• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවැනි ප්‍රහාරයක් කළාද කියන මතය සමාජයේ තියෙනවා! නිරවුල් පරීක්ෂණයක් කරන ලෙස මා උපදෙස් දුන්නා! පාස්කු බෝම්බයෙන් මහා විනාශයක් වෙච්ච කටුවපිටිය දේවස්ථානයට අනුර යයි! යුක්තිය ඉටු කරන බවට යළිත් සහතික වෙයි! I PHOTOS I Sri Lanka Latest News

October 6, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවැනි ප්‍රහාරයක් කළාද කියන මතය සමාජයේ තියෙනවා! නිරවුල් පරීක්ෂණයක් කරන ලෙස මා උපදෙස් දුන්නා! පාස්කු බෝම්බයෙන් මහා විනාශයක් වෙච්ච කටුවපිටිය දේවස්ථානයට අනුර යයි! යුක්තිය ඉටු කරන බවට යළිත් සහතික වෙයි! I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

අද පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.

ජනාධිපතිවරයාගේ සංචාරය සනිටුහන් කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්විණි.

අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවකට එක් වූ අතර පාස්කු ප්‍රහාරයේ වින්දතයින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.

මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වනදා බවත් එම ඛේදවාචකය කාලයේ වැලි තලාවට යටපත් වුවත් එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

පසුගිය ජනාධිපතිවරණ‍යේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාවද ඇතුළත් බව තමා විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මේ රටේ පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා තම අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් බව පැවසූ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම තම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ කටයුතු මේවන විටත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධ පරීක්ෂණය සිදු කළ යුතු වන්නේ පූර්ව නිගමනයකට එළඹ, එම නිගමනය සාර්ථක කර ගැනීම සඳහා සාක්ෂි එකතු කිරීමෙන් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විවෘත මනසකින් හා විවෘතභාවයකින් යුතුව මෙම සිදුවීම පිළිබඳව නිරවුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවද සඳහන් කළේය.

දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවැනි ප්‍රහාරයක් සිදු වීද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතින බවත්, දේශපාලන අරමුණක් වෙනුවෙන් අහිංසක ජීවිත සිය ගණනක් අහිමි කළ හැකි නම් එය විශාල ඛේදවාචකයක් බවත් පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට දේශපාලනය පවතින්නේ එවන් අන්තයක නම් පළමුවෙන්ම එම තත්ත්වය මුළිනුපුටා දැමිය යුතු බව අවධාරණය කළේය.

එවකට පැවති රාජ්‍ය යාන්ත්‍රණය ද මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවාදැයි යන සැකයද සමාජයේ පවතින බවත් එවන් තත්ත්වයක් පවතින්නේ නම් අපේ රට සෑම විටම අනාරක්ෂිත මෙන්ම අතිශය භයානක තත්ත්වයක් තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව දෙවනුව මෙහිදී සිදු වූයේ කුමක්ද යන්න හෙළිදරවු කර ගැනීම වඩා වැදගත් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

තෙවනුව ජීවිත 274කට ආසන්න පිරිසකගේ දිවි අහිමි කළ හා තවත් විශාල පිරිසකට තුවාළ සිදු කළ මෙම ඛේදවාචකයේ වින්දිතයන්ට තම ආදරණීයයන් කෙරෙහි තමන් තුළ පවතින ආදරය හා භක්තිය වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතුව ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

එසේම මෙවැනි ප්‍රහාරයක් හමුවේ සිදු විය හැකි විශාල සමාජ ව්‍යසනය වළක්වා ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් පූජකතුමන්ලාගෙන් ඉටු වූ කාර්යභාරයට නැවත නැවතත් කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

සමාජය තුළ පැවති බැඳීම්, ලෙංගතුබව, විශ්වසනීයත්වය පළුඳු වී අනෙක් ජන කණ්ඩායම් කෙරෙහි ක්‍රෝධයෙන් හා සැකයෙන් බැලීමට සිදු වූවා නම් එය සමාජයේ යහපැවැත්මට විශාල තර්ජනයක් බවත්, සමාජය තුළ ඇති වූ එම තත්ත්වය හේතුවෙන්ද මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ගෙවී ගිය වසර 05 මුළුල්ලේ සෑම අප්‍රේල් 21 වනදාකම මහා මාර්ගයට හෝ මංසන්ධිවලට පැමිණි ජනතාව මුදා හැරියේ වසරක් පුරා ඔවුන්ගේ හදවත්වල පැවති යුක්තිය පිළිබඳ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ ද විසඳුමක් නොලැබුණු බවයි. විපතට පත් වූවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජයයන් කටයුතු කළත් මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන ප්‍රශ්නය ජනතාව තුළ තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙරට ජනතාව තුළ අනුර කුමාර දිසානයක මහතා කෙරෙහි විශ්වාසයක් තිබෙන බවත්, එතුමාගේ අවංකභාවය පිළිබඳව තමන් අගය කරන බවත් පැවසු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම අවංකභාවය සහ ලෙන්ගතුකම ජනතාව හමුවේ ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවත් ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් වැඩිදුරටත් පැවසීය.

කටුවාපිටිය දේවස්ථාන භාර මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා ඇතුළු පාස්කු ප්‍රහාරය වින්ඳිතයන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-10-06

SendShareShare
Previous Post

සජබෙ කොළඹ ඩීල්කාරයොයි බොරු ඔස්තාර්ලයි ඡන්දෙ ඉල්ලන්න බයේ හැංගෙද්දී අවංක හොඳ මිනිස්සු සජිත් ගාවට එන්න පටන් අරන්! ලෝකයේ රට දිනවපු අප්සාරි බටහිර කොළඹට ආවා! මෙන්න බෙහෙත් වංචාව රටට හෙළිකරපු.. කෙහෙළියව හිරේ ඇරපු දොස්තර චමල් සංජීව අද ලලිත් ඇතුළත්මුදලි හිටපු රත්මලානට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

‘ඔබතුමා එනවා කියලා දන්නවා නම් මම එන්නෙත් නෑ! එදා වෙච්ච ප්‍රහාරය නතර කරගන්න තිබුණා! අපිට සාධාරණයක් ඉටු කරන්න නම් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න! ඒ වගේම කරන දෙයක් ෂෝ නැතිව කරන්න!’ පාස්කු ප්‍රහාරයෙන් අම්මයි-තාත්තයි-දරුවයි තුන් දෙනාම නැතිවුණු තාත්තා කෙනෙක් අනුරවත් අසරණ කරමින් අහපු ප්‍රශ්නය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.