පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලබාදී තිබූ තුන්වැනි සේවා දිගුවද අද දිනයෙන් අවසන් වේ.Sri Lanka Latest News
එහෙත් පොලිස්පති ධුරය සඳහා මේ දක්වා කිසිවකුගේ නම් ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත්වී නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
තනතුර සඳහා සාමාන්‍යයෙන් නම් තුනක් යෝජනා කළ යුතුව ඇතත් කිසිදු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම් ඒ සඳහා ඉදිරිපත්වී නොමැති බව වාර්තා වේ.
කෙසේවෙතත් චන්දන වික්‍රමරත්නට තුන්වැනි සේවා දිගුව ලබාදුන් අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව පියවර ගෙන තිබිණ.
ව්‍යවස්ථාදායක සභාව ඊට පෙර ඒකමතිකව ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ වික්‍රමරත්න මහතාගේ නම නැවත වතාවක් පොලිස්පති ධූරයට නිර්දේශ නොකරන්නේ නම් යහපත් බවකි.
ඔහුට ලබාදුන් පළමු හා දෙවැනි සේවා දිගු මාස තුන බැගින්වූ අතර අවසන් සේවා දිගුව සති තුනකට සීමා කර තිබිණි.
කෙසේවෙතත් අද දිනයේ පොලිස්පතිවරයකු පත් නොකළහොත් හෙට දිනට එළිවන්නේ දෙවැනිවරටත් ශ්‍රී ලංකාවට පොලිස්පතිවරයකු නොමැතිවයි.