බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් තුළ අද (24) පෙම්වතා විසින් සිය පෙම්වතිය ඝාතනය කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය කියයි. (Sri Lanka Latest News)
මෙසේ ඝාතනය කර ඇත්තේ බණ්ඩාරවල ඇටැම්පිටිය පදිංචිව සිටි හතළිස් හැවිරිදි කාන්තාවක බවද පොලිසිය කියයි.
මෙම යුවල ඊයෙ (23) සවස හෝටලයට පැමිණ කාමරයක් ගෙන ලැගුම් ගෙන ඇති අතර, අද සවස පෙම්වතියගේ මළ සිරුර හමුවූ බවට හෝටලයේ සේවකයින් පොලිසියට පවසා ඇත.
ඝාතනයට සැක පුද්ගලයා පැළද සිටි පාවහන් දෙක ද හෝටලයේ දමාගොස් තිබූ අතර ඔහු කැලණිය ප්‍රෙද්ශයේ පදිංචිව අයෙකු බවට සැකකරන බව පොලිසිය පවසයි.
lankadeepa