• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවර, මාවනැල්ල පැත්තෙ දේශපාලකයන්ට රෙදි ඇඳන් එන්න බැරි වෙන විදියට කවුරුවත් හදපු නැති පාර තමන්ම හදාගත්ත මිනිස්සු I Sri Lanka Latest News

August 24, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ කියන්න යන්නේ මාවනැල්ලේ ඉඳලා හෙම්මාතගමට වැටෙන පාරක් ගැන. එහෙම පාරවල් කිහිපයක් ඇති. හැබැයි මේ කියන පාර ඊට වඩා වෙනස් පාරක්. මේ පාර අපි පින්තූරවලින්නෙ දැක්කේ. ඒ පාරේ ගියපු අය වින්ද දුක වේදනාව අපි දන්නෙ නෑ. ඒක විස්තර කරන්නත් අපිට තේරෙන්නෙ නෑ.(Sri Lanka Latest News)

හැබැයි අපි මේ පාර පින්තූරවලින් දැකපු නිසා, මේ පාර ගැන පොඩි විස්තරයක් කියන්න පුළුවන්. මේ පාර තනිකරම කළුගල් අතුරපු පාරක්. පිළිවෙළට නෙවෙයි අපිළිවෙළට. පින්තූර පළවුණොත් ලිපියත් එක්ක, ඔබට ඒ ගැන දළ අදහසක් ගන්න පුළුවන් වෙයි. හැබැයි එකම දේ තියෙන්නේ මේ ගැන පින්තූර නොදැක්කොත්, වීඩියෝව නොදැක්කොත් ඔබට කිසිසේත්ම දළ අදහසක්වත් ගන්න බෑ. ඒකට හේතුව මොකක්ද දන්නවද? මේ වගේ පාරක් ඔබ ඇහැකටවත් දැකලා නෑ. ජීවිතේ කවදාවත් මේ වගේ පාරක ඔබ ගිහිල්ලා නෑ. ඒක තමයි ඇත්ත.

මේ පාර හොඳටම අබලන් වෙච්ච ජරාජීර්ණ වෙච්ච පාරක්. හරිම නරක පාරක්. මේ පාරේ ගල් අතුරනවා කියන එකෙන් අදහස් කරන්නේ ගල් අතුරලා පිළිවෙළට හදලා ලස්සනට අඩුක්කරලා කියන එක නෙවෙයි. අපිළිවෙළට ගල් තැනින් තැනින් මතුවෙලා. සමහර ගල් අඟල් තුන හතරක් උස වෙද්දී, ඊට ටිකක් එහායින් තියෙනවා අඟල් දහයක් විතර උස ගලක්. තවත් තැනක ඊට වඩා විශාල ගලක්. සමහර ගල් මනුස්සයෙකුට අයින් කරන්න බැරි තරම් විශාලයි. ඒ නිසා මේ පාර ගැන කිව්වොත් මේ පාරේ යන්න පුළුවන් වාහනේ මොකක්ද කියලා, මට එහෙම වාහනේක නමක් කියන්නවත් තේරෙන්නෙ නෑ.

ඇත්තටම යම් කිසිවෙක් තමන්ගේ ජීවිතේ එක වතාවක්වත් කැබිලිත්ත පැත්තේ එහෙම ගිහිල්ලා තියෙනවා නම්, ඒ කැබිලිත්තට යන්න තියෙන යාල කැලේ මැද්දෙන් වැටුණු විශාල පාර මතකෙට ගන්න. ඒ පාරේ සමහර තැන් තියෙනවානේ හොඳට යන්න පුළුවන්. සමහර තැන්වල විතරනේ විශාල ගල් ගොඩවල් මැදින් යන්න තියෙන්නේ. මට හිතෙනවා ඒ පාරට වඩා මේ පාර නරකයි කියලා. මේක අපි දන්න තරමට මධ්‍යම පළාතේ තියෙන පාරක්. එතකොට මධ්‍යම පළාතේ දේශපාලකයෝ එහෙම නැද්ද? ඡන්දෙ ඉල්ලන්නෙ නැද්ද? නෑ නෑ ගොඩක් දේශපාලනඥයෝ ඉන්නවා. විවිධ පක්ෂවලින් විවිධ කණ්ඩායම්වලින් ඡන්දෙ ඉල්ලන අය ඉන්නවා. පාර්ලිමේන්තුවට ගිය පාරම්පරික දේශපාලකයෝ, අවුරුදු ගණන් දේශපාලනය කරන අයත් ඉන්නවා.

මේ ගමේ කට්ටිය ඒගොල්ලන්ගේ වීඩියෝ එකක කියනවා අපේ ගමට දේශපාලකයෝ එන්නේ පාරේ ඉඳන්ම වැඳගෙන කියලා. දේශපාලකයෝ පාරේ ඉඳන් වැඳගෙන එන්නේ ඔයාලගේ ගමට විතරක් නෙවෙයි. අපේ ගම්වලටත් එනවා. ඒක හරි පොදු දෙයක්. හැබැයි මේගොල්ලෝ කවදාවත් මේ පාර හදලා නෑ කියන එක අපට පැහැදිලියි. ඉතින් මේ විනිස්සුත් අපේ රටේ ඉන්න සාම්ප්‍රදායික මිනිස්සු වගේ පුළුවන් විදියට කියලා බලන්න ඇති. ඉල්ලීම් කරන්න ඇති. තමන්ට තියෙන එක එක ජාතියේ සම්බන්ධතා පාවිච්චි කරලා පාර හදවගන්න උත්සාහ කරන්න ඇති.

හැබැයි මේ අය කියන විදියට දේශපාලකයෝ කළේ පොරොන්දු දුන්න එක විතරයි. ඡන්දෙ ගන්න හිතාගෙන පාර හදලා දෙනවා කියන පොරොන්දුව දෙනවා මිසක්, පාර හදන්න කවුරුත් ආවේ නෑ. සමහර අය විතරක් යම් යම් උත්සාහයන් දරපු බව එක්තරා පුද්ගලයෙක් අපි දැක්කා වීඩියෝ එකක කියනවා. හැබැයි ඒ උත්සාහයත් ව්‍යර්ථ වෙලා ගිහින්. සමහරු කියලා තියෙනවා මේ සඳහා ලොකු මුදලක් වියදම් වෙනවා කියලා. ඔව්, ලොකු මුදලක් නම් වියදම් වෙනවා ඇති. මොකද මේ පාර හරියට හදනවා නම් ඒක පහසු දෙයක් නෙවෙයි. මේ පාර චුට්ටක් විනාශ වුණාම හදන්න ගන්නෙ නැතුව, පාර අන්තිම මොහොත දක්වාම විනාශ වෙලා නන්නත්තාර වෙච්ච පාරක් නිසා දැන් ඒක හදන එක ලේසි නෑ. එතකොට මොකද වෙන්නේ? මේ ගමේ මිනිස්සු හැමදාම කිලෝමීටර් 3ක් 4ක් විතර පයින්ම යනවා.

එතකොට මේ අය අපේ රටේ මිනිස්සු නෙවෙයිද? මේ අය වරප්‍රසාද ලැබිය යුතු නැද්ද? මේ අයට අයිතියක් නැද්ද නිදහසේ ගමනක් බිමනක් යන්න? ඒ ප්‍රශ්නෙ එහෙමම ඉතුරු වෙනවා උත්තරයක් නැතිව. ඒක දැනගත්ත ගමේ මිනිස්සු එකතු වෙලා එක්තරා තීරණයක් ගන්නවා. එක එක දේශපාලකයන්ට වැඳ වැඳ ඉන්නෙ නැතුව එක එක දේශපාලකයන්ගෙන් ඉල්ලීම් කර කර ඉන්නෙ නැතුව මේගොල්ලෝ අපේ පාර අපිම හදාගමු කියලා ආන්දෝලනාත්මක තීන්දුවකට එනවා. ඒක ලේසි නෑ. ඒක පහසු තීරණයක් නෙවෙයි. කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒක කරන්න පුළුවන් දෙයක් කියලා, නෑ ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කරන්න බැරි දෙයක්.

ඒක කරන්න අතිශය අසීරු දෙයක්. හැබැයි කොච්චර අසීරු වුණත් ඒ දේ කරන්න මේ මිනිස්සු උත්සාහ කරනවා. උත්සාහ කරලා නිකන් ඉන්නෙත් නෑ. වැඩේට බහිනවා. වැඩේ සාර්ථකව කරන්න මුළු ගමම එකතු වෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් උදැල්ලක් දෙකක් අරන් පාරට බැස්සට පස්සේ ගමේ හැමෝම අතට අහුවෙන ආයුධයක් අරගෙන පාරට බහිනවා. දැන් වැඩේ යනවා. මිනිස්සුන්ට බලාගෙන ඉන්න බෑ. මිනිස්සු හැමෝම එකතු වෙනවා. හැමෝම එකතු වෙලා පුළුවන් විදියට පාරේ තියෙන ගල් ටික අයින් කරනවා. පාර දෙපැත්තේ පොඩි ගල් වැටියක් වගේ එකක් හදනවා. ඊට පස්සේ පාරේ පස් අතුරලා එක විදියකට සකස් කරනවා.

පළමු පියවර විදියට මේගොල්ලෝ හදනවා අඩුම තරමින් යතුරුපැදියකටවත් නිදහසේ යාහැකි ප්‍රමාණයේ පාරක්. හිතන්නකෝ මේ පාරේ මෝටර් සයිකල් එකකටවත් යන්න බැරි තරමටම විනාශ වෙච්ච පාරක් නම්, මේ මිනිස්සු කොච්චර පවුද කියලා. ඇත්තටම ඔව්. මේක මෝටර් සයිකලයකටවත් යන්න බැරි විදියේ පාරක්. අපි දැක්කේ එහෙම පාරක්. දැන් ඒ පාර මෝටර් සයිකලයකට යන්න පුළුවන් මට්ටමට මේගොල්ලෝ හදලා. ඒක පළමු පියවර විදියට අතිශය සාර්ථකයි. දැන් තියෙන්නේ ඉතිරි කොටස. මේ පාර හදන්න දැන්වත් පණ තියෙන දේශපාලකයෙක් නැගිටලා ආවොත් ඒ මිනිස්සුන්ගේ ඡන්ද ටික ගන්න පුළුවන්.

හැබැයි මේ පාර මේ මිනිස්සුම හදාගත්තොත් නම් වැඩේ සම්පූර්ණයෙන් ඉවර කරගත්තොත් නම් ඡන්දෙ ඉල්ලන මහත්තුරුන්ට කලිසම් සරම් ඇඳගෙන නම් ඒ ගමට යන්න ඕනෑ. විළි ලැජ්ජා තියෙනවා නම් ඡන්දෙ ඉල්ලන්න ඒ ගම පැත්ත පළාතට යන්න එපා. ඇත්තටම විළි ලැජ්ජා නැති දේශපාලකයෝ ඔබේ ඡන්දෙ ඉල්ලන්න ආවොත් නම් ඔය පාර හදන්න ගෙනාපු කැති මන්න පිහිම අරගෙන ඔවුන්ව එළවලා දාන්න. සත්තු මරන්න එපා. ඒවා පවු සිද්ධ වෙන වැඩ.

හැබැයි එළවලා දාන්න. බය කරන්න. මොකද පාර හදනකන් ඉඳලා ලැජ්ජ නැතුව ඒ පාරෙන් ගමට එන්න දේශපාලකයන්ට විළිසංගෙ නැත්නම් එහෙම විළිසංගෙ නැති එවුන් පාර්ලිමේන්තුවට හරි වෙනත් දේශපාලන බලයක් තියෙන තැනකට පත්කරන එක තරම් භයානක තැනක් වෙන නෑ. ඒකට හේතුව, ඒ තරමට ලැජ්ජ බය නැති එකෙකුට කරන්න බැරි දෙයක් නෑ. ඇත්තටම මේ පාරේ කතාව දැක්කම අපට හිතුණේ ඒක.

මිනිස්සු තමන්ගෙ ශක්තියෙන් නැගිටිනවා. මිනිස්සු තමන්ට පුළුවන් විදියට කොන්ද කෙළින් තියාගෙන නැගිටිනවා. ඔවුන් තවදුරටත් දේශපාලනයේ වහල්ලු නෙවෙයි. දේශපාලකයාගේ වහල්ලු නෙවෙයි. දේශපාලකයෝ හැමදාම කරන්නේ වහල්ලු හදන එක. දේශපාලකයන්ට ඕනෙ වහලෙක් නිර්මාණය කරගෙන, ඒ වහලා තමන්ට ඕනෙ විදියට නටවන්න. ඇත්තටම දේශපාලකයන්ට ඕනෙ මහජනතාවක් නෙවෙයි. දේශපාලකයන්ට ඕනෙ විශාල නොවන ජනතාවක්. නැත්නම් පොඩි ජනතාවක්. කිසි දෙයක් කොන්ද කෙළින් තියාගෙන කරගන්න බැරි ජනතාවක්. කොන්ද පණ නැති ජනතාවක්. රූකඩ වගේ ජනතාවක්.

එහෙම ජනතාවක් නිර්මාණය කළාම තමයි ඒගොල්ලන්ට ඕනෙ ඕනෙ පදේට මිනිස්සු නටන්නේ. එයාලා කියන කියන විදියට මිනිස්සු කියන්නේ. තවදුරටත් අපේ රටේ මිනිස්සු එහෙම නෑ කියලා තමයි මේ ගමේ මිනිස්සු ඔප්පු කළේ. එහෙම නම් ස්තුතියි මේ කඩප්පුලි දේශපාලකයන්ට සාමාන්‍ය මහජනතාවටත් හයියක් තියෙන බව පෙන්වන්න පුළුවන් වුණාට. අපේ රටේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙනුත් අපි ඉල්ලනවා, ඔබට පුළුවන් නම් ඔබේ කොන්ද පෙන්නන්න. කොන්ද පෙන්නන්න කියලා අපි කියන්නේ මහජනතාවට ආණ්ඩු විසින්, පාලකයන් විසින් කරලා දෙන්න තියෙන දේවල් අපිම කරගෙන, ඒගොල්ලන්ට තව ටිකක් නිදහසේ ඉන්න දෙමු කියන එක නෙවෙයි. ඒගොල්ලන්ට වගකීම් පවරන්න ඕනෙ.

වගකීම් ඉෂ්ට කරන්නෙ නැත්නම් බලහත්කාරයෙන් හරි ඉෂ්ට කරගන්න ඕනෙ. හබැයි වගකීම් ඉෂ්ට නොකරනම දේශපාලකයො නම් ඒ මිනිස්සුන්ට ගමට එන්න බැරි විදියට වැඩපිළිවෙළක් හදන එක ඔබේ වගකීමක්. ගමට යන පාර මිනිහෙක්ට යන්න පුළුවන් විදියට හදලා දෙන්න තරම් මේ එක දේශපාලකයකුටවත් වගකීමක් තිබුණේ නෑ. මේ වීඩියෝවල කියනවා දරුවෝ පයින් යන්නේ ඉස්කෝලෙ ඇරිලා කියලා. දවස් ගණන් මහන්සි වෙච්ච කම්කරුවෝ වැඩ කරලා දාඩිය පෙරාගෙන ගෙදර ගිහිල්ලා බත් ටිකක් කාලා නිදාගන්න චුට්ටට මේ පාරේ යන්න බෑ. අඩුම තරමේ බයිසිකලේකට මේ පාරේ යන්න බෑ. එතකොට ඒ මිනිස්සුන්ට සිද්ධ වුණේ පයින් යන්න.

මේ පාරේ වඳුරේ ඉන්නවා. උන් දරුවන්ගේ ඇඟට පනිනවා. රෑ බෝවුණාම හොර හතුරෝ ඉන්නවා. මේ ගමේ මිනිස්සුන්ගෙ හදවත් දැක්කට පස්සෙ හිතුණා මේ ගමේ මිනිස්සු නම් එහෙම දේවල් කරන්නේ නෑ කියලා. හැබැයි එහෙම දේවල් වෙන්න පුළුවන්. එහෙම තියෙද්දීත් මේ ගම විතරක් හුදෙකලා කරලා දාලා මේ මිනිස්සුන්ට ආරක්ෂාවක් නැති කරලා, මේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය විනාශ කරලා දාපු කඩප්පුලි දේශපාලකයන්ට මේ මිනිස්සු ඉගැන්නුවේ හොඳ පාඩමක්. ඒ පාඩම අපිත් හෙට උගන්නමු කියලා අපිත් ඔබට මතක් කරනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විප්ලවයක් කළ මහාචාර්ය හාමුදුරුවෝ I Sri Lanka Latest News

Next Post

බණ්ඩාරවෙල හෝටලයකදී පෙම්වතා විසින් පෙම්වතිය ඝාතනය කරයි! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.