• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතුරුදන් වූ අනවතප්ත විල හෝර්ටන් තැන්නෙන් සොයාගැනේ I Sri Lanka Latest News

August 24, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමහර දේවල් තියෙනවා අපි කුඩා කාලයේ ඉතිහාස පොතපතින් සහ වෙනත් මූලාශ්‍රවලින් ඒ ගැන අහලා තිබුණට අපි කවදාවත් හිතන්නේ නෑ ඒ දේවල් ඇත්තටම ලෝකයේ ඇති කියලා. ඔබට මතක නම් බෞද්ධ සාහිත්‍යයේ ඉගැන්වෙනවා සිදුහත් කුමරු තමන්ගෙ කුසෙහි පිළිසිඳ ගන්නා අවස්ථාවේ මහාමායා දේවිය දුටු සිහිනයක අනෝතප්ත කියන විලක් ගැන සඳහන් වෙනවා.(Sri Lanka Latest News)

ඔබ හිතලා බැලුවද බුදුන්වහන්සේ ගැන ඉගැන්වෙන දේවල් ගැන වගේම ඉතිහාසයේ සඳහන් වෙන මේ ස්ථාන ඇත්තටම පවතිනවද කියලා. අනෝතප්ත විල කියලා තැනක් තියෙනවද? අපි ඉගෙනගත්ත සාහිත්‍යයේ සඳහන් වුණේ ඇත්තක්ද? අනෝතප්ත විල පිහිටා තිබුණේ ලංකාවේ හෝටන් තැන්නේ කියන කතාව මූලාශ්‍රවලින් තහවුරු කරගෙන තියෙනවා. අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඒ කාරණාව ගැන.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඉතිහාසය තුළ අනෝතප්ත විල පිළිබඳ විවිධාකාරයෙන් සඳහන් වෙනවා. කල්පයක කාලයක් ආරම්භ වන අවස්ථාවේදී ඒ කල්පය තුළ බිහිවෙන්න නියමිත බුදුවරුන්ගේ සංඛ්‍යාව අනුව ඒ හා සමාන නෙලුම් මල් ප්‍රමාණයක් අනෝතප්ත විලේ පිපෙනවා කියලයි ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ලෝක විනාශයට පෙර සූර්යයන් හතක් පායන බවත්, මේ අතරින් හතරවැනි සූර්යයා පෑයීමෙන් පසු අනෝතප්ත විල සිඳී යන බවත් මේ මූලාශ්‍රවල සඳහන් වෙනවා.

ඒ වගේම තමයි මේ ජලාශයේ ඉතිහාසය ගැන සඳහන් වෙන සාමාන්‍ය කාරණාවලට අනුව මේ විල පිහිටි ස්ථානයෙන් ඉන්දියාවේ ප්‍රධාන ගංගා පහක් ආරම්භ වෙනවා. ගංගා, යමුනා, අචිරවතී, සරභු සහ මගී කියන ගංගා තමයි අනෝතප්ත විලෙන් ආරම්භ වන ගංගා විදියට සැලකෙන්නේ. මේ ගංගාවන් පහ ආරම්භ වන ස්ථානය නියමාකාරයෙන් හඳුනාගන්න තාම කිසිවෙකුට හැකියාවක් ලැබිලා නෑ.

ඒ කොහොම වුණත් මේ ගැන පර්යේෂණ සිදුකරමින් තමන් ඒ විල සොයාගත් බව කියන බි්‍රතාන්‍ය ජාතික පර්යේෂකයෙක් වූ චාල්ස් හයිගන් කියලා තිබුණේ මේ අනෝතප්ත විල තවදුරටත් මායාවක් නොව, සැබෑ ලෝකයේ තියෙන ඉතා අපූරු ස්ථානයක් බවයි. කඳු දහසකට අධික ප්‍රමාණයකින් වටවෙලා තියෙන හිමාලයේ කයිලාශකූට ප්‍රදේශයේ අඩි 15,000ක පමණ උසින් මේ විල පිහිටා තිබෙන බවයි පර්යේෂකයා සඳහන් කළේ. නමුත් මේ ස්ථානය ගැන හොයාගෙන තියෙන විදියට විල් දෙකක් එකම තැනක පිහිටා තියෙනවා. ඉන් එකක් මානස විල ලෙස හඳුන්වනවා.

මේ ස්ථානය ගැන දැනට පවතින සාක්ෂි අනුව සඳහන් වෙන්නේ එය ඉතා පිරිසිදු මිරිදිය ජලය සහිත විලක්. මානස විල ආසන්නයේම තවත් විලක් අති බව අපි සඳහන් කළා. ඉන්දියානු පුරාවෘත්තවලට අනුව මේ විලේ නම රාක්ශස්ත්‍ර විදියටයි හඳුන්වන්නේ. මේ විල ශ්‍රී ලංකාවේ රජකළ රාවණ රජු විසින් ශිව දෙවියන්ව සතුටු කිරීම සඳහා නිර්මාණය කළ බව ඉන්දියානු ඉතිහාසයේ පවා සඳහන් වෙනවා.

මානස විලේ ජලය අතිශය පිරිසිදු වෙද්දී ඒ ආසන්නයේම තියෙන රාක්ශස්ත්‍ර විලේ ජලය අධික විෂ සහිත බවයි වාර්තාවල සඳහන් වෙන්නේ. බොහෝ දෙනෙක් මේ වෙද්දී විශ්වාස කරන්නේ බෞද්ධ සාහිත්‍යයේ එන මහාමායා දේවිය සිහිනයෙන් දුටු අනවතප්ත විල මේ විල් දෙකෙන් එකක් වන ‘මානස විල’ බවයි. ඒ සඳහා පිළිගත හැකි ආකාරයේ සාක්ෂි මේ වෙනකොට හමුවෙලා තියෙනවා කියලත් චාල්ස් කියන පර්යේෂකයා තහවුරු කරලා තියෙනවා.

අපි ඔබට සඳහන් කළා වගේම අනවතප්ත විලෙන් ඉන්දියාවේ ප්‍රධාන ගංගා පහ ආරම්භ වන බවට ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වෙද්දී දැනට සොයාගෙන තියෙන විදියට ඉන්දියානු ප්‍රධාන ගංගා හතරක්ම මේ මානස විලෙන් ආරම්භ වෙනවා. ඒ වගේම හින්දු භක්තිකයන් සහ නේපාල වැසියන් විශ්වාස කරන්නේ මානස විලේ ජලය ස්නානය කිරීමෙන් පස්සේ මරණින් පසු ජීවිතයේදී දෙව් ලොව උපත ලැබිය හැකි බවයි.

බොහෝ වෙලාවට ඒ කාරණාව නම් සාහිත්‍යයත් සමග එන මිථ්‍යා මතයක් වෙන්නත් පුළුවන්. මේ මානස විලේ ස්වරූපය ගැන කිව්වොත් ගිම්හාන කාලය තුළ මේ විල හංසයන්ගෙන් පිරී යන බවයි ඒ ගැන පර්යේෂණවල නිරත පිරිස් සඳහන් කරන්නේ. ඒත් සමගම චාල්ස් කියන පර්යේෂකයා තර්කයක් ඉදිරිපත් කරනවා හංසයන් කියන්නේ බුද්ධියේ සංකේතයක් නිසාම, හංසයන්ගෙන් පිරුණු මේ මානස විලත් මිනිසාව ප්‍රඥාවට සමීප කරවන ස්ථානයක් විය හැකි බව. ඒ වගේම සාහිත්‍යයේ වැඩිදුරටත් සඳහන් වන විදියට මානස විලේ ජීවත් වන මත්ස්‍යයන් පවා අභය දානය ලැබූ අය. ඒත් එක්කම මේ විල ආශ්‍රිතව ජීවත් වන සෑම ජීවියෙක්ම නිර්මාංශ බවයි ඉන්දියානු සාහිත්‍යයේ කියැවෙන්නේ.

මේ ප්‍රදේශයේ පර්යේෂණ කරපු චාල්ස් හයිගම් කියන පර්යේෂකයා කියන්නේ බුදුරජාණන්වහන්සේත් මේ ප්‍රදේශය ආශ්‍රිතව වැඩසිටි බවට දැඩි විශ්වාසයක් ප්‍රදේශවාසීන් අතර අදටත් පවතින බවයි. අදටත් මේ විල ආසන්නයේ ටිබෙට් ජාතික භික්ෂුන් වහන්සේලා භාවනානුයෝගීව වැඩසිටින බවත්, ඔවුන්ට ප්‍රඥාව විවර කර දෙන්නට මේ විල ආශීර්වාදයක් වනවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

පුරාතනයේ ඉතා විශාල ප්‍රදේශයක පැතිරිලා තිබුණු මේ මානස විල අද වන විටත් වර්ග කිලෝමීටර් 320ක පමණ පැතිරිලා තියෙනවා කියලා පර්යේෂකයන් නිගමනය කරලා තියෙනවා. හිමාල කලාපයේ වගේම ඉන්දියාවේ තිබෙන සෑම ජලාශයකටම වඩා මේ විලේ ජලය අතිශයින් පිරිසිදු බව ඔවුන් සඳහන් කරනවා. ඒ වගේම සාහිත්‍යයේ වැඩිදුරටත් සඳහන් වෙනවා දිව්‍ය, නාග වගේ බලවේගයන් බොහොමයක් අනෝතප්ත විල ආසන්නයේ පවතින බව.

අපි ඔබට මේ සඳහන් කරමින් යන්නේ මේ විල පිළිබඳ තිබෙන විවිධාකාරයේ මතයන්. ඒ ගැන බොහෝ දෙනෙක් පර්යේෂණ පවත්වද්දී විවිධ පිරිස් විවිධාකාරයේ සාක්ෂි මත විවිධාකාරයේ නිගමනයන් ගොඩනගලා තියෙනවා. 2000 වසරට ආසන්න කාලයකදී හිමාල කඳුවැටිය ඉහළින් ගමන් කළ ගුවන් යානයක නියමුවකුට ඒ මාර්ගයේ ගමන් කරද්දී වෙනත් කිසිදු දවසක නොදැකපු ආකාරයේ ජලාශ්‍රිත ප්‍රදේශයක් දැකගන්න ලැබිලා තියෙනවා. ඔහු කියන විදියට ඒ මාර්ගයේම නැවත වතාවක් පියාසර කරද්දී එම ජලාශය දැකගන්න ලැබිලා නෑ. ඒ අනුව තවත් සමහර පිරිසක් විශ්වාස කරනවා මේ විල යම් කිසි ආකාරයක මායාවක් බවට.

ඒ වගේම මේ විල පිහිටි ප්‍රදේශය ගැන ශ්‍රී ලංකාවෙන් හමුවන සිතියම් සහ මූලාශ්‍ර පිළිබඳ ඉතා ගැඹුරු කතාබහක් මේ වන විට ඇතිවෙමින් පවතිනවා. විශේෂයෙන්ම දඹුලු විහාරයෙන් සොයාගත් සිතුවම්වලට අනුව වැඩිදුර පර්යේෂණ කරගෙන යද්දී පර්යේෂකයන් විසින් මේ වන විට සාක්ෂි ගොඩනගලා තියෙනවා මීට අවුරුදු 15,000කට පමණ පෙර ශ්‍රී ලංකාවේ හෝටන්තැන්න ප්‍රදේශය විශාල ජලාශයක් විදියට පැවැතුණු බවත්, මේ ජලාශයෙන් විවිධාකාරයේ ගංගාවන් බිහිවී ඇති බවත්, ඒ නිසාම ඉන්දියාවේ සහ ලංකාවේ ඉතිහාසයේ සඳහන් වන මේ අනෝතප්ත විල හෝටන්තැන්න ප්‍රදේශයේ පිහිටන්නට ඇති බවත්. තාමත් ගැටලුවක් බවට පත්වෙලා තියෙන්නේ මේ කුමන සාක්ෂිය නිවැරැදිද කියන එක පර්යේෂකයන්ට 100%ක් තහවුරු කරගැනීමට නොහැකි වීමයි.

Naifm යූටියුබ් නාලිකාවෙන් උපුටා ගන්නා ලද්දකි

SendShareShare
Previous Post

බණ්ඩාරවෙල හෝටලයකදී පෙම්වතා විසින් පෙම්වතිය ඝාතනය කරයි! Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් කියන්නේ ඉල්ලමක්! නව පනත් හරහා ක්‍රිකට් සුරකිමු! විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.