• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුජිබර්ගේ කන්ටේනරයෙන් එළියට පැන්න අර්චුනා! Sri Lanka Latest News

July 7, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වරායෙන් පිටවුණු කන්ටේනර් ගැන සමාජය තුළ කතා කෙරෙන්නේ අද ඊයේ සිට නොවේ. පාර්ලිමේන්තුවේ මැතිසබය තුළද කන්ටේනර් ගැන කතා කෙරෙන්නේද අද ඊයේ සිට නොවේ.Sri Lanka Latest News

කුඩු කන්ටේනර්, සීනි කන්ටේනර්, සුදුළුෑණු කන්ටේනර් ඇතුළු කන්ටේනර් නැතහොත් බහාලුම් රැසක අතීත කතා වස්තූන් ඔබට මතක ඇතුවාට සැකයක් නැත.
මෙම කන්ටේනර් කතා පසුගිය වසර කිහිපයේම සමාජය තුළ පමණක් නෙවෙයි පාර්ලිමේන්තුව තුළද කතා කළ අවස්ථා බොහෝය.

සමහර කන්ටේනර් කතා මැතිවරණ වේදිකාවලද ප්‍රධාන මාතෘකා වූ අතර, ඇතැම් කන්ටේනර් ආණ්ඩු පෙරළීමටද යම් දේශපාලන පෙරළි ඇතිකිරීමටද ඉවහල් වූ බව නොරහසකි.

නමුත් සීනි බදු වංචාවට අදාළ නඩුවේදී වරදක් සිදුව නොමැති බව පසුගියදා අධිකරණය විසින් තීරණය කරන ලදී.
සීනි කන්ටේනර් කතාව එසේ නිමා වෙද්දී වර්තමාන ආණ්ඩු කාලයේද කන්ටේනර් කතාවක් එළියට පැමිණ එයද පෙර කන්ටේනර් කතා මෙන් සමාජයේ මෙන්ම පාර්ලිමේන්තුවේද වැඩි අවධානයක් දිනාගැනීම විශේෂත්වයකි.

මීට මාස කීපයකට පෙර කොළඹ වරායේ තදබදයක් ඇතිවූ නිසා කන්ටේනර් නිදහස් කිරීම ප්‍රමාද විය. එහිදී කන්ටේනර් 323ක් රේගුවේ පරීක්ෂාවකින් තොරව පිටමං වූ බවත්, රතු ලේබලය සහිත කන්ටේනර්ද ඒ අතර තිබෙන බවත්, මෙම කන්ටේනර්වල ඇතුළේ තිබුණේ දේවල් ගැන තමන්ට වගකිව නොහැකි බවත් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ රේගුවේ වෘත්තීය සමිති විසිනි.

එම රේගු වෘත්තීය සමිති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මේ ගැන සොයාබලා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 2025 ජනවාරි මස 20 වැනිදා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබිණි.

ඉන් පසුව මෙම ප්‍රශ්නය විපක්ෂය විසින් අල්ලාගත් අතර, මැතිසබය තුළත් ඉන් පිටතදීත් මෙම කන්ටේනර් ප්‍රශ්නය වැඩිපුරම විමසා සිටියේ මුජිබර් රහුමාන්, දයාසිරි ජයසේකර, රාමනාදන් අර්චුනා, උදය ගම්මන්පිල වැනි දේශපාලනඥයන්ය.

මෙම කන්ටේනර් 323 රේගුවෙන් මුදාහැරියේ කවුද, මුදාහැරියේ කෙසේද කියා විරුද්ධ පක්ෂයෙන් විමසීම් සිදුවෙද්දී ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් කිහිප දෙනකුම ප්‍රකාශ කළේ මෙහිදී නීති විරෝධී කිසිවක් සිදුව නොමැති බවයි.

පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, රජයේ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියා සිටියේ කන්ටේනර් පිටකිරීම පිටුපස සැඟවීමට කිසිදු දෙයක් නොමැති බවයි.

නමුත් විරුද්ධ පක්ෂය දිගින් දිගටම කියා සිටියේ මෙම කන්ටේනර් 323 තුළ යම් දෙයක් සැඟව ඇති බවයි.
රටේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට බලපාන බොහෝ ද්‍රව්‍ය මෙම කන්ටේනර් හරහා රට ඇතුළට පැමිණි බවද විපක්ෂයේ නියෝජිතයන් විසින් පෙන්වා දෙන ලදී.
කන්ටේනර් 323 සම්බන්ධයෙන් මෙම වාදය ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂය අතර දිගටම පැවැති අතර පාර්ලිමේන්තුවේ මැතිසබය තුළදීද මෙම වාදය දිගටම පැවැතෙන්නට විය.
ඇත්තටම මෙම කන්ටේනර් තුළ තියෙන්නට ඇත්තේ මොනවාද? යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මැතිසබය තුළදී ප්‍රකාශ කළේ මෙම කන්ටේනර් තුළ තිබුණු දේවල් ගැන ලැයිස්තුවක් තමාට ඉදිරිපත් කළ හැකි බවයි.

‘මෙම කන්ටේනර් ඇතුළේ තිබුණේ මොනවද කියලා අපි දැනගන්න කැමැතියි. කොටි සංවිධානයට ගෙන්වූ ආයුධත් මේ කන්ටේනර්වල තියෙනවා. මට ඒ තොරතුරු ඩයස්පෝරාවෙන් ලැබුණා…’ යනුවෙන් අර්චුනා ප්‍රකාශ කළේය.

කන්ටේනර් ගැන මෙවැනි බරපතළ ප්‍රකාශයක් සිදුවන විට මේ ගැන ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් දැඩි අවධානයක් යොමු වී තිබිණි.
මෙම කන්ටේනර් පිටකිරීමෙ සිදුවීම ගැන සොයාබලා වාර්තා කිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කරනු ලබන්නේ 2025 ජනවාරි මස 30 වැනිදාය.
මෙම කමිටුව මගින් කන්ටේනර් පිටකිරීමේ සිදුවීම ගැන සොයාබලා එම වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලබන්නේ පසුගිය ජුනි මස 09 වැනිදාය.
එම කමිටුව විසින් ජනාධිපතිවරයාට භාරදුන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත වන්නේ, හැන්සාඩ්ගත වන්නේ පසුගිය 30 වැනිදාය.

සම්ප්‍රදාය අනුව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩු පක්ෂය තුළින්ය. බොහෝ විට පාර්ලිමේන්තුවේ සභානායකවරයා එසේත් නැත්නම් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් හෝ නැත්නම් විෂය භාර අමාත්‍යවරයා විසින් මෙම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබිණි.
නමුත් මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂයෙන් නොව විරුද්ධ පක්ෂයෙන් වීම තවත් විශේෂත්වයකි.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා බොහෝ දෙනුගේ අවධානය යොමුවූයේ එම කමිටු වාර්තාවෙන් කියන්නේ කුමක්ද කියා දැනගැනීමටය.

මුජිබර් රහුමාන් ප්‍රකාශ කරන්නේ ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට තිබුනු මෙම කමිටු වාර්තාව ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ නිසා තමන් විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි.

මුජිබර් ඉදිරිපත් කළ මෙම වාර්තාවට ආණ්ඩු පක්ෂයේ කිසිවකුත් විරුද්ධත්වය ප්‍රකාශ නොකිරීම තුළින් පෙන්නුම් කරනුයේ මෙම වාර්තාව අදාළ කමිටු වාර්තාවම බව නොවේද?
මුජිබර් නිවැරැදි කමිටු වාර්තාව ඉදිරිපත් නොකළා නම් මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාගේ ප්‍රතිචාරය මොන වගේද කියා සිතාගැනීමට අපහසු නොවනු ඇත.

ඒ බව හොඳටම දන්නා නිසා නියමම වාර්තාව තමාගේ අතට ගැනීමට මුජිබර් කටයුතු කිරීම අනිවාර්ය වේ.
එතකොට මෙම කමිටු වාර්තාවෙන් කියන්නේ කුමක්ද?

වරායෙන් කන්ටේනර් 309 පිටකිරීම වැරැදි බව එම කමිටුව ප්‍රකාශ කරන මුඛ්‍ය කාරණයකි. එතකොට මේ දක්වා දෙපාර්ශ්වයෙන්ම කතා කළ කන්ටේනර් 324, 309 වූයේ කොහොමද? එවිට කන්ටේනර් 15ක් අඩුවුණේ කොහොමද? මේ ගැන දෙපැත්තෙන්ම කිසිම කතාවක් නැත.

එතකොට කන්ටේනර් 323 කතාව බොරුවක්ද? කන්ටේනර් 15ක් ගැන කතා කළේ කවුද? නියම කන්ටේනර් ගණන 309ද? මෙම කමිටු වාර්තාව පිළිගන්නා බව විපක්ෂය ප්‍රකාශ කරයි.

එවිට ගැටලුවක් මතුවෙන්නේ කන්ටේනර් 15ක් ගැන විපක්ෂය කියපු කතාව පිළිනොගන්නා බව නොවේද?
ජනාධිපතිවරයා පත්කරන ලද කමිටු වාර්තාව විපක්ෂය පිළිගන්නවා නම් ඉන් පසු මෙම සෑම කාරණයක්ම පදනම් විය යුත්තේ මෙම කමිටු පදනම් කරගෙන බව අමතක නොකළ යුතුය. ඒ ගැන ඒකාබද්ධ විපක්ෂය තම ස්ථාවරය වහාම රටට හෙළිකළ යුතුය. මෙම කමිටු වාර්තාවෙන් පිට වෙනත් කිසිම කරුණක් ගැන මුජිබර් සඳහන් කළේ නැත. එමගින් පෙන්නුම් කරනුයේ මෙම කමිටු වාර්තාව විපක්ෂය විසින් පිළිගෙන ඇති බවය.

මෙම කමිටු වාර්තාව පිළිගන්නා අතරතුර බාහිර කිසිම කරුණක් ගැන මුජිබර් මතු නොකළ නිසා අනාගතයේදීවත් මේ ගැන කමිටුවට පරිබාහිරව විපක්ෂයට මතුකළ නොහැකි වනු ඇත.

මේ ආකාරයට මෙම වාර්තාවේ සඳහන් තවත් කරුණු කියමින් මුජිබර් රහුමාන් විසින් ආණ්ඩුවට චෝදනා රැසක් ඉදිරිපත් කරන ලදී.
මුජිබර්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව නැගීසිටියේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයාය. අර්චුනා නැගිටින විට කුමක් හෝ උණුසුම් කතාබහක් ඇතිවන බව ඉවෙන් මෙන් දන්නා බොහෝ දෙනකු අර්චුනා දෙසට අවධානය යොමුකිරීම සාධාරණය.

‘මෙම කන්ටේනර්වල තියෙන ඒවා මම දන්නවා. මට ඒකේ ලිස්ට් එකත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්න පුළුවන් බොරු කුඩු නඩුවකට මාව පටලවලා. මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නැතිකරන්න පුළුවන්. ඒක නිසා පිටරටට ගිහිල්ලා තමයි මට මේක කියන්න වෙන්නේ…’ යනුවෙන් රාමනාදන් අර්චුනා ප්‍රකාශ කළේය.

මීට පෙර මෙම කන්ටේනර්වල ආයුධ තිබූ බව පැවැසූ රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ උතුරේ තිබුණු රත්‍රන් ශ්‍රී ලංකාවට ගෙනාවේ කුමන රටක සිටදැයි කියාය.
කන්ටේනර්වලින් ආයුධ ආ බව එදා ප්‍රකාශ කළ අර්චුනා මෙදා ප්‍රකාශ කළේ රත්‍රන්ද කන්ටේනර් තුළින් එන්නට ඇති බවයි. ආයුධ හා රත්‍රන් ගැන කීවද ඒ කිසිවක් මේ දක්වා නිශ්චිතව කරුණු අනාවරණ කිරීමට අර්චුනා කටයුතු කර නොමැත.

‘මුජිබර් හැමදාම කන්ටේනර් කතාවක් ගෙනාවොත් කොහොම හරි ඒ කන්ටේනරයක් ඇතුළට පැනලා අර්චුනා මොනවා හරි දෙයක් කියනවා’ යනුවෙන් අර්චුනාගේ කන්ටේනර් කතාව ගැන පාර්ලිමේන්තු ආලින්දයේදී කිහිප දෙනෙක් කතාකරන ආකාරයක්ද දක්නට ලැබිණි.

එදින පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ කන්ටේනර් නිදහස් කිරීමේ සිදුවීමේදී වැරැද්දක් සිදුව ඇත්නම් අනිවාර්යයෙන්ම නීත්‍යනුකූලව කටයුතු කරන බවයි.

‘මීට කලින් ආණ්ඩුවලදී මෙහෙම වෙලා නැහැ. දැන් ජනාධිපතිවරයාම කමිටුවක් දාලා පරීක්ෂණයක් කරලා. ඒක හොඳ නැද්ද? අපිට හංගන්න කිසිම වුවමනාවක් නැහැ. අපේ ආණ්ඩුව වංචා කරන්නේ නැති බව මුළු රටම දන්නවා…’ යනුවෙන් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එදිනම අදහස් දැක්වූ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර කියා සිටියේ අපේම කමිටු වාර්තාවක් අරගෙන අපිටම පහර දීමට විපක්ෂය උත්සාහ ගන්නා බවයි.
‘වෙන ආණ්ඩු කාලවලදී මේ වගේ කමිටු හැදුවද? වරදක් වෙලා නම් නීතිය අනුව කටයුතු කරනවා. මුජිබර් මන්ත්‍රීතුමාට කොළඹ නගර සභාව නොලැබුණු එකට කේන්ති ගිහිල්ලා…’ යනුවෙන් එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කන්ටේනර් තදබදය ඇතිවූ අවස්ථාවේදී එය සමනය කිරීම සඳහා කමිටුවක් පත්කළ අතර, එම කමිටුවේ නිර්දෙශ මෙම කන්ටේනර් නිදහස් කිරීමට බලපෑවේ කෙසේද යන කාරණය ගැනත් මේ වනවිට අවධානය යොමුව ඇත.

විපක්ෂය කියන්නේ රේගු නිලධාරීන්ට දේශපාලන බලපෑමක් සිදුවූ බවයි.
එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව කියන්නේ කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවූ බවයි.

කන්ටේනර් පිටකිරීමේ සිදුවීමේදී යම් වරදක් සිදුව ඇත්නම් නීත්‍යනුකූලව කටයුතු කරන බව වරාය නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු ප්‍රකාශ කළේය.
මෙම කන්ටේනර් කතාව අලුත් මාවතකට යොමුකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවැසුවේ කන්ටේනර් නිදහස් කරගත් සමාගම් හෝ පුද්ගලයන් ගැනද පුළුල් ලෙස විමර්ශනය කළ යුතු බවයි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

බස්නාහිර කොමසාරිස් සාරංගිකාගේ රහස් ඡන්දයට එරෙහිව සීතාවක විපක්ෂයේ මන්ත්‍රීවරු ගොනුකළ පෙත්සම 09 වැනිදා කැඳවනවා! I Sri Lanka Latest News

Next Post

කඹ ඇදිල්ලෙන් මාලිමාව දිනුවාද? හර්ෂණගේ පුටුවට නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවට එනවා! I Sri Lanka Latest News

MORE NEWS

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

Load More
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

දවස 2024 අගෝස්තු 20 වැනිදා. මේක රැස්වීමක්. රැස්වීමක් කිව්වට දේශපාලන රැස්වීමක්. දේශපාලන රැස්වීමේ කතා කර කර ඉන්නවා එවක විපක්ෂයේ හිටපු...

Read more
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.