හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබේ.Sri Lanka Latest News
මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව ඔහු සිය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර ගැනීම සඳහාය.










