සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීමේ කටයුත්ත සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වලක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 09 වනදා කැඳවන ලෙස අභියාචනාදීකරණය නියම කළා. Sri Lanka Latest News
මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු කීපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටීයේ මෙම නඩුකරයට අදාළව තම සේවා දායකයින් සීමිත විරෝධතා ගොනුකර තිබෙන බවයි.
ඒ අනුව ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට අවස්ථාව ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අදිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව පෙත්සම්කාර පාර්ශවයට ද සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 09 වනදා කැඳවන ලෙසත් නියම කළා.










