යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ අද (15) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 952 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 276ක්, අයිස් කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 98යි මිලිග්‍රෑම් 40ක් සහ මත්පෙති 4,310ක් ආරක්ෂක අංශ භාරයට ගත් බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 11දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 10 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබේ.
එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන් ලැයිස්තුවේ සිටි පුද්ගලයින් 29 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.