මාර්තු මාසයේදී රුසියාවේ මොස්කව් හි ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට රුසියානු බලධාරීන් වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබූ බව අමෙරිකාව පවසනවා. අවදානම සම්බන්ධයෙන් අමෙරිකානු රජය රුසියාවේ රැඳීසිටින අමෙරිකානු ජාතිකයින්ට ද මීට පෙර අනතුරු ඇඟවීමක් සිදුකර තිබු බව ද සඳහන්.Sri Lanka Latest News
මොස්කව් හි ඊයේ (22) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 93 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබුවා. රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රොකස් ප්‍රසංග ශාලාවට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය කණගාටුව පළ කර තිබෙනවා. එමෙන්ම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කළ බවයි නියෝජ්‍ය අගමැති ටැට්යානා ගොලිකොවා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් මේ වන තෙක් සිදුකර නැහැ. ප්‍රහාරයේ වගකීම මේ වනවිට අයි.එස්. ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා.
මොස්කව් ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව හෝ සංදර්ශන ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මෙම මස මුලදී රුසියානු බලධාරීන් වෙත අනතුරු ඇඟවීමක් සිදුකළ බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා එය අමෙරිකාව වෙනත් අරමුණකින් සිදුකරන ලද ප්‍රකාශයක් ලෙස පවසමින් රුසියාව ඒ පිළිබඳව තැකීමක් සිදුනොකළ බව විදෙස් වාර්තා කරන්නේ.