පසුගිය 21 වනදා රාත්‍රියේ යාපනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගොස් සිටි ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු භාවිතා කළ V8 වර්ගයේ නිල රථය බරපතළ අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඉන්දීය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සංගීත ප්‍රසංගය නරඹා එදින රාත්‍රියේම ආපසු කොළඹ බලා යන බව ආරක්ෂක අංශ වෙත දන්වා තිබී ඇතත් අමාත්‍යවරයා දින කිහිපයක් යාපනයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇත.
එසේ සිටින අතරතුර මෙම රථය යම් කිසි කාරණයක් සඳහා ඇමතිවරයා විසින් නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටතට වාහනය යවා ඇති අතර එම අවස්ථාවේ එය මෙලෙස ලොරි රථයක සහ තාප්පයක ගැටීමෙන් අනතුරට පත්ව ඇත.
මේ වනවිට අනාවරණය වී ඇත්තේ මෙය ප්‍රබල අමාත්‍යවරයකුගේ අමාත්‍යාංශයකට අයත් වාහනයක් බවත් කෝටි හයකට වඩා වටිනාකමක් ඇති Toyota V8 වර්ගයේ මෙම රථය යළි භාවිතයට ගත නොහැකි තත්වයකට පත්ව ඇති බවත්ය.
එම ප්‍රසංගය නැරඹීම සඳහා ඇමැතිවරයා සහභාගී වී ඇත්තේ තම පුද්ගලික සංචාරයක් ලෙසය.








