භූගතව ඉතාමත්ම සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයෙන් හසුවී තිබේ. එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් පහළොවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි. (Sri Lanka Latest News)
තණමල්විල මූලස්ථාන පොලිස් බලප්‍රදේශයේ සිදුවන විවිධ අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ පොලිස් මෙහෙයුමක් අතරතුර මෙය හසුව තිබේ.
මෙම මෙහෙයුම සදහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් නිල සුනඛ අංශයේ ද සහය ලැබුණු අතර සිතාගන්නට අමාරු ලෙස ගරාජයක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක බිම පොලොවේ සිදුරක් විද මෙම භූගත තිප්පොලට ඇතුළුවීමට ඉඩ සකසාගෙන තිබුනි. පොලිස් නිල සුනඛයා එම ස්ථානය ඉඩ කිරීම නිසා මෙය සොයාගන්නට හැකිවිය.
gossiplankanews










