• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හර්ෂ කට අරී! ගහන්න පටන් ගනී! ඇත්ත එළියට පනී! මෙන්න පළමු එක! පොඩි මිනිහගේ අර්ථසාධකයට කන පැලෙන්න ගහලා ජාත්‍යන්තර ණය හිමියන්ට ලොකු සහනයක් දෙනවා! ජනාධිපති සජිත් යටතේ අපි රට ගොඩගන්නවා! VIDEO I Sri Lanka Latest News

May 16, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
අමුඩ ලේන්සුව-උදලු තලය-පොහොර-තේ දලු-රබර්-කොප්පරා-ඩීසල්-ගෑස්-පෙට්‍රල්-පෝෂණ ආහාර-දේශීය පොල් කිරි-යන්ත්‍රෝපකරණ-දුරකථන-ඉලෙක්ට්‍රොනික් උපකරණ-වෛද්‍ය උපකරණ-ලොරි-ට්‍රක්-ඇම්බියුලන්ස්! අලුතෙන්ම 18%ක් බදුගහන්න යන බඩු ලයිස්තුව හර්ෂ එළියට දමයි! ආණ්ඩුව කොළේ වහලා ගහන්න යන ගේමත් හෙළිකරයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පොඩි ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදලට කන පැලෙන ප්‍රහාරයක් එල්ල කළ ආණ්ඩුව විදෙස් ණය හිමියන්ට විශාල සහනයක් ලබා දීමට සැලසුම් කර ඇති බව හර්ෂ ද සිල්වා මහතා කීය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

‘‘ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කතා කරමින් සඳහන් කළා රටේ ආර්ථිකය හොද තත්ත්වයකට හැරෙමින් පවතින බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා කතා කළා.  නමුත් රටේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි හිරවීමක සිටින්නේ.   ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන තුරු කිසිදු කටයුත්තක් සිදුකරන්න නොහැකි බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.  ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලීන් ඉක්මනින් අවසන් කර ගත යුතුයි කියලත් ජනාධිපතිවරයා පවසනවා. 

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ලංකාවට පැමිණි පසු ඔවුන් ජනාධිපතිවරයා , සමගි ජනබලවේග කණ්ඩායම , ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම හමුවුණා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු අදහසක් ප්‍රකාශ කරලා තිබුණේ නෑ. ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඉදිරිපත් කරලා තිබෙන යෝජනා පිළිගන්න බෑ. ඊට හේතුව වන්නේ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ යෝජනා අනුව 2028 දී තමයි මුහුණත අගය කපා දැමීම සිදුකරනු ලබන්නේ. රටේ ආර්ථිකයේ සාර්ථකත්වය මනින්න ඔවුන් එක්සත් ජනපද ඩොලර් වලින්. ඒ අනුව තමයි ඔවුන්ගේ මුහුණතා අගයෙන් කොටසක් කපා හැරීම තීරණය වෙන්නේ. අපි ගණන් හදලා තිබෙන ආකාරයට 2028 වනවිට මුහුණත අගය කපා දැමීමෙන් ලැබෙන්නේ සියයට 7 ක වගේ ප්‍රමාණයක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කරලා තිබුණේ නෑ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරිමේදී අර්ථ සාධක අරමුදලට දැවැන්ත පහරක් වැදුනා. රජය කලින් ප්‍රකාශ කරලා තිබුණේ නෑ අර්ථ සාධක අරමුදල සිදුකරන දේ පිළිබඳව. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරිම පිළිබඳව රජය කිසිදු අදහසක් පළ කරලා තිබුණේ නෑ. ඒ සියල්ල සිදුකළේ ජාත්‍යන්තර ණය හිමියන්ගේ අවශ්‍යතාවය නිසා කියලා පසුව රජය සඳහන් කළා. එසේ නම් මෙහි සමානාත්මතාවයක් තිබියි යුතුයි.

දේශීය ණය හිමියන් අපහසුතාවයට පත් කරලා ජාත්‍යන්තර ණය හිමියන්ට සියයට 7 ක් පමණ මුහුණ අගය කපා හැරීම සම්බන්ධයෙන් වෙන කිසිදු දේශපාලන පක්ෂයක් ඔවුන්ගේ මතය සඳහන් කළේ නෑ. නමුත් සමගි ජනබලවේගය මෙම ක්‍රියාදාමයට එකඟ වන්නේ නැති බව සඳහන් කරන්න කැමැතියි.

රජය ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා , ඒ යෝජනාව ණය හිමියන් සිදුකළ යෝජනාවට වඩා හොඳයි. ඒ යෝජනාව හරහා සියයට 7 කට වඩා අඩු ප්‍රමාණයකට මුහුණ අගය කපා හැරීම අඩුවෙන්නේ නැති බව පේනවා. නමුත් මේ යෝජනාව complex යෝජනාවක්. එම යෝජනාවේ විකල්ප 64 ක් තිබෙනවා.

ඔවුන් අපිට සඳහන් කළා complicated වැඩි නිසා එවැනි තැනකට ගමන් කරන්න බෑ. සිංහල මාධ්‍ය මේ සම්බන්ධයෙන් කතා වෙන්නේ නෑ. නමුත් කතා විය යුතු කාරණයක්. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් වෙලා. රජයට පීඩනයක් ගෙනල්ලා. විරෝධතා ඉදිරිපත් කරලා. උත්සහ කරන්න ඕන වැටෙන්න යන වලෙන් බේරෙන්න. අපි විශ්වාස කරන්නේ මේ පාර්ශ්වයන් සමඟ ශක්තිමත් negotiation එකක් තියෙන්නේ ඕන.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කටයුතු වලදී ‘ලසාඩ්’ සහ ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ මූල්‍ය සහ නීති උපදේශක සමාගම් ලංකාව සමඟ සිටිනවා. අනිත් පැත්තෙන් රොක්ස්ටයිල් සහ වයිට් ඇන්ඩ් කෙස් කියන සමාගම්. ණය ප්‍රතිව්‍යුහගතකරණය කාගේ නායකත්වයෙන්ද සිදුවෙන්නේ කියන ප්‍රශ්නය තිබෙනවා. ලසාඩ්’ සහ ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකාවට උපදෙස් ගන්න තෝරාගත්ත ආයතන. මේ සඳහා දේශපාලන නායකත්වයක් ලංකාවේ දකින්න ලැබෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී , විද්වත් සාකච්ඡාවක් නෑ.

2028 වනතුරු බැඳිමකට යටත් කරන්න යන අවස්ථාවේ කවුද ජනතාව වෙනුවෙන් හඩ නගන්නේ. සමගි ජනබලවේගයේ ආර්ථික කණ්ඩායම පමණක්ද මේ සම්බන්ධයෙන් ඉදිරිපත් විය යුත්තේ. විශ්ලේෂණාත්මක මත පලකිරිමක් නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අත්සන් කළාට පස්සේ සියලු දෙනා පාරට එයි. ඊට පස්සේ විරෝධය පළ කරයි. එතකොට දේශපාලන වාසියක් ගන්න පුලුවන්. ඇත්තටම කැක්කුමක් තිබෙනවා නම් අපිත් එක්ක එකතුවෙන්න. ජනතාව සමඟ කළ යුතු දේ ජනතාවට දරා ගන්න හැකි දේ කළ යුතුයි කියන තැනට පැමිණෙන්න.

තමව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වෙනි වාරිකය ලැබිලා නෑ. තුන්වෙනි වාරිකය ලැබෙන්න පැරිස් ක්ලබ් එකේ පිරිස , ජපානය , චීනය එකඟ වෙන්න ඕන. පුද්ගලික ණය හිමියන් සමඟ එකඟතාවයක් අත්සන් කලේ නැති වුණාට ධනාත්මකව ඒ දෙසෙ යනවා කියන එකඟතාවය තියෙන්න ඕන. මේ කිසි දෙයක් නෑ. මෙලෙස එකඟතාවයක් ඇති කර ගත්තේ නැතිනම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වෙනි වාරිකයට මොකද වෙන්නේ. සටන් කරලා රට වෙනුවෙන් ලබාගත යුතු දේ කරන්නේ නැතිව ඡන්දයට කලින් ඉවර කර ගන්න ඕන කියන තැනට ගියොත් රටට වාසියක් වෙයිද?ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අපිත් සමඟ විවාදයකට එන්න කියලා ඕනම කෙනෙක්ට ආරාධනා කරනවා. ඒ වගේම ආණ්ඩුව බංකොලොත් වෙන්න කලින් අපි අනතුරු ඇඟෙව්වා. අපි කිව්වා රට බේරගන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කියලා. අවසානයේ රට බංකොලොත් කරලා ජනතාව අගාධයකට ඇඳලා දැම්මා.‘‘

SendShareShare
Previous Post

10 වැනිදා නෙළුම් පොකුණෙන් පටන් ගත්තා! 19 වැනිදා 10000ක් එක්ක ධම්මික කුරුණෑගලට එනවා! මේ ඇරඹෙන්නේ ධම්මිකගේ ජනාධිපති සටනද? I Sri Lanka Latest News

Next Post

මරණ දඬුවම නියම වූ මරුසිරා අන්තිම කාලෙ හිරේ ඉද්දී නන්දන මාරසිංහ ඇතුළු ජවිපෙ සාමාජිකයන් ඉතා සූක්ෂ්ම විදියට ඇසුරු කරන්න ලැබුණේ කොහොමද? ජවිපෙ දේශපාලනික අදහස් සහ න්‍යායන් මරුසිරාට කාවැද්දුවේ කොහොමද? සිරකරුවන්ට ලබාදුන් ‘ලාගටීන්’ නිදිපෙති නන්දන මාරසිංහලා මරුසිරාට දුන්නාද? එල්ලා මරන දවසේ මරුසිරා බාගෙට මැරිලා හිටපු හැටි මරුසිරා බලාගත් ප්‍රධාන ජේලර් ‌අවුරුදු 45කට පස්සේ පළමු වරට හෙළිකරයි! Sri Lanka Latest News

MORE NEWS

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

Load More
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

“අපනයනකරුවෝ ඩොලර් ලංකාවට ගේන්නේ නැතුව සිංගප්පූරුවේ පාක් කළොත් අපි තවත් අමාරුවේ වැටෙනවා” - මහ බැංකුවේ අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව...

Read more
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.