• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ඉරාන ජනාධිපතිව හදිසියේ ගෙන්වපු රහස! Sri Lanka Latest News

May 12, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් ඉරාන ජනාධිපතිට ලංකාවට එන්න කියා ආරාධනා කිරීමට එක් ප්‍රධාන හේතුවක් නම් ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාව දිනාගැනීමය. ඔහු මේ සඳහා ප්‍රචාරක උපක්‍රම හොයමින් සිටියේය. ඔහු සහ පලස්තීන විදේශ ඇමැති අතර පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳ උගන්ඩාවල තිබූ සවුත් සමිට්හිදී පැවැති සංවාදය රනිල්ගේ මාධ්‍ය ඒකකය සිංහල භාෂාවට පරිවර්තනය කොට රට පුරා ව්‍යාප්ත කළේය. එසේම ඔහුගේ ගාසා අරමුදලත් එම කැම්පේන් එකේම කොටසකි. ඉරානය සහ ඊශ්‍රායලය අතර අර්බුදයක් ඇතිව තිබූ වෙලාවේ ඉරාන ජනාධිපති ලංකාවට එන්න සූදානම් වෙද්දී රනිල් ඔහුව පිළිගත්තේ මුස්ලිම් ඡන්ද ගැන හිතාගෙන විය යුතුය. ඉරානයේ ජනාධිපතිට රනිල් දුන් ඩිනර් එකට විපක්ෂ නායක සජිත් නොපැමිණීම පිළිබඳ ඔහුගේම මාමාගේ පත්තරය පහර දෙන්නේත් එම උපක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙසය. (Sri Lanka Latest News)

ඉරාන ජනාධිපතිගේ සංචාරයට පෙරම ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ඉරාන ජනාධිපතිගේ සංචාරය පිළිබඳ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය විරෝධය පළකොට ඇති බව වාර්තා කළේය. මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන් විදේශ අමාත්‍යාංශයට පැමිණ විරෝධය පළකළ බව එහි සඳහන් විය. ඉරාන ජනාධිපතිගේ සංචාරයට පසු ඉරාන ජනාධිපතිගේ සංචාරය ගැන සිය කනස්සල්ල පළකරන මෙරට ඊශ්‍රායල තානාපතිගේ ප්‍රකාශයක්ද ආණ්ඩුවට හිතවත් මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් දී පළ කළේය.

2002 ආණ්ඩු කාලයේ මෙන්ම 2015-2019 ආණ්ඩු කාලයේද රනිල්ගේ ඇමෙරිකානු හිතවාදී ප්‍රතිපත්තිය ගැන මුස්ලිම් ජනතාවට ප්‍රශ්න තිබිණි. පාස්කු ප්‍රහාරයට පසු මුස්ලිම්වරුන්ට එරෙහි කෝලාහල මර්දනය කරන්න රනිල්ගේ ආණ්ඩුව හදිසි නොවූ බවටද චෝදනාවක් මුස්ලිම් ජනතාව අතර තිබේ.
2022 රනිල් ජනාධිපති වී උත්සාහ ගත්තේ තමාගේ ඇමෙරිකානු හිතවාදී ප්‍රතිරූපයෙන් සිංහල ජනතාව දිනාගන්නටය. එහෙත් ඔහුට ඉන් මුස්ලිම් ජනතාව අපහසුතාවට පත්වෙන බව තේරුම් ගියේ පසුවය. ඉරාන ජනාධිපතිගේ සංචාරය ඔහු ප්‍රයෝජනයට ගත්තේ ඒ සඳහාය. ඉරාන ජනාධිපතිගේ සංචාරයට පසුව ආණ්ඩුවට හිතවත් සිංහල මාධ්‍යවල පමණක් පළවූ පුවතක් වූයේ ඇමෙරිකානු පර්යේෂණ නැවකට ලංකාවට ඇතුළු වීමට ආණ්ඩුව අවසර නොදුන් බවය. මෙම නිවුස් එක මෙරට ප්‍රධාන සිංහල මාධ්‍යවල පළවිය.

රනිල්ගේ ආණ්ඩුවේ මේ මාධ්‍ය මෙහෙයුමෙන් මෙරට මුස්ලිම් ජනතාව දිනාගැනීමට රනිල් සමත් වෙයිද කියා තවම කිව නොහැකිය.
නමුත් රනිල්ගේ මෙම ඉරාන ජනාධිපතිගේ මාධ්‍ය මෙහෙයුමෙන් චීනය උන්මාදයට පත්ව තිබෙන බව චීන මාධ්‍ය ඉරාන ජනාධිපතිගේ සංචාරය වාර්තා කළ ආකාරයෙන් පෙනේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර අර්බුදයක් ඇතිවී තිබෙන වෙලාවක රනිල් ඉරාන ජනාධිපති පිළිගැනීම සහ රනිල් ග්ලෝබල් සවුත් වෙනුවෙන් පෙනී සිටීම ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සන්ධිස්ථානයක් බවය. ඉරාන ජනාධිපතිගේ ලංකා සංචාරයෙන් චීනය සතුටට පත්ව සිටියදී ජපාන විදේශ ඇමැති ලංකාවට පැමිණ ලංකාවේ ගැඹුරු මුහුදේ පරීක්ෂණ සඳහා අවශ්‍ය යාත්‍රා උපකරණ දෙන්න එකඟ වූයේ චීන පර්යේෂණ නැව්වලට ලංකාවට අවසර දීමට හේතුව ලෙස ලංකාව ඉදිරිපත් කරන ලංකාවට සමීක්ෂණ කරන්න තාක්ෂණය නැහැ කියන ප්‍රශ්නයට උත්තරයක් ලෙසය. ජපාන විදේශ ඇමැති සංචාරයේත් පරස්පරතා බොහෝය. ආණ්ඩුව කියන්නේ ජපානය නැවතත් ලංකාවේ ව්‍යාපෘතිවලට ආධාර දෙන්න පටන්ගන්න අවබෝධතා ගිවිසුමක් අස්සන් කරන්න කැමැත්ත පළකළා කියාය. ඒත් ජපාන විදේශ ඇමැති මාධ්‍යවේදීන්ට කියා තිබුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙන තෙක් ජපානය ලංකාවේ ව්‍යාපෘති පටන්ගන්නේ නැති බවය. ජාත්‍යන්තර සබඳතා දේශීය දේශපාලනයට යොදාගැනීමේ රනිල්ගේ උත්සාහය සාර්ථකද කියන එක ගැන සැක සංකා තිබේ.

SendShareShare
Previous Post

මෛත්‍රීපාල ඉල්ලා අස්වෙයි! විධායක සභාව පක්ෂයේ සභාපති ධූරය ඒකමතිකව විජයදාසට දෙයි! ශ්‍රීලනිප අර්බූදය තවත් මෝරන ලකුණු!

Next Post

මම අවුරුදු 10ක් රට පාලනය කළත් රජය සතු කිසිදු දේපොළක් වික්කේ නෑ! විකුණලා තිබ්බ ඒවත් ආණ්ඩුවට ගත්තා! මම පෞද්ගලීකරණයක් ගැන කතා ‌කළේවත් නෑ! ගෝඨාගේ ඉතිරි කාලය ගෙවන්න ආපු මේ ආණ්ඩුව කඩිමුඩියේ රාජ්‍ය දේපොළ විකිණීම අනුමත කරන්න බෑ! ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර වහාම අත්හිටුවන්න! මහින්දගෙන් රනිල්ගේ ආණ්ඩුවට අවසන් දැනුම් දීම නිකුත් වෙයි! Sri Lanka Latest News 

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.