යුක්ති මෙහෙයුමට සමගාමීව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මක වීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100 ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් 2024.04.25 වන අද දින කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කදවුරේ සති 02 ක පුහුණුව සාර්ථකව අවසන් කර විසිරයැමේ උත්සවය පවත්වන ලදී. (Sri Lanka Latest News)
මෙම විශේෂ පුහුණුව ලත් යතුරු පැදි කණ්ඩායම් අද දින සිට බස්නාහිර සහ දකුණ පළාතේ විශේෂයෙන් හදුනාගත් පොලිස් වසම් ආවරණය වන පරිදි සංචාරය කිරීමට නියමිත ඇති අතර, අපරාධකරුවන් වෙත ක්ෂණිකව හඹාගොස් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක වනු ඇත.