• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

පොලිස්පති පුටුවට ලියුම් හටනක්! ජනාධිපතිට කේන්ති ගිහින්ද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

November 5, 2023
in Exclusive
Reading Time: 15 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

විදෙස් නියෝජිතයන් ‌පෝලිමේ සජිත් ගාවට!

විපක්ෂය වර්ජනය කරපු ‘නාම් 200’

ඩයනා ගැන තීන්දු දෙකම මෙන්න!

මුලින්ම සජිත් හමුවෙලා

ආණ්ඩුව මේ දිනවල සිටින්නේ 2024 වසරේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වෙමිනි. මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ගේ පමණක් වැටුප් වැඩිවීමක් සිදුවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් ආණ්ඩුවේ ඇමැතිවරුන් දැනටමත් ප්‍රකාශ කර අවසානය. නමුත් අතිබහුතරයක් වූ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් සම්න්ධයෙන් තවමත් ආණ්ඩුවෙන් ප්‍රකාශයක් නිකුත් වී නොමැත. එසේ තිබියදී පෙරහැරට කලින් කසකාරයන් එන්නා සේ වැට් බද්ද 15% සිට 18% දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව පසුගිය සතියේදී කැබිනට් තීන්දුවක් ගත්තේය. මීට අමතරව අයවැයෙන් ධන බද්ද, දේපළ බද්ද සහ උරුම බද්ද වැනි බදු ගණනාවක් පැනවෙනු ඇති බවට විපක්ෂය දැනටමත් අනාවැකි පළකොට ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද මේ වනවිට ප්‍රකාශ කොට ඇත්තේ තවමත් ආණ්ඩුවට ලබාදුන් ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකිව සිටින බවකි.Sri Lanka Latest News

ආණ්ඩු පෙරළියක් දැනිලාද?

තත්ත්වය මෙසේ පැවැතියදී පසුගිය සතියේ ජාත්‍යන්තර සංවිධාන කිහිපයකම නියෝජිතයන් ලංකාවේ සංචාරය කිරීමට පියවර ගෙන තිබිණි. ඉන් එකක් වූයේ ලෝක බැංකුවේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් ලංකාවේ සංචාරයකට පැමිණ තිබීමය. අනෙක් කණ්ඩායම වූයේ යුරෝපා කොමිසම සහ යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ දූත පිරිසක් ලංකාවට පැමිණීමය. වැඩි සද්දයකින් බද්දයකින් තොරවම ලංකාවට පැමිණි මෙම කණ්ඩායම පළමුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. සාමාන්‍යයෙන් මේ ආකාරයේ ඉහළ පෙළේ දූත පිරිසක් ලංකාවට පැමිණීමෙන් පසු පළමුව හමුවන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ ඉහළ නිලධාරීන්ය. විපක්ෂයේ නියෝජිතයන් හමුවන්නේ ඉන් අනතුරුවය. නමුත් මෙවර එය කණපිට පෙරළමින් ලෝක බැංකු නියෝජිත පිරිස සහ යුරෝපා කොමිසමේ දූත පිරිස පළමුව හමුවුණේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් නොව විපක්ෂ නායක සජිත් සහ පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ය. බොහෝ දුරට ඊට හේතුව වීමට ඉඩ ඇත්තේ නුදුරේදීම මෙම කණ්ඩායම ආණ්ඩු බලය ලබාගැනීමට කටයුතු කරනු ඇති බවට ඔවුන් විසින් ගණන් හදා තිබීම විය යුතුය.

මූල්‍ය අරමුදලත් ආවා

පසුගිය වතාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණි අවස්ථාවේදී දැකගන්නට ලැබුණේද මේ හා සමානම සිදුවීමකි. එහිදීද එම කණ්ඩායමේ ප්‍රධානියා වූ පීටර් බෲවර් මහතා ඇතුළු පිරිස ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා හමුවීමට ප්‍රථම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පොදු කමිටුව හමුවීමට පියවර ගත්හ. මෙම සාකච්ඡාවේදී දැකගැනීමට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනතාවට පීඩාකාරී කොන්දේසි ගණනාවක් ඇතුළත්ව ඇති මූල්‍ය අරමුදලේ ගිවිසුම සිය ඉදිරි රජයක් යටතේ සංශෝධනය කිරීමට පියවර ගන්නා බව සජිත් විසින් පීටර් බෲවර්ගේ මුහුණටම කියා සිටීමය. එහිදී පීටර් බෲවර් වික්ෂිප්තව එසේ නම් සංශෝධනය කරනු ලබන්නේ කුමන කොන්දේසීන්ද යන්න සජිත්ගෙන් පෙරළා ප්‍රශ්න කොට තිබිණි. සජිත් එහිදී කියා තිබුණේ ජනතාවට පීඩාකාරී බදු සංශෝධන සහ විදුලි බිල ඉහළ නැංවීම වැනි කරුණු සිය රජයක් යටතේ සංශෝධනය කිරීමට පියවර ගන්නා බවකි.

බෲවර් පුලුවන් කියයි

මෙම තොරතුරු වාර්තා වීමත් සමග පීටර් බෲවර් සහභාගි වූ මාධ්‍ය හමුවේදී එක්තරා මාධ්‍යවේදියකු විසින් ප්‍රශ්න කරනු ලැබ තිබුණේ ඒ ආකාරයට මූල්‍ය අරමුදලේ කොන්දේසි සංශෝධනය කළ හැකිදැයි කියාය. එවිට බෲවර් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ අවශ්‍ය නම් සාකච්ඡා කොට එම කොන්දේසි සංශෝධනය කළ හැකි යැයි කියාය.

යුරෝපා කොමිසමත් සජිත් ළඟට

මූල්‍ය අරමුදල විසින් ගනු ලැබූ මෙම පියවර සමග පසුගිය සතියේ ලංකාවට පැමිණි යුරෝපා කොමිසමේ නියෝජිත පිරිසද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙ මැති ඇමැතිවරු හමුවීමට ප්‍රථම සජිත් ප්‍රමුඛ සෙසු විපක්ෂය හමුවීමට පියවර ගත්හ. මෙම කණ්ඩායමේ දැකගන්නට ලැබුණු විශේෂම ලක්ෂණය වූයේ යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා කොමිසම නියෝජනය කරන ඉහළ නිලධාරීන් මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටීමය. තවමත් යන්තමින් හෝ ලංකාවේ ආර්ථිකය රැඳී ඇත්තේ යුරෝපා කොමිසම විසින් ලංකාවේ අපනයනයන්ට ලබාදෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය වීම හේතුවෙන් මෙම කණ්ඩායමේ මෙවර ලංකා ගමන ඉතා විශේෂ එකක් වී තිබිණි.

මෙන්න ආණ්ඩුව කරන දේවල්

කෙසේ වෙතත් මෙම හමුවේදී විපක්ෂය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව සිටි සජිත්, ජී.එල්. පීරිස්, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න ඇතුළු කණ්ඩායම ලංකාවේ මතුව ඇති තත්ත්වය යුරෝපා කොමිසමේ නියෝජිතයන්ට පෙන්වා දීමට පියවර ගත්හ. ඔවුන් කියා සිටියේ ආණ්ඩුව නිතරම යහපාලනය පිළිබඳ කතා කළද මැතිවරණ නොපවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම හකුලා ඇති බවය. විශේෂයෙන්ම අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකරන ආකාරයත්, පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමත් ඊට හොඳම නිදසුන බව පෙන්වා දුන් මෙම පිරිස ඊට අමතරව ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා කඩකරන ආකාරයට ඔන්ලයින් පනත, ප්‍රතිත්‍රස්ත පනත, විකාශන අධිකාරී පනත වැනි මර්දනකාරී අණපනත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ දරන බවද පෙන්වා දුන්හ.

හොරකම ඉහවහා ගිහින්

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කටයුතු කළ ආකාරයටම ජනාධිපතිවරණයද කල්දැමීමට උත්සාහ ගත් බවත්, සජබය ප්‍රමුඛ විපක්ෂයේ විරෝධය මැද ආණ්ඩුවේ එම උත්සාහය අකුලා ගැනීමට සිදුවූ බවත් මෙහිදී සජිත් ප්‍රමුඛ මන්ත්‍රීවරු යුරෝපා කොමිසමට පෙන්වා දුන්හ. එමෙන්ම රට බංකොලොත් බවට ප්‍රකාශ වී ඇති පසුබිමක පවා ආණ්ඩුව දැවැන්ත වංචා දූෂණ සිදුකරන බව පෙන්වා දුන් විපක්ෂ නියෝජිතයෝ ඊට උදාහරණද එකින් එක පිරිස හමුවේ තැබීමට පියවර ගත්

පිරිසගෙන් කොන්දේසියක්

මේ ආකාරයට විපක්ෂ නියෝජිතයන්ගේ කරුණු දැක්වීමෙන් පසු යුරෝපා සංගමයේ නියෝජිතයන් කියා සිටියේ තමන් මෙම කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කරනවා පමණක් නොව, යුරෝපා පාර්ලිමේන්තුවේදී පවා එම කරුණු සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවය. එමෙන්ම තවත් විශේෂ ඉල්ලීමක්ද යුරෝපා පාර්ලිමේන්තු නිලධාරීන් මෙහිදී ඉදිරිපත් කළේය. ඒ, ජනාධිපතිවරයා හමුවන තෙක් මෙම සාකච්ඡාවේ තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකරන ලෙසය. ඊට සජිත් ඇතුළු කණ්ඩායම එකඟතාව පළකිරීමට පියවර ගත්හ. ඒ අනුව පසුව මෙම යුරෝපා දූත පිරිස ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හමුවීමට පියවර ගත්තද එහි තොරතුරු කිසිවක් මාධ්‍ය වෙත වාර්තා වී තිබුණේ නැත.

ලෝක බැංකුවෙන් අහපු ප්‍රශ්නය

ඊට පසු දින සජිත් ප්‍රමුඛ විපක්ෂ නියෝජිතයන් හමුවීමට කටයුතු කළේ ලංකාවට පැමිණ සිටි ලෝක බැංකුවේ නියෝජිත කණ්ඩායමය. මෙම හමුවට සජිත් සමග හර්ෂ, ඉරාන්, කබීර් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැති මෙම හමුවද ඉතා තීරණාත්මක එකක් වූයේ එහිදී සාකච්ඡා වූ කරුණු මුල්කරගෙන ය. විශේෂයෙන්ම විපක්ෂ නායකවරයා මෙහිදී ලෝක බැංකු නියෝජිතයන්ගෙන් කෙළින්ම විමසා සිටියේ ජනවරමක් නොමැති ජනාධිපතිවරයකු සහ ජනවරමක් නොමැති ආණ්ඩුවක් සමග ලෝක බැංකුව වැනි පිළිගත්, ජාත්‍යන්තර ආයතනයක් කටයුතු කරන්නේ කෙලෙසකද යැයි කියාය. එමෙන්ම ආණ්ඩුව ජනතා අයිතීන් මර්දනය කරමින් ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සජිත් ඇතුළු කණ්ඩායම ලෝක බැංකු නියෝජිතයන් දැනුවත් කිරීමට පියවර ගත්හ.

ශෂී තරූර් හමුව

මෙම විශේෂ හමුවීම් දෙකට අමතරව පසුගිය බදාදා තවත් විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට එක්ව සිටියේ ඉන්දියාවේ ප්‍රකට සහ ප්‍රබල දේශපාලන චරිතයක් වන ශෂී තරූර් ය. මේ දිනවල ඉන්දියාවේ මහමැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රචාරණ කටයුතු ආරම්භ වී ඇති අතර එහි ප්‍රධාන පක්ෂ දෙක වී ඇත්තේ ගාන්ධි පවුල ප්‍රධාන ඉන්දීය කොංග්‍රසයත්, මෝදිගේ නායකත්වයෙන් යුත් පාලක භාරතීය ජනතා පක්ෂයත්ය. ඉන්දීය කොංග්‍රසය මෙවර තරග වැදීමට සූදානම්ව සිටින්නේ පුළුල් සන්ධානයක් පෙරටු කරගෙනය. එහි ප්‍රධාන චරිතයක් වන ශෂී තරූර් නියෝජනය කරන්නේ ඉන්දීය කොංග්‍රස් පක්ෂයය. බොහෝ දෙනා අනාවැකි පළකොට ඇත්තේ මෙවර ඉන්දීය මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය ආණ්ඩු බලය පිහිටුවහොත් එම රජයේ විදේශ ඇමැති ලෙස ශෂී තරූර් කටයුතු කරනු ඇතැයි කියාය.

ඔක්කොම පුදුම වෙයි

ලංකාවේ සංචාරය කරන ලෙසට ශෂී තරූර්ට ආරාධනාව ලැබී තිබුණේ කොළඹ විශ්වවිiාලයේ ආදි ශිෂ්‍යයන්ගෙනි. එම ආරාධනාව පිළිගෙන ලංකාවට පැමිණි ශෂී තරූර් ‘බි්‍රක්’ සංවිධානය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් පැවැත්වීමට කටයුතු කොට තිබිණි. ඉන් අනතුරුව සියල්ලන්ම පුදුමයට පත්කරමින් ශෂී තරූර් විපක්ෂ නායක සජිත් හමුවීම සඳහා කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණීමට පියවර ගත්තේය. සාමාන්‍යයෙන් එවැන්නක් සිදුවන්නේ බොහෝ කලාතුරකිනි. මන්ද වෙනත් රටවල විපක්ෂ නියෝජිතයන් පැමිණ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හමුවීම සාමාන්‍ය සිදුවීමක් වුවද විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ පිරිස් හමුවීම සුලබව දැකගන්නට නොමැති නිසාය. මෙම හමුවට සජිත් සමග ජී.එල්., කිරිඇල්ල, හර්ෂ, කබීර්, ඉරාන්, හකීම්, මනෝ ඇතුලු කොළඹ සරසවියේ විiාර්ථීන් රැසක් එක්ව සිටියහ.

නිර්මලා සීතාරාමන්ගේ ගමන

මේ ආකාරයට ඉන්දීය විපක්ෂය වූ කොංග්‍රසය නියෝජනය කරමින් එම පක්ෂයේ ප්‍රධානියකු ලංකාවේ සංචාරය කරද්දී ඉන්දීය භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් තවත් විශේෂ නියෝජිතයකුද ලංකාවට පැමිණීමට පියවර ගෙන තිබිණි. ඒ, මෝදිගේ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරිය වූ ආචාර්ය නිර්මලා සීතාරාමන්ය. වතුකරයේ සිටින ඉන්දීය දෙමළ ජනතාව ලංකාවට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කොට තිබූ ‘නාම් 200’ උත්සවයට සහභාගි වීම සඳහා මෙසේ ඉන්දීය මුදල් ඇමැතිවරිය වූ සීතාරාමන් ලංකාවට පැමිණීමට පියවර ගෙන තිබිණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම උත්සවයේ සංවිධාන කටයුතු පැවරී තිබුණේ වතුකරයේ ආණ්ඩුවේ නියෝජිතයා වූ ජීවන් තොණ්ඩමාන්ටය. එමෙන්ම උත්සවයට සහභාගි වන ලෙස වතුකරයේ ජනප්‍රියම සහ ප්‍රබලම දේශපාලනඥයා වන සමගි ජන බලවේගයේ පලනි දිගම්බරම්ටත්, ඔහු නියෝජනය කරන මනෝ ගනේෂන්, වී. රාධක්‍රිෂ්ණන් ප්‍රමුඛ ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයටත් (ටී.පී.ඒ.) සජබ නියෝජිතයන්ටත් ආරාධනා ලැබ තිබිණි.

සජබය වර්ජනයක

නමුත් ආරම්භයේ සිටම සජබයට මෙම උත්සවය සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතුව තිබිණි. ඉන් පළමුවැන්න වූයේ වතුකරයේ ඉන්දීය දෙමළ ජනතාවට වසර 200ක් පිරීම නිමිත්තෙන් සංවිාධාන කරන උත්සවය වතුකරයේ නොපවත්වා, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ එය සංවිධාන කිරීමට පියවර ගෙන තිබීමය. දෙවැන්න වූයේ උත්සවයේ සංවිධාන කටයුතු භාරව සිටි තොණ්ඩමන් වතුකරයේ ජනතාවට වඩා සිය දේශපාලන ප්‍රතිරූපය මේ හරහා වර්ධනය කරගැනීමට කටයුතු කරන බවට චෝදනා එල්ල වීමය. ඊළඟට දිගම්බරම්ලා හට ලැබී තිබුණු විශ්වාසදායක තොරතුරුවලින් කියැවුණේ මෙම උත්සවය සංවිධාන කිරීම සඳහා යැයි කියමින් කිසියම් පිරිසක් විසින් විශාල වශයෙන් මුදල් එකතු කිරීමට කටයුතු කර ඇතැයි කියාය. ඒ අනුව මෙම උත්සවයට සහභාගි වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සජබය ප්‍රධාන දිගම්බරම්, මනෝ, රාධා ක්‍රිෂ්ණන් ඇතුළු පිරිස පසුගිය බදාදා රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. මෙම සාකච්ඡාවේදී වතුකරයේ නායකයන් සජිත් ඇතුලු පිරිසට පෙන්වා දුන්නේ වතුකරයේ දෙමළ ජනතාවට ජීවන් තොණ්ඩමන් කිසිවක් කොට නොමැති බවත්, ඒ හේතුවෙන් හීනවෙමින් පවතින සිය ප්‍රතිරූපය යළි වර්ධනය කරගැනීම සඳහා තොණ්ඩමන් මෙය අවස්ථාවක් කරගැනීමට උත්සාහ කරන බවත්ය. වසර 200ක ඉතිහාසයක් ඇති වතුකරයේ දෙමළ ජනතාවට ලොකුම සේවය කළේ ඔවුන්ට මෙරට පුරවැසිභාවය ලබාදුන් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සහ ජීවන් තොණ්ඩමන්ගේ සීයා වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් බව කී පිරිස වත්මන් පාලකයන් ඒවා අමතක කොට ඇති බවද පිරිස සජිත්ට පෙන්වා දුන්හ. මීට අමතරව මෙම උත්සවය පෙන්වා යම් යම් පිරිස් විශාල වශයෙන් මුදල් එකතු කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබීම නිසා උත්සවය වර්ජනය කළ යුතු බව සියල්ලන්ගේම ස්ථාවරය විය. ඒ අනුව අවසානයේදී සජිත්ද තීන්දු කළේ සජබයේ කිසිවකුත් මෙම අවස්ථාවට සහභාගි නොකිරීමටය.

පොලිස්පති පුටුවේ සටන

තුන්වැනි වරටත් සේවා දිගුවක් ලබා පොලිස්පති ධුරයේ රාජකාරි කළ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ එම සේවා දිගුවද සිකුරාදා (03) දිනයේ අවසන් විය. බ්‍රහස්පතින්දා දිනය වන තෙක් පොලිස්පති ධුරයට කිසිවකුත් නම් නොකිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන නොතිබීම නිසා බොහෝ දෙනා සිතුවේ සිකුරාදා සිට යළිත් රට දුවන්නේ පොලිස්පතිවරයකු නොමැතිව යැයි කියාය. නමුත් සිකුරාදා දින ජනාධිපතිවරයාගේ පවුලට සමීප මාධ්‍ය වාර්තා කොට තිබුණේ සී.ඩී.ගේ සේවා කාලය සිව්වන වතාවටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇති බවකි. නමුත් මහජන ආරක්ෂාව බාර අමාත්‍ය ටිරාන් අලස් මහතා එදිනම මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණේ නව පොලිස්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවකි.

ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව

කෙසේ වෙතත් මීට සති දෙකකට ඉහතදී මෙම තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ පොලිස්පති ධුරය මුල්කරගෙන ආණ්ඩුව ඇතුළේ සීතල යුද්ධයක් හටගෙන ඇති බවකි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් දෙවැනි වතාවට පොලිස්පති ධුරය සඳහා නැවත සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කොට එවනු ලැබූ අවස්ථාවේදී එය අනුමත කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළද නැවත වතාවක් සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශ නොකිරීමට කටයුතු කරන්නේ නම් ඉතා සුදුසු බව ජනාධිපතිවරයාට පෙරළා දැනුම් දීමට ව්‍යවස්ථාදායක සභාව පියවර ගෙන තිබිණි. නමුත් එම දැනුම් දීම නොතකා ජනාධිපතිවරයා තුන්වැනි වරටත් පොලිස්පති ධුරය සඳහයා සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නමම යෝජනා කර තිබීම නිසා කතානායක, අගමැති, විපක්ෂ නායක ඇතුළු නව දෙනකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව ජනාධිපතිවරයාගේ එම නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණි. ජනාධිපතිවරයා ඒ වන විට සිටියේ සිය චීන සංචාරයට එක්වෙමින් චීනයේය. එම තොරතුර වාර්තා වීමත් සමග සිය බලතල භාවිත කරමින් ජනාධිපතිවරයා සී.ඩී. වික්‍රමරත්න නැවත පොලිස්පති තනතුරේ පිහිටුවීමට පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරද්දී කතානායකවරයා කියා සිටියේ බලතල අනුව ව්‍යවස්ථාදායක සභාව කළ කටයුත්තත් නීත්‍යනුකූල බවත්, ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගද නීත්‍යනුකූල බවත්ය.

අපි කියපු කතාව හරි

එමෙන්ම පසුගිය සතියේ අප තවත් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා සිවුවැනි වතාවටද පොලිස්පති ධුරය සඳහා සී.ඩී.ගේ නම යෝජනා කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, යම් හෙයකින් එය ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කළහොත් එම විරෝධය නොතකා නැවත වතාවක් සී.ඩී. පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට සැලසුම් කර ඇති බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායක සභාව අතර පොලිස්පති ධුරය මුල්කරගෙන සීතල යුද්ධයක් ගොඩනැගෙමින් පවතින බවක් මෙම සිදුවීම්වලින් දැකගන්නට ලැබිණි.

ලියුම් හුවමාරුවක්

තිරය පිටුපස පැවැති මෙම සීතල යුද්ධය හදිසියේම කරළියට පැමිණියේ ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් පසුව සිටින ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස්දෙනා පිළිබඳ තොරතුරු ඉල්ලා ලිපියක් යොමුකිරීමත් සමගය. ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙම ලිපිය යොමුකොට තිබුණේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ ඉල්ලීමකට අනුව අවසන් මොහොතේ පොලිස්පති ධුරය සඳහා නම් කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඒ සියලු නම් පිළිබඳ කල් තියා අධ්‍යයනයක් සිදුකොට අතිශය නිවැරැදි තීන්දුවක් ගැනීමේ අවස්ථාව ලබාගැනීම උදෙසාය.

ජනධිපතිගෙනුත් ලියුමක්

කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාවෙන් මෙම ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුවීමත් සමග තවත් අලුත් අර්බුදයකට පාර කැපෙන ආකාරයක් දැකගත හැකි විය. ආරංචිවලට අනුව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ වගන්ති ඇතුළත් දැඩි ලිපියක් කතානායකවරයා වෙත යොමුකිරීමට පියවර ගෙන තිබීම ඊට හේතුවී ඇති බව ආරංචිය. දැනගන්නට ඇති තොරතුරුවලට අනුව මෙම ලිපියේ තමන් විසින් අවස්ථා කිහිපයකදීම පොලිස්පතිවරයා ලෙස සී.ඩී. නම්කොට එවූ නමුත් අවසන් අවස්ථාවේදී හේතු දැක්වීමකින් තොරවම එම නම ප්‍රතික්ෂේප කොට ඇති බව සඳහන් කොට ඇති බව පැවැසේ. එමෙන්ම ව්‍යවස්ථාදායක සභාව දැනට සක්‍රීය පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පස්දෙනාගේ සේවා වාර්තා ලබාදෙන ඉල්ලීමක් කොට ඇති බව දැනගන්නට ලැබී ඇති බවත්, තමන් මෙතෙක් සී.ඩී.ගේ නම හැර කිසිදු නිලධාරියකුගේ නමක් යෝජනා කොට නැති බවත් එම ලිපියේ සඳහන්ව ඇති බව ආරංචිය. කෙසේ වෙතත් තමන් නිර්දේශ කරන නම මිස සහ තවත් නමක් මෙතෙක් නිර්f්දශ කොට නොමැති අවස්ථාවක ව්‍යවස්ථාදායක සභාව විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විස්තර ඉල්ලා සිටීම ව්‍යවස්ථාවේ වගන්ති ඉක්මවා යෑමක් බව ජනාධිපතිවරයා සිය ලිපිය මගින් කතානායකවරයාට දැනුම් දී ඇති බවක්ද දැනගන්නට තිබේ.

අර්බූදයක් එයිද?

ඒ අනුව ජනාධිපතිවරයා විසින් යවා ඇතැයි කියන මෙම ලිපියත් සමග පොලිස්පති ධුරය මුල්කරගෙන තවත් අලුත් අර්බුදයක් ගොඩනැගෙන ලකුණු පහළ වී තිබේ. කෙසේ වෙතත් මේ දිනවල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විදෙස්ගතව සිටින බැවින් තවමත් මෙම ලිපිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් සිදුව ඇති බවක් දැනගන්නට නැත. එමෙන්ම මෙම දැඩි ලිපිය හේතුවෙන් ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායක සභාව අතර හටගෙන ඇති ගැටුම නිවෙන පාටක්ද දැකගන්නට නැත.

විජයදාසගේ හෙළිදරව්ව

පසුගිය සතියේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ තවත් විශේෂ හෙළිදරව්වක් සිදුකීමට පියවර ගත්තේය. එහිදී විජයදාස කියා සිටියේ මෙරට ඇතැම් පුද්ගලයන් විදෙස් රටවල ඩොලර් බිලියන 55.5ක මුදලක් ආයෝජනය කොට හෝ විදෙස් ගිණුම්වල තැන්පත් කොට ඇති බවකි. මෙම මුදල් රටට රැගෙන ඒමට හැකි නම් විදේශ විනිමය ප්‍රශ්නයට පිළිතුරු ලබාගත හැකි බවද විජයදාස එහිදී කියා සිටියේය.

අලුත් ලයිස්තුවක් ඇවිත්

විජයදාස යනු ජනාධිපති නීතිඥවරයෙකි. එම නිසා ඔහු ආවාට ගියාට කතා නොකියන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. අපගේද විශ්වාසය වන්නේ විජයදාස යම් පිළිගත හැකි ලියවිල්ලක් අතේ තබාගෙන මෙම ප්‍රකාශය සිදුකළ බවකි. එවැනි අලුත් ලියැවිල්ලක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවලද සැරිසරමින් පවතින අතර එසේ විදෙස් රටවල මුදල් තැන්පත් කළ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන් හා ප්‍රභූ පුද්ගලයන්ගේ නම්ගම් එහි සඳහන්ව ඇති බවක් දැකගන්නට පුළුවන. එම නම් ලැයිස්තුව විජයදාසට ඉහළින් සිටින ප්‍රධානීන්ගේ අතටද ලැබී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

නම්ගම් එළියට එයිද?

ඒ අනුව විජයදාස මෙම හෙළිදරව්ව සිදුකරන්නේ එවැනි පසුබිමක් යටතේය. විජයදාස යනු රටේ අධිකරණ අමාත්‍යවරයාද වන නිසා නීත්‍යනුකූල නොවන ආකාරයට යම් යම් පුද්ගලයන් විදෙස් රටවල මුදල් තැන්පත් කර ඇති නම් ඔවුන්ගේ නම්ගම් රටට හෙළිදරව් කිරීම සහ එම මුදල් නැවත රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම විජයදාසගේ යුතුකමය. රටම බලන් ඉන්නේ විජයදාස එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නා තෙක්ය. එසේ නොවුණහොත් ජනතාව විජයදාස කළ මෙම කතාවද ඊට පෙර විජයදාස එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය වැනි එකක් බවට සලකනු නියතය. එදා විජයදාස පාර්ලිමේන්තුවේදීම කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුල්කරගෙන ‘චාමර ගුණසේකර’ නමැත්තකු ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබාගෙන ඇති බවය. එමෙන්ම ඊට අදාළ විදෙස් බැංකුවේ ගිණුමද විජයදාස විසින් රටට ප්‍රකාශ කර සිටියේය. නමුත් අද චාමර ගුණසේකරත් නැත. ඩොලර් මිලියන 250ත් නැත. එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන කිසිදු කතාවක්ද නැත. නමුත් බොහෝ දෙනා බලා සිටින්නේ විජයදාසගේ අලුත් හෙළිදරව්වට එවැන්නක් සිදු නොවනු ඇතැයි කියාය.

සජිත් වතුකරයට

මේ අතර ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැති ‘නාම් 200’ උත්සවයෙන් පසුවද සජබයේ මන්ත්‍රීවරුන් රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී බොහෝ දෙනා පෙන්වා දුන්නේ එම උත්සවයට සහභාගි නොවීම සඳහා දිගම්බරම්, මනෝ, රාධක්‍රිෂ්ණන්ගේ ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය සහ සජබය ගත් තීන්දුව නිවැරැදි බවත්, වතුකරයේ ජනතාව ඊට සහභාගි වී නොසිටි බවත්ය. එමෙන්ම තොණ්ඩමන් සිතා සිටි පිරිදි උත්සවය සාර්ථක කරගැනීමට නොහැකි වූ බවද මෙහිදී තවදුරටත් කියැවිණි.
ඒ අනුව සාකච්ඡාව අවසානයේදී තීන්දු වූයේ විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් දිගම්බරම්, මනෝ, රාධක්‍රිෂ්ණන් ඇතුළු සියලු දෙනා එක්ව වතුකරයේ ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත් කිරීමටය. දිගම්බරම්ලාගේ ඉල්ලීමට සජිත්ද එක පයින් කැමැති වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

බැසිල් ටාජ් එකට

මේ අතර දිවයිනට පැමිණ සිටින ඉන්දීය මුදල් ඇමැතිනිය වූ ආචාර්ය නිර්මලා සීතාරාමන් හමුවීම සඳහා මෙරට විශේෂ පුද්ගලයකුගෙන් ඉල්ලීම් කිහිපයක්ම ඉදිරිපත් වී තිබිණි. ඒ, වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්ෂගෙන්ය. මුදල් ඇමැතිවරයා ලෙස බැසිල් කටයුතු කරන සමයේදී ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය ලෙස කටයුතු කළේ නිර්මලා සීතාරාමන්ය. ආර්ථික අර්බුදය ආරම්භ වන අවදියේ එවක ඉන්දියාවට ගිය බැසිල්, සීතාරාමන් සහ ඉන්දීය ආණ්ඩුව සමග සාකච්ඡා කොට ඩොලර් බිලියන 4ක ණය මුදලක් ලංකාවට ලබාගැනීමට සමත් විය. කොරෝනා සමයේදී සහ ඉන් අනතුරුව පැමිණි ආර්ථික අර්බුදයේදී ලංකාව ඉන්ධන, ඖෂධ සහ ආහාර මිලදී ගත්තේ ඉන්දියාවෙන් ලැබුණු මේ ඩොලර් මිලියන 4ට පින් සිදුවන්නටය.

ස්තූති කරයි

මේ හේතුවෙන් පසුගියදා අවස්ථා කිහිපයකදීම බැසිල් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා තිබුණේ තමන්ට මුදල් අමාත්‍යවරිය හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසටය. දිගින් දිගටම ලැබුණු මෙම ඉල්ලීම් හමුවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද අවසානයේදී බැසිල්ට නිර්මලා සීතාරාමන් හමුවීම සඳහා අවස්ථාව ලබාදුන්නේය. ඒ, ටාජ් සමුද්‍රා හෝටලයේදීය. එහිදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය මුණගැසුණු බැසිල්, අතීතයේදී කළ උදව් උපකාර වෙනුවෙන් සිය ස්තුතිය පළකර සිටීමටද පියවර ගත්තේය.

ඩයනාගේ මන්ත්‍රීකම

රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ හා සජබ මන්ත්‍රීවරුන් දෙදෙනකු වූ රෝහණ බණ්ඩාරත්, සුමිත් සංජය පෙරේරාත් අතර පාර්ලිමේන්තුව ඇතුළේ සිදුවූ සංවාදය පසුගිය සති දෙකේදීම මෙරට මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබිණි. නමුත් පසුගිය සතිය වන විට එහි උණුසුම අවසන්ව ගොස් මාධ්‍යවල ප්‍රධාන තැනක් ගත්තේ ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මගින් ලබාදී තිබුණු නඩු තීන්දුවය. එම නඩු තීන්දුව බෙදුණු එකක් වූ අතර, සභාපති විනිසුරුවරයා වූ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරුවරුන් දෙදෙනා සිය තීන්දුව ලබාදෙමින් කියා සිටියේ පෙත්සම්කරු විසින් තම මතය තහවුරු කිරීමට අසමත්ව ඇති බැවින් ඩයනාගේ මන්ත්‍රී ධුරය පිළිබඳ අභියෝග කළ පෙත්සම නිශ්ප්‍රභ කරන බවකි. එහිදී අධිකරණයේදී සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා කියා සිටියේ මෙවන් කතාවකි.

විනිසුරු දෙපොළගේ මතය

‘මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර අධිකරණයෙන් සහන පැතීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර තිබිය යුතුයි. එහෙත් පෙත්සම්කරු අධිකරණයට පැමිණ තිබෙන්නේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවයි. පෙත්සම්කරු සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ වගඋත්තරකාරියට තිබෙන අපරාධ නඩුව පමණයි. ඒ වගේම පෙත්සම්කරු නියෝජ්‍ය ආගමන හා විගමන පාලකවරයා පොලිසියට ලබාදුන් ප්‍රකාශ කීපයක් මත විශ්වාසය තබා අධිකරණයට පැමිණ තිබෙනවා. සාක්ෂි ආඥා පනත ප්‍රකාරව මෙම සාක්ෂි පිළිගන්න පුළුවන් ද කියන ගැටලුිව අධිකරණයටත් මතුවෙනවා. ඒ නිසා පෙත්සම්කරු ඉදිරිපත් කර තිබෙන සාක්ෂි ඔහු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ඉල්ලීම තහවුරු කිරීමට ප්‍රමාණවත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුව පෙත්සම්කරු අධිකරණයට පැමිණ තිබෙන්නේ ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිවයි…’

‘මහජන සුභසාධන නඩුකරයක් වශයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව පෙත්සම්කරු පවසනවා. මහජන සුබසාධනය සඳහා නඩු ඉදිරිපත් කිරීමේ දී ඒ පිටුපස සැඟවුණු දේශපාලන න්‍යායවලින් තොරව එය ඉදිරිපත් කළ යුතුයි. එවැනි නඩුකරවලින් සදාචාර විරෝධී ලෙස ලාභ ප්‍රයෝජන අපේක්ෂා නොකළ යුතුයි. එසේම සද්භාවයකින් යුතුව ඉදිරිපත් කළ යුතුයි. වගඋත්තරකාර ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අපකීර්තියට පත්කිරීම සහ ද්වේශසහගත ලෙස ඇයගේ හොඳ නම පළුදු කිරීමේ අරමුණින් සිය පෞද්ගලික න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පෙත්සම්කරු මෙය ඉදිරිපත් කර තිබෙනවා. එය අධිකරණයෙන් සහනයක් ලබාගැනීමට සුදුසුකමක් නොවෙයි’ යැයි කරුණාරත්න විනිසුරුවරයා ප්‍රකාශ කොට තිබිණ.

අනෙක් තීන්දුව

නමුත් මෙහිදී අනෙක් විනිසුරුවරයා වූ මරික්කාර් මහතා ලබාදුන්නේ ඊට හාත්පසින්ම වෙනස් තීන්දුවකි. මරික්කාර් විනිසුරුවරයා කියා සිටියේ ඩයනා ගමගේට මන්ත්‍රී ධුරය දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති බවකි.
‘මේ අනුව 1 වැනි වගඋත්තකාරිය සත්‍යය සෙවීමට තම සාක්ෂි පෙන්වීම අත්‍යාවශ්‍ය වේ. වගඋත්තකරු 2023 පෙබරවාරි 24 වැනි දින සිය විරෝධතා ප්‍රකාශය ගොනුකර ඇත. එම විරෝධතාවලදී ඇය පෙත්සම්කරුගේ ස්ථාවරයට අභියෝග කර නැත.
රජයේ සේවකයන් මෙන් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහජන ඡන්දයෙන් තේරී පත්වෙති. ඔවුන් නඩත්තු කරන්නේ බදු ගෙවන්නන්ගේ මුදලින් සහ මහජන මුදලිනි. ඒ නිසා ඔවුන් මහජනතාවට වගකිව යුතුය. පෙත්සම්කරුට සහ මහජනතාවට තමන් ඡන්දය ප්‍රකාශ කරන විට තමන් ඡන්දය ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියකුට බවට නීත්‍යනුකුල අපේක්ෂාවක් ඇත.
ඒ මත, 1 වැනි වගඋත්තරකාරියට තම පුරවැසිභාවය අධිකරණයට හෙළිකිරීමට කිසිදු බාධාවක්, අපහසුතාවක් මා දකින්නේ නැත. කෙසේ වෙතත් 1 වැනි වගඋත්තකරු ඇයගේ පුරවැසි අයිතිවාසිකම් හෙළිකර නැත.
1 වැනි වගඋත්තරකරු ඇයගේ පුරවැසි අයිතිය තහවුරු කිරීමට ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම්, පෙත්සම්කරුට මෙම ඉල්ලුම්පත්‍රය පත්වාගෙන යෑමට නොහැකි වනු ඇත. කෙසේ වෙතත් 1 වැනි වගඋත්තරකරුගේ ප්‍රතික්ෂේප කිරීම විසින් ඇයට එරෙහිව පෙත්සම්කරුගේ නඩුව බැලූ බැල්මට ශක්තිමත් කර ඇත.
1 වැනි වගඋත්තරකාරිය 2022 ඔක්තෝබර් 31 වැනි දින ඇය රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරමින් සිටියදී සී.අයි.ඩී.යට ප්‍රකාශය කර ඇති බව සඳහන් කළ යුතුය. එපමණක් නොව, ඇය කිසි විටෙකත් එම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් නොවන හෝ බලහත්කාරයෙන් කරන ලද්දක් බවට චෝදනා කළේ නැත. ඒ නිසා ඇය එම ප්‍රකාශය කරන විට කිසිදු බලකිරීමක් තර්ජනයක් හෝ බලපෑමක් සිදු නොවූ බව පෙනේ.
ඒ අනුව පෙනී යන්නේ 1 වැනි වගඋත්තරකාරියගේ පුරවැසි අයිතියට එරෙහිව පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර ලද නඩුවට එරෙහිව කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට හෝ අධිකරණය තෘප්තිමත් කිරීමට අපොහොසත් වූ බැවින් ඇයගේ සුපිළිපන් බව, අවංකභාවය, විනිවිදභාවය සහ වගවීම ප්‍රශ්නගත බවකි.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේ හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස පත්කිරීමට පෙර ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියකු බව පෙන්වීමට 1 වැනි වගඋත්තරකරු ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වීමට ඇයට අයිතියක් නොමැත.
යම් නිලයක් දරන කෙනකුට ඊට ඇති සුදුසුකම් නැති බවට බැලූ බැල්මට සාක්ෂි තිබේ නම්, ඒ පුද්ගලයා තමාට ඒ තනතුර දැරීමට ඇති සුදුසුකම පෙන්විය යුතුය.
ජස්ටින් බීපී බැනර්ජි විසින් රචිත ‘රිට් ඔෆ් රිමීඩීස්’ නම් ග්‍රන්ථය මගින් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වේ.
මෙම සියලු කරුණු සලකා බැලීමේදී 1 වැනි වගඋත්තරකාරිය ශ්‍රී ලංකාවේ පුරවැසියකු ලෙස තමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක බව පැවසීමට සුදුසුකම් ඇති බව පෙන්වීමට අපොහොසත් වී ඇත.
මා කලින් අවධාරණය කර ඇති පරිදි 1 වැනි වගඋත්තරකරු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම නිසා විනිවිදභාවයෙන් යුතු වීම සහ මහජනතාවට වගකිව යුතු විය යුතුය. මෙම නඩුවේ ඇයගේ අයිතිවාසිකම් අභියෝගයට ලක්කර ඇති බැවින් අවම වශයෙන් 1 වැනි වගඋත්තරකරුට ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියකු බව සනාථ කිරීමට අදාළ ලියවිල්ලක් හෝ පුරවැසි සහතිකයක් තිබිය යුතුය.
1 වැනි වගඋත්තරකාරියට පෙත්සම්කරු සහ මහජනතාව කෙරෙහි අනිවාර්ය අයිතියක් ඇත. මන්ද ඇය මහජනතාවගේ බදු ගෙවන්නන්ගේ මුදලින් සහ මහජන මුදලින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය කාර්යාලයක් පවත්වාගෙන යන බැවිනි.
එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් 1 වැනි වගඋත්තරකරු ආදර්ශයක් විය යුතු අතර, විනිවිදභාවයෙන් හා මහජනතාවට වගකිව යුතු බව මම අවධාරණය කරමි. එබැවින් 1 වැනි වගඋත්තරකාරියගේ යුතුකම පෙත්සම්කරුගේ ස්ථාවරයට අභියෝග කරනවාට වඩා ඇයගේ පුරවැසිභාවය නිවැරැදිව ඔප්පු කිරීම බව මගේ අදහසයි.
මා විශ්ලේෂණය කර ඇති පරිදි 1 වැනි වගඋත්තරකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස සිය ධුරය දැරීමට අයිතියක් ඇති බව ඔප්පු කිරීමට අපොහොසත් වූ බැවින් පෙත්සමේ ඉල්ලන ලද සහන ලබාගැනීමට පෙත්සම්කරුට හිමිකම් ඇත.
1 වැනි වගඋත්තරකරුට එරෙහිව බැලූ බැල්මටම ප්‍රාථමික නඩුවක් පෙත්සම්කරු විසින් ඔප්පු කර ඇත.
ඉහත සඳහන් කර ඇති කරුණු සලකා බැලීමේදී අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පිළිගැනීම සමග මට එකඟ විය නොහැක.

නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට

ඒ අනුව තීන්දුව අවසානයේදී ඩයනාට එරෙහිව පෙත්සම ඉදිරිපත් කළ සිවිල් ක්‍රියාකාරී ඕෂල හේරත් කියා සිටියේ තමන් සිටින්නේ මරික්කාර් විනිසුරුතුමාගේ මතයේ බවත්, ඒ හේතුවෙන් තමන් මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන බවත්ය. ඒ අනුව ඩයනාගේ අනාගතය ඉදිරියේදී තීන්දු වනුයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන අවසන් තීන්දුව අනුවය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

වහාම මැදිහත්වන්න! ක්‍රීඩා අමාත්‍යංශය හිතාමතාම දිගින් දිගටම කරපු බාධා කිරීම් ක්‍රිකට් කඩා වැටෙන්න හේතු වුණා! ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ජනාධිපතිට හදිසි ලියුමක්! I Sri Lanka Latest News

Next Post

ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයකු පත් නොකිරීම ගැන කනගාටුයි! නීතීඥ සාමූහිකය විශේෂ නිවේදනයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.