රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. (Sri Lanka Latest News)
මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල තුම්බෝවිල, දූව වත්ත පාර, 5 වෙනි පටු මඟ පදිංචිව සිටි නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නිශානි පියුමිකා වැන්රෝවන් සිසුවියයි.
මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශීක්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි
lankadeepa










