වෛද්‍යවරුන් 957 දෙනකු වසරකදී (2022.8.30 සිට මේ වසරේ අගෝස්තු 30 දක්වා) සේවයෙන් ඉවත්ව ගොස් ඇතැයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය. (Sri Lanka Latest News)
මේ පිරිසට කිසිදු දැනුම් දීමකින් තොරව සේවය අතහැර ගොස් ඇති 197 දෙනකු ඇතුළත් වන බව පැවසූ වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට අමතරව වෛද්‍යවරුන් 163 දෙනකු සේවයෙන් ඉල්ලා අස්වී ඇති බවද ප්‍රකාශ කළේය.
සේවය අතහැර ගොස් සිටින 197 දෙනාගෙන් මුදල් අය කරගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු කිවේය.
වසර 5ක නිවාඩු ලබා විදේශගතව සිටින 526 දෙනකුද මේ පිරිසට ඇතුළත් වන බවත්, කුමන ගැටලු තිබුණත් රජයේ චක්‍රලේඛ සහ ආයතන සංග්‍රහය අනුව ඒ අයට එම නිවාඩු දීමට සිදුව ඇති බවත් විජේසූරිය මහතා පැවසීය.
සෞඛ්‍ය සේවයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට මේ හේතුවෙන් ගැටලු මතුව ඇතැයි පැවසූ විජේසූරිය මහතා වෛද්‍යවරුන් 71 දෙනෙකු මේ වසරේදී විශ්‍රාම ගොස් ඇතැයිද සඳහන් කළේය.
නිර්වින්දන වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර සේවාවල වෛද්‍යවරුන් හිගයක් පවතින බව පැවසු විජේසූරිය මහතා සමහර ප්‍රාථමික ඒකකවල සිටින්නේ එක වෛද්‍යවරයකු පමණක් බවද සඳහන් කළේය.
මේ තත්වය තුළ ඇතැම් ප්‍රතිකාර ඒකකවල පැය 24 පුරා සේවය පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතුව ඇතැයිද ඔහු අවධාරණය කළේය.
lankadeepa