ආණ්ඩුව විසින් ඉකුත්දා ඉදිරිපත් කළ මාර්ගගත ආරක්ෂණ පනත මගින් මහජන අයිතිවාසිකම් අතුගා දමන බවත්, එය අතිශය භයංකාර පනතක් බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.Sri Lanka Latest News
අද දින නිදහස ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
මහජන විරෝධය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව නොයකුත් පනත් ගෙන එන බවත්, යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත මගින් පිහිටුවන කොමිෂන් සභාවේ සාමාජිකයන් 5 දෙනා ජනාධිපතිවරයා විසින් පත් කරන බවත් , එමගින් ඔවුන් ව්‍යවස්ථාදායක කමිටුවට වග නොකියන බවත්,එනම් ඔවුන්ට දේව බලයක් හිමිවන බවත් ඒ මහතා කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව මගින් ගෙන ආ ප්‍රතිත්‍රස්ත පනත හා මාර්ගගත ආරක්ෂණ පනත සම්මත වුවහොත් දේශපාලනික ආර්ථික හා සමාජීය වශයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවත්, මෙම පනත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කිරීමට විපක්ෂය සූදානමින් සිටින බවත්ය.