දරුවන් තිස්දහසක් පමණ මහමඟ හිගමනට වැටී ඇතැයි, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංඛ්‍යයන හා දත්ත අධ්‍යයන අංශයේ මහාචාර්ය, වසන්ත අතුකෝරාල මහතා පවසයි.Sri Lanka Latest News
මව්පියන් හෝ භාරකරුවන් විසින් මෙම දරුවන් සිගමන් සදහා හෝ වෙනත් මුදල් ඉපැයීමේ කාර්යයන් සදහා යොදවාගෙන තිබේ.
වයස අවුරුදු 4 ත් 15 ත් අතර පසුවන මෙම දරුවන්ගෙන් බහුතරය පාසල් නොයන බවද අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
අද වෙළද පොළට නිකුත්ව තිබෙන මවුබිම පුවත්පත මේ පිළිබදව පොලිස්පතිවරයාගෙන් විමසා ඇති අතර, පොලිස්පති ද පවසා ඇත්තේ මේ තත්ත්වය පිළිබදව පොලිසිය දැනුවත් බවයි.
සිගමන් යදින දරුවන් අත්අඩංගුවට ගත්තද ඔවුන් රදවා තැබීමට සුදුසු ස්ථාන නොමැති වීම ගැටළුවක් බව පොලිස්පතිවරයා පවසා තිබේ.
යාචකයන් දරවා තබන රිදීගම කදවුරද මේ වන විට පිරී ඉතිරී ගොස් ඇති බව පොලිස්පතිවරයා වැඩි දුරටත් පුවත්පත හා පවසා තිබේ.