ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත 20 වන සංශෝධනයට එරෙහිව හෙට (05) සිට විරෝධතා ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව හෙට දින සවස 4ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිතය.
මීට අමතරව ලබන 8 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී දැවැන්ත රැළියක්ද සංවිධාන කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.
එමෙන්ම 20ට එරෙහිව රට පුරා කළු කොඩි එසවීමට ද සමගි ජන බලවේගය සැලසුම් කර තිබේ.