ප්රංශයේ බොබිනි ප්රදේශයේ ඇති වූ සිදුවීමකදී ශ්රී ලාංකික දරුවන් 4 දෙනෙකු ඇතුළු 5 දෙනෙක් ඝාතනයට ලක්ව ඇතැයි ප්රංශ පොලිසිය පවසයි.
බොබිනි දුම්රිය ස්ථානය අසල නිවසක ඊයේ (03) දිනයේදී මෙම ඝාතනයන් සිදුව ඇත.
තම බිරිඳ, දරුවන් දෙදෙනා සහ තම පවුලේ නෑදෑ දරුවන් දෙදෙනෙකු මරා දැමු පුද්ගලයා, සිහිසුන්ව සිටියදී නිවසේ සිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේ ඔහු සන්තකයේ පිහියක් සහ මිටියක් තිබී ඇත.
ඝාතකයාගේ තත්වය බරපතළ බව පොලිසිය ප්රකාශ කළ බව ප්රංශ BFM නාලිකාව පවසයි .