අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර සහ සුළං හේතුවෙන් සිදුවූ ආපදාවන්ට ගොදුරු වූ පුද්ගල මරණ 13 ක් දින දෙකකට ආසන්න කාලයක් තුළ වාර්තා විය.Sri Lanka Latest News
එම මරණ අතරට කුඩා දැරියන් සිවුදෙනෙක් ඇතුළත්ව සිටීම කැපී පෙණේ.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ එකම පවුලේ පියා ඇතුළු තිදෙනෙක් සහ දැරියක් සමඟ සිවුදෙනෙක්, දෙයියන්දර ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක්, යාපනය කයිට්ස් ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරියන් වන දැරියන් දෙදෙනෙක්, ඇහැළියගොඩ ප්‍රදේශයේ දැරියක්, ඇලපාත ප්‍රදේශයේ තරුණියක්, අයගම ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක්, කිරිඇල්ල ප්‍රදේශයේ ඇඟළුම්හල් සේවිකාවක් සහ ගම්පොළ ප්‍රදේශයේ තිදරු මවක් කාලගුණ ආපදාවන්ට ලක්ව පසුගිය පැය 48 කට ආසන්න කාලය තුළ මරණයට පත්වූහ.
එමෙන්ම පුද්ගලයින් පස් දෙනකු අතුරුදන්ව ඇති අතර , සිදුවු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම ම ධ්‍යස්ථානය සඳහන් කරයි .
මෙම කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 177ක ජනතාව පීඩාවට පත්ව සිසිටිති.









