• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුමන්තිරන්-රාසමනික්කම්-නිර්මලනාදන් අත්අඩංගුවට ගන්න සූදානම්!

February 4, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සුමන්තිරන්-රාසමනික්කම්-නිර්මලනාදන් අත්අඩංගුවට ගන්න සූදානම්!
Share on WhatsAppShare on Facebook

අධිකරණ නියෝග කඩකරමින් අම්පාර පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා වූ විරෝධතා පෙළපාළියට සහභාගී වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාසමානික්කම් චානක්‍යන්, එම්.ඒ සුමන්තිරන්, චාල්ස් නිර්මලනාදන්, තවරාසා කලියිඅරසන් ඇතුළු හඳුනාගත් පුද්ගලයන් 30 දෙනකුට එරෙහිව අධිකරණ නියෝග කඩකිරීම හා රාජකාරියට බාධාකිරීමේ චෝදනා යටතේ පියවර ගැනීමට නියමිතය.

සෙසු පිරිස් හඳුනාගැනීම සදහා සී.සී.ටී.වී කැමරා හා ආරක්ෂක අංශ සටහන් කරගත් දර්ශන ආශ්‍රයෙන් පරීක්ෂණ සිදුවන බව දැනගන්නට ඇත.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අම්පාර පොතුවිල් සිට පේදුරුතුඩුව පෝලිකන්ඩි දක්වා තෙදිනක විරෝධතා පෙළපාළියක් ඊයේ (3 වැනිදා) ආරම්භ වූ අතර අම්පාර දිස්ත්‍රික්කයේ විරෝධතා කිරීම හා පෙළපාළි යාම වළකාලමින් පොතුවිල්, අක්කරයිපත්තු, කලවංචිකුඩි, හා කල්මුනේ යන අධිකරණ විසින් දේශපාලකයන් සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසකගේ නමින් තහනම් නියෝග ලබා දී තිබුණි.

එමෙන්ම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ ප්‍රදේශ බල සීමාවේ මෙම 7 වැනිදා තෙක් දින හතරක කාලයක් කිසිදු විරෝධතාවක් පෙළපාළියක් සිදු නොකරන්නැයි නියෝගයක් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයද ඊයේ (03 වැනිදා) ලබාදී තිබුණි.

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, යාපනය නගරාධිපති වී.මනිවන්නන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවණබවන්, උතුරු පළාත් හිටපු සභාපති සී.වී.කේ සිවඥානම්, එම්.කේ සිවාජිලිංගම් ඇතුළු දේශපාලකයන් හා ක්‍රියාකාරීන් 11 දෙනකුගේ නමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරන ලද කරුණු දැක්වීමක් මත මෙම නියෝගය ලබාදී ඇතැයි යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න පැවසීය.

මෙලෙස අධිකරණ නියෝග ලබාගත්තද ඊයේ පොතුවිල්වලින් ඇරඹි පෙළපාළියට එම නියෝග නිකුත් කළ බොහෝ දෙනකු සම්බන්ධ වී තිබිණි.

පොතුවිල්වලින් ආරම්භ කළ මෙම විරෝධතාව නැවැත්වීමට පොලිසිය හා ආරක්ෂක අංශ ප්‍රදේශ කිහිපයකදී උත්සාහ කළ අතර එම අවස්ථාවල දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයන් ද මතුව තිබුණි.

කෙසේ වෙතත් අම්පාරෙන් පොතුවිල්වලින් ඇරඹී පෙළපාළිය පොලිසියේ බාධා නොතකමින් ඊයේ (3 වැනිදා) දිනයෙන් මඩකලපුවෙන් අවසන් විය.

SendShareShare
Previous Post

ඉන්දියාව හදිසියේම කරුණා-පිල්ලෙයාන් හමුවෙයි

Next Post

පක්ෂයට දැනුම් දී සජිත් නිදහස් උළෙලට යයි

MORE NEWS

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

Load More
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ලබන 28 වන දින පැවැත්වීමට නියමිත පෙරහැරේ කාවඩි නර්තනය ඉවත් කිරීමට පොලීසිය...

Read more
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.