දුම්කොළ සමාගම්වල අලුත්ම මාෆියාව පිළිබද විශේෂ හෙළිදරව්වක් ඩලස් අලහප්පෙරුම මහතා විසින් පසුගිය දිනෙක සිදු කළේය.
එහිදී අලහප්පෙරුම මහතා සදහන් කළේ හිටපු මුදල් අමාත්‍යවරයා අයවැයෙන් සිගරැට් මිල අඩු කළ බවත්, වත්මන් ජනාධිපතිවරයා අයවැය මගින් ගංජා නීතිගත කිරීමට යෝජනා කර ඇති බවත්ය.
එසේ කරන්නේ සිගරැට් භාවිතය අඩු වූ ප්‍රමාණය සපුරාගැනීමටද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවන බවද ඒ මහතා කියා සිටියේය.










