එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රිලනිප සහාය ලබාදීම හෝ නොදීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සාකච්ජා සදහා පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි නොවිය යුතු බවට කොන්දේසියක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇත්තේ එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත යවන ලද ලිපියකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනිි.
එහිදී සාකච්ජා පැවැත්වීමට නම් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නොවිය යුතු බවට කොන්දේසියක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර ඊට එජාපයේ දැඩි විරෝධය එල්ල වී ඇති බව දැනගන්නට තිබේ.
එහදී එජාප ජ්‍යෙෂ්ඨයන් මෙන්ම සජිත් පිලේ බහුතරයක්ද ප්‍රේමදාස මහතාට පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා එජාපය කඩා බිද දැමීමට විශාල උත්සාහයක් දරන නිසා මෙම යෝජනාවට කෙසේවත් ඉඩ දිය යුතු යැයි කියාය.










