එලිෆන්ට් හවුස් නාමය අයිස්ක්‍රීම් සඳහා ශ්‍රී ලංකාවේ අත්කරගෙන ඇති විශිෂ්ටත්වය තවත් පියවර ගණනාවකින් උසස් කරවමින් සුප්‍රකට වෝනර් බ්‍රදර්ස් සමාගම සමගින් ඓතිහාසික හවුල්කාරීත්වයකට එළඹීමට එලිෆන්ට් හවුස් සමාගම කටයුතු කර ඇත.
ලෝ ප්‍රකට ඩී සී කොමික්ස්හි හිමිකාරීත්වය දරන වෝනර් බ්‍රදර්ස් සමාගම, විනෝදාස්වාද කර්මාන්තයේ හිණිපෙත්තටම නැගි ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන අතර දේශීය සමාගමක් මෙවැනි මට්ටමක හවුල්කාරීත්වයකට එළඹීමට සමත් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම නව හවුල්කාරීත්වය යටතේ එලිෆන්ට් හවුස් අලුත්ම නිෂ්පාදන දෙකක් දියත් කර ඇත. ඒවා නම්, ලෝකයේ සෑම තැනකම පාහේ කුඩා ළමුන්ගේ සිත් දිනාගත් බබල්ගම් රසයෙන් එන සුපර්මෑන් බබල්ගමී (Superman Bubble Gummy) අයිස්ක්‍රීම් සහ කාගේත් දිව පිනවන කේක් රසැති වොන්ඩර් වුමන් අයිස් කේක් (Wonder Woman Ice Cake) රසයෙන් එන අයිස්ක්‍රීම් වේ.
.