ආරක්ෂක, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර රැසක රැකියා ලක්ෂයක කෝටාවක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙත ලබා දීමට මැලේසියානු රජය එකඟතාව පළ කර තිබේ.
විදේශ රැකියා රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා සහ එරට ස්වදේශ කටයුතු ඇමැති දාතුක් සේරී සයිපුදීන් බින් ඉස්මයිල් මහතා අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම රැකියා කෝටාව හිමිව තිබේ.
මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය සෆුදින් බින් ස්මයිල් ගේ නිල ආරාධනයෙන් මැලේසියාවට ගිය තමා, ඔහු සමග සිදුකළ සාකච්ඡාවේදී දැනට නේපාලයට පමණක් ලබාදෙන ආරක්ෂණ සේවා සඳහා අවස්ථාවක් ශ්‍රී ලංකාවට ද ලබාදීමට එකඟවූ බවද රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා කියයි.
ඉකුත් සතියේ සිදුකළ මැලේසියානු නිල සංචාරයේදී මැලේසියානු පාර්ලිමේන්තුවේ කථානායක ජොහාරි බින් අබ්දුල් සමග දෙරටේ ආර්ථික සහයෝගීතාව සහ මෙරට විදේශ රැකියා අවස්ථා ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කළ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මෙම නිල සංචාරයේදී මැලේසියානු මානව සම්පත් අමාත්‍ය තුවාන් සිවකුමාර් මැතිතුමා හමුවී ශ්‍රී ලංකිකයන්ට මැලේසියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධව ඵලදායි සාකච්ඡාවක් පවත්වා තිබිණ.
මෙම සාකච්ජා වලට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුමංගල ඩයස් ද සහභාගී වී ඇත.

















