• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරක් කටායි කුඩු සළිඳුයි අරන් එද්දී ජංජාලයක්! මැඩගස්කර ගුවන්තොටේදී යානයට නගින්න බෑ කියා දෙන්නාම යකා නටලා! ‌යන්න දෙනවා නම් ඩොලර් ලක්ෂ 6ක් දෙන්නම් කියලා! බේරගන්න ලංකාවෙන් ජනාධිපති නීතීඥවරයෙකුයි නීතීඥවරියො දෙන්නෙකුයි මැඩගස්කර් ගිහින්!

March 16, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හරක් කටාට මැඩගස්කරයේදී ගැහුවේ ඩුබායිවලදී මධූෂ්ට ගහපු ගේමමයි! ඔත්තුව දුන්නේ ලංකාවේ අංක එකේ කුඩු ජාවාරම්කරුවෙක්! අතිවිශේෂ හෙළිදරව්ව මෙන්න!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ ගුවන්තොටුපොළ වෙත ගෙන ආ අවස්ථාවේ ගුවන්යානයට නැඟීම ප්‍රතික්ෂේප කර, කලහකාරී ලෙස හැසිරෙමින් රැගෙන ඒම වළක්වා ගැනීමට දැඩි උත්සාහයක නිරතව තිබේ.

ඒ මඟින් ඔවුන් උත්සාහ දරා ඇත්තේ ගැටුමක් ඇති කරගනිමින් එරට තුළ රැඳී සිටීමටය. එහෙත් අවසානයේදී උපක්‍රමශීලීව ඔවුන්ව පාලනය කරමින් ගුවන්යානයට ගොඩ කරගැනීමට හැකියාව ලැබී තිබේ. අනතුරුව මැඩගස්කරයේ සිට කෙන්යාවටත් කෙන්යාවේ සිට මුම්බායි වෙතත් ගුවන් මඟින් රැගෙන විත්, එහි සිට ඔවුන් දෙදෙනා ආරක්ෂාකාරීව මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනාත් මැඩගස්කර පොලිසියේ නිලධාරීන් දෙදෙනාත් සමත්ව ඇත.

හරක් කටා සහ කුඩු සළිඳු ඇතුළු පිරිස මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් බේරා ගැනීමට ශ්‍රී ලංකාවේ නීතිඥ කණ්ඩායමක්ද මැඩගස්කරය බලා ගොස් සිට ඇත. ජනාධිපති නීතිඥවරයකු සහ නීතිඥවරියන් දෙදෙනකු එම කණ්ඩායමට ඇතුළත්ව සිට ඇති බව පැවසේ.

හරක් කටා සහ කුඩු සළිඳු එරට රඳවාගෙන සිටි කාලය තුළ ඔවුන් එරට ආරක්ෂක අංශ අත්අඩංගුවෙන් නිදහස් වීමට අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් එරට පොලිස් නිලධාරීන්ට පිරිනැමීමට පවා යෝජනා කර ඇති බවද එරටින් ලැබෙන තොරතුරු සඳහන් කළේය. ඒ හැරුණු කොට එරට මුදල්වලින් මිලියන ගණනක් ඔවුන් සිය නිදහස වෙනුවෙන් වැය කර ඇති බවට තොරතුරුද මේ වන විට හෙළි වෙමින් ඇත.

කුඩු සළිඳු කාලයක් තිස්සේම රැඳී සිට ඇත්තේ මැඩගස්කරයේය. ව්‍යාපාරිකයකු ලෙස එරට වෙසෙමින් ඔහු මත්කුඩු ජාවාරම මෙහෙයවමින් සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු මැඩගස්කර කාන්තාවක සමඟ විවාහ වී සිටින බවත්, ඔවුන්ට දරුවකුද සිටින බවත් ආරංචි මාර්ග අනාවරණය කරයි.

හරක් කටා ඇතුළු පිරිස ජෙට් යානයකින් ඩුබායි සිට පැමිණ ඇත්තේ කුඩු සළිඳු විසින් සංවිධානය කළ උපන්දින සාදයකට සහභාගි වීමට බවද පැවසේ. හරක් කටා මැඩගස්කරයට පැමිණ ඇත්තේ ඔහුගේ බිරිය සහ තවත් තිදෙනකු සමඟිනි. මැඩගස්කර ආරක්ෂක අංශ වෙත ඔවුන් හසු වී ඇත්තේ නැවත ඩුබායි යෑමට සූදානම් වූ අවස්ථාවේය. ඩුබායි බලා යන කණ්ඩායමේ කුඩු සළිඳුද සිට ඇත. මැඩගස්කරයේ ඉවාටෝ ගුවන්තොටුපොළේදී හරක් කටා, කුඩු සළිඳු ඇතුළු 8 දෙනකුගේ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්තු 1 දාය. මැඩගස්කර ආරක්ෂක අංශවලට මුදල් දෙමින් නිදහස් වීමට හරක් කටාත් කුඩු සළිඳුත් උත්සාහ ගෙන ඇත්තේ අත්අඩංගුවට ගත් ඒ මොහොතේ සිටය. ඔවුන් අත්අඩංගුවට ගෙන දින 3ක් 4ක් යන්නට මත්තෙන් ශ්‍රී ලංකාවේ නීතිඥ කණ්ඩායම පැමිණ ඇති බව සඳහන්ය. ඒ අය උපරිම උත්සාහ දරා ඇත්තේ ඔවුන් මෙරටට භාර නොදී එහිම රඳවාගන්නය.

හරක් කටා සහ කුඩු සළිඳු රැගෙන ඒමට මෙරටින් සිව් දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායම මැඩගස්කරය බලා ගමන් ගන්නේ පසුගිය 11 දා සවසය. ඒ කටුනායක ගුවන්තොටුපොළේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකිනි. එම කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මිහිඳු අබේසිංහ, ජාත්‍යන්තර පොලිස් ශාඛාවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජකාරුණා, පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි හා මෙහෙයුම් අංශයේ සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර සහ විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා යන නිලධාරීන් ඇතුළත්ව සිට ඇත. ශ්‍රී ලංකාවෙන් මුම්බායි බලා ගොස්, එතැනින් ඉතියෝපියාවට ගොස්, එහි සිට මැඩගස්කරය වෙත පය තබා ඇත්තේ 12 දාය. කුඩු සළිඳු සහ හරක් කටා ඔවුන් භාර ගෙන ඇත්තේ 13 දාය. ඒ ඇන්ටනානාරිවෝ ගුවන්තොටුපොළිනි. මැඩගස්කර පොලිසිය හා එකඟතාවකට එළඹ තිබී ඇත්තේ ගුවන්යානය තුළට රැගෙන විත් හරක් කටා සහ කුඩු සළිඳු භාර දීමය. ගුවන්යානයට ගොඩ නොවී ඔවුන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අවසානයේදී ගුවන්තොටුපොළ තුළදීම ඔවුන් දෙදෙනා භාර ගැනීමට සිදුව ඇත්තේ මෙරටින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමටය.

එම නිලධාරීන්ට මෙල්ල වීමෙන් පසු මැඩගස්කරයේ ගුවන්යානයකින් ඔවුන් රැගෙනවිත් ඇත්තේ කෙන්යාවේ නයිරෝබි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙතය. සැලසුම් සකස් කර තිබී ඇත්තේ කෙන්යානු ගුවන් සමාගමකට අයත් ගුවන්යානයකින් ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපොළට පැමිණීමටය. ඉන්දියාවේ මුම්බායි බලා පියාසර කරන ගුවන්යානය සූදානම් වන තුරු මේ කණ්ඩායමට හරක් කටා සහ කුඩු සළිඳු තබාගෙන එරට ගුවන්තොටුපොළේ පැය 10ක පමණ කාලයක් රැඳී සිටීමට සිදුව ඇත. ඒ ගුවන්යානයට මඟීන් නංවාගන්නා විට හරක් කටා සහ කුඩු සළිඳු රැගෙන යා නොහැකි බව ගුවන් සමාගම දැනුම් දී ඇත. ඒ ආරක්ෂක තක්සේරු වාර්තාව එතෙක් ලැබී නැතැයි සඳහන් කරමිනි. ඒ අනුව ඊළඟ ගුවන්යානය එහි පැමිණෙන තුරු තවත් පැය 8ක පමණ කාලයක් ගුවන්තොටුපොළේ රැඳී සිටීමට සිදුව ඇත්තේ කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එරට බලධාරීන් දැනුම්වත් කරමින් විශේෂ ආරක්ෂාවක් පවා ලබාගනිමිනි.

අනතුරුව කෙන්යාවේ සිට ඉන්දියාවේ මුම්බායි බලා ගුවන්ගත වන ඊළඟ ගුවන්යානයෙන් මුම්බායි වෙත පැමිණ ඇත්තේ හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ දෑත්වල මාංචු පවා නොදමාය. ඒ ගුවන්යානය තුළ ඔවුන්ට මාංචු දැමීමට අවසර හිමි නොවූ බැවිනි.හරක් කටා සහ කුඩු සළිඳු රැගත් මේ කණ්ඩායම මුම්බායි වෙත පැමිණෙන විට මුම්බායි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණු ගුවන් යානය ශ්‍රී ලංකාව බලා පියාසර කර තිබී ඇත. ඒ නිසා පෙරේදා (14) අලුයම මෙරටට පැමිණීමට නියමිතව සිටි මේ කණ්ඩායම හරක් කටා සහ කුඩු සළිඳු රැගෙන මෙරටට එන්නේ ඊයේ (15) උදෑසනය. ඒ ශ්‍රී ලංකන් ගුවන්යානයකිනි. අලුයම 5.30ට ගුවන්යානය ගොඩබැස්වීමට නියමිතව තිබුණත්, පැය 5ක පමණ කාලයක් ගුවන්යානය මෙරටට ගොඩබැස්වීමට ප්‍රමාද වී ඇත. ඊට මුල් වී ඇත්තේ මුම්බායි ගුවන්තොටුපොළේන් ගුවන්යානය ගුවන්ගත වන විට ගුවන් මඟියකු හෘදයරෝගි තත්ත්වයකට ලක් වීම හේතුවෙනි.

මෙලෙස විවිධ බාධා මැද හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන ඒමෙන් පසු යූ.එල්. 142 අංකය දරන ගුවන්යානය අසලටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ හරක් කටා සහ කුඩු සළිඳු භාර ගෙන තිබේ.

ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරි ගුවන්යානය අසලදීම සිදු කර, කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ හරක් කටා සහ කුඩු සළිඳු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබිණි. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ ආරක්ෂාවක් සලසා තිබිණි.

මේ කාලය තුළ කටුනායක ගුවන්තොටුපොළ තුළ, ඒ අවට ප්‍රදේශයේ සහ ඔවුන් කොළඹ බලා රැගෙන යන මාර්ගය දෙපස දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.

මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන පැමිණි හරක් කටා සහ කුඩු සළිඳු දින 90ක් රඳවා තබාගෙන විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගයක් ඊයේ (15) ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහල් තල්දූව මහතා පැවැසීය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

ආයතන ඇතුළේ වැඩ වර්ජනය යද්දී ජනතාව රට පුරාම එළියේ විරෝධතාවල! VIDEO

Next Post

සමහර ඇමැතිවරු නිකම් ඉද්දී විදේශ රැකියා රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර වැඩ පෙන්වයි! මැලේසියාවට ගිහින් රස්සා ලක්ෂයක් ලංකාවට අරන් එයි! මෙච්චර කල් දීලා තිබ්බේ නේපාලයට විතරයි! PHOTOS

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.