මාර්තු 6 වැනිදා පැවැත්වීමට නියමිත සමඟි ජන බලවේගයේ පළමු මහා සම්මේලනයේදී පාඨලී චම්පික රණවක මහතා නිල වශයෙන් එම පක්ෂය සමඟ එක්වීමට තීන්දු කර ඇත.
චම්පික රණවක මහතා සමඟ ජාතික හෙළ උරුමය නියෝජනය කළ ප්‍රධාන පෙළේ සාමාජිකයන් 21ක් එදින සමඟි ජන බලවේගයේ සාමාජිකත්වය ගැනීමටද නියමිතය.
මේ බව මේ වන විටත් චම්පික රණවක මහතා විසින් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
පසුගිය බදාදා චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පත්කළ සමඟි ජන බලවේගයේ පංච පුද්ගල කමිටුව රැස්වූ අතර, එහිදී රණවක මහතා වෙත භාරදීම සඳහා යෝජනාවලියක්ද සකස් කර ඇති බව වාර්තා වේ.
අවසන් වරට පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී චම්පික රණවක මහතාට පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදෙන බවද සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබිණි.










