මෙරට විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට චීනය එකඟතාව පළ කර ඇත.
ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මෙම මස අගදී සිදු කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල සඳහන් කර සිටියේය.
ආනයන වියදම් හෝ වෙනත් අවශ්‍යතාවක් වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවකදී අදාළ මුදල ලබාගත හැකි බව ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
කෙසේවෙතත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට ආණ්ඩුව තීන්දු කිරීමත් සමග පසුගිය සතියේ ඉන්දියාව ලංකාවට දැනුම් දී තිබුණේ තම රට ලබා දුන් ඩොලර් මිලියන 400ක ණය මුදල පැය 48ක් ඇතුළත පියවන ලෙසය.
ඒ අනුව ආණ්ඩුව ඉකුත් බදාදා සවස් වරුවේදී එම ණය මුදල පියවීමට පියවර ගෙන තිබිණ.










