20 වන සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (05) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර තිබූ අත්පත්රිකා බෙදීමේ වැඩසටහන අවලංගු කිරීමට තීරණය කොට ඇත.
කොරෝනා වයිරසය යළි රට තුළ හිස එසවීමේ අවදානමක් මතුව තිබීම මේ සදහා හේතු වූ බව එම පක්ෂය නිවේදනය කරයි.
මීට අමතරව ලබන බ්රහස්පතින්දා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වීමට සැලසුම් කර තිබූ විරෝධතාවයද අවලංගු කිරීමට එම පක්ෂය සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.