පසුගිය සතියේදී ඇමෙරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියේය. එහිදී ඩොනල්ඩ් ලූ ජනාධිපතිවරයා මෙන්ම විපක්ෂ නායක සජිත්ද, ජවිපෙ නියෝජිතයන්ද මුණගැසීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලින් අනතුරුව ඒ ඒ පක්ෂවලින් ඊට අදාළ ඡායාරූපද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබිණි. Sri Lanka Latest News
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජවිපෙ සමග ඩොනල්ඩ් ලූ මහතා පැවැති සාකච්ඡාවේදී ඊට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වී නොසිටීමය. මෙවැනි අතිශය වැදගත් රාජ්‍යතාන්ත්‍රික හමුවකදී අනුර ඊට සහභාගි නොවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ මතුව තිබුණේ මහත් විමතියකි. අනුර හදිසියේම යළිත් වතාවක් විදෙස්ගත වුණාද, නොඑසේ නම් අනුර ලංකාවේ සිටියාද, එසේ නම් අනුර මෙම හමුවට සහභාගි නොවුණේ ඇයි යනාදී වශයෙන් ප්‍රශ්න රාශියක් එහිදී පැනනැගී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව බොහෝ දෙනා අනුරට සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීමට පියවර ගත්හ. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ අනුර ලංකාවෙන් පිටව ගොස් නැති බවත්, හදිසියේම කොළඹින් දුරබැහැර ප්‍රදේශයකට ගොස් ඇති බවත්ය. ඒ අනුව හදිසියේම අනුර ගියේ කොහේද?
ඒ පිළිබඳ සොයා බලද්දී දැනගන්නට ලැබුණේ අනුර හදිසියේම මහනුවරට ගොස් මහානායක හිමිවරුන් හමුවී ඇති බවය. එමෙන්ම ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ අනුර මහනුවරදී රනිල්ගේ සමීපතම හිතවතකු හමුවී අතිශය රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි කියාය. ඇතැම් වෙබ් අඩවිවල එම ව්‍යාපාරිකයාගේ නමද සදහන් කොට තිබිණ. මේ කතාවල ඇත්ත නැත්ත කුමක්ද යන්න පැහැදිලි නැතත් අනුර දින දෙකක් කොළඹ නොසිටි බව නම් හොඳහැටි පැහැදිලිය.









