මැතිවරණ කල් දැමීමට සූදානම් වුවහොත් ඊට එරෙහිව සජබය පාරට බසින බවත්, ඒ පාරට බසින්නේ ජනාධිපතිවරයාත් ගෙදර යැවීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ විවිධ උපක්‍රම යොදමින් ජන්දය කල් දැමීමට ජනාධිපතිවරයා සැලසුම් සකස් කරමින් සිටින බවත්ය.










