අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පන්දුවාර විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව නිකුත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ස්ථාන තුනකින් පහළ ගොස් ඇත.
තුන්වැනි ස්ථානයේ සිටි වනිදුට ඊයේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඉදිරියේ ලැබූ අමිහිරි අත්දැකීමත් සමග 6 වැනි ස්ථානය දක්වා පහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් 6 වැනි ස්ථානයේ සිටි මහීෂ් තීක්ෂණ එක් ස්ථානයකින් ඉහළට පැමිණ තිබේ.
ඒ අනුව මහීෂ් තීක්ෂණ මේ වන විට 5 වැනි ස්ථානයේ රැදී සිටියි.
මෙම ශ්‍රේණිගත කිරීමේ තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටීමට ඇෆ්ගනිස්ථාන පිලේ රෂීඩ් ඛාන් සමත්ව තිබේ.










