• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රස්නෙ වැඩිවී එප්පාවල දෙන්නෙක් මැරී වැටෙයි! තාප කම්පනයක් ඇතිවෙලා! මේක ඔක්කොටම හොඳ පාඩමක්! දොස්තරලා එපා කියන දේ කරන්න යන්න එපා!

April 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රස්නෙ වැඩිවී එප්පාවල දෙන්නෙක් මැරී වැටෙයි! තාප කම්පනයක් ඇතිවෙලා! මේක ඔක්කොටම හොඳ පාඩමක්! දොස්තරලා එපා කියන දේ කරන්න යන්න එපා!
Share on WhatsAppShare on Facebook

අධික උෂ්ණය නිසා තාප කම්පන තත්ත්වයට පත්වීමෙන් එප්පාවල පදිංචිකරුවන් දෙදෙනකු හෘදයාබාධයට ලක්වී මියගොස් ඇත. ඉන් එක් අයකු අවුරුදු උත්සවයකදී කඹ ඇදීමේ තරගයකට සහභාගිවී තෙහෙට්ටුවට තම හිසට අයිස් වතුර වත්කර ගැනීමෙන් පසුවද අනෙක් පුද්ගලයා තම කුඹුරේ තණකොළ කැපීමට ගොස් දැඩි අව් රශ්මියේ සිට දිය නෑමෙන් පසුවද මියගොස් ඇති බව එප්පාවල හදිසි මරණ පරීක්‍ෂකවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ එප්පාවල පහළ සියඹලෑව පදිංචිව සිටි ඒ. ආර්. ඩී. අතුල ධම්මික (34) සහ එප්පාවල කටියාව යාය 02 පදිංචිව සිටි එල්. ජී. විජේසිංහ (38) යන මහත්වරුන්ය.

ඒ. ආර්. ඩී. අතුල ධම්මික මහතා පසුගිය 16 වැනිදා අවුරුදු උත්සවයක කඹ ඇඳීමේ තරගයට සහභාගිවී අධික තෙහෙට්ටුව නිසා තම නිවසට ගොස් නිවසේ තිබූ ශීත කළ වතුර බෝතලයක් ගෙන තම හිසට වත්කරගෙන තිබේ. මේ නිසා සංකූල තත්ත්වයක් පැනනැඟීම නිසා ඔහු වහාම එප්පාවල රෝහලට ඇතුළත් කළත් එහිදී මියගොස් තිබේ.

කටියාව යාව 02 පදිංචි එල්. ජී. විජේසිංහ මහතා පසුගිය 18 දා තම කුඹුරට ගොස් තණකොළ කපන මැෂිම මගින් කුඹුරේ ලියැදිවල තණකොළ කපා තෙහෙට්ටු වී අසල ඇති ඇළට බැස දිය නා ගොඩට ඒමෙන් පසුව එහිදී මියගොස් ඇති බව එප්පාවල නාගරික හදිසි මරණ පරීක්‍ෂක එම්. පී. එස්. ජයවික්‍රම මහතා පවසයි.

මෙම මරණ දෙක පිළිබඳව එප්පාවල පොලිසියේ සැරයන් (62673) රෝහිත මහතා විසින් පරීක්‍ෂණ පවත්වා හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්ෂි මෙහෙයවා තිබේ.

මෙම මරණ දෙකම සම්බන්ධව එප්පාවල රජයේ රෝහලේ වෛද්‍ය එන්. එච්. දිසානායක මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදුකොට ඇති අතර මෙම දෙදෙනාම මියගොස් ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්ත්වයට පත්වී හදිසි හෘදයාබාධ හේතුවෙන් බවට හදිසි මරණ පරීක්‍ෂකවරයාට යොමු කළ වාර්තාවේ දක්වා තිබේ.

පොලිස් සාක්ෂි සහ වෛද්‍ය සාක්ෂි මත මේ මරණ දෙක මේ දිනවල පවතින අධික උෂ්ණත්වයෙන් ශරීරය තාප කම්පනය වී හෘදයාබාධ වැළඳීමෙන් සිදුවූ මරණ බවට එප්පාවල හදිසි මරණ පරීක්‍ෂක එම්. පී. එස්. ජයවික්‍රම මහතා තීරණය කළේය.

SendShareShare
Previous Post

හම්බන්තොට හෙල්ලෙයි! දකුණටම බලපායිද?

Next Post

සේවක පඩියෙන් ලක්ෂ 7ක මුදලක් කපාගෙන ජනාධිපතිටයි ආණ්ඩුවටයි සෙත් පතා සර්වරාත්‍රික පිරිත් පින්කමක් තියන්න ලෑස්ති වෙයි! පඩියෙන් 5000-2500-1000 කපන්න කියයි! පරිපාලන අමාත්‍යංශයට ඇතුළෙන්ම විරෝධය!

MORE NEWS

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

Load More
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ලබන 28 වන දින පැවැත්වීමට නියමිත පෙරහැරේ කාවඩි නර්තනය ඉවත් කිරීමට පොලීසිය...

Read more
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.