අද මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ආණ්ඩු පක්ෂයේ පමණක් කොව විපක්ෂයේ ක්‍රියාකලාපයද දැඩිව විවේචනය කළේය.
එහිදී ජාගොඩ මහතා කියා සිටියේ ආණ්ඩුව අරගලකරුවන් පමණක් නොව සිවිල් ක්‍රියාකාරිකයන්ද මර්දනය කරද්දී විපක්ෂය නිහඩව සිටීම කෙසේවත් අනුමත කළ නොහැකි බවකි.
සජබයේ ඇතැම් අය පවා ආණ්ඩුවේ ඇමැතිකම් ගැනීමට සූදානමින් සිටින බවත්, ජවිපෙ පවා ජනාධිපතිවරයා මුණගැසීමට සූදානමින් සිටි බවත් ඒ මහතා කියා සිටියේය.
ජනාධිපතිවරයා සමග සාකච්ජාව වර්ජනය කිරීමට කොන්ද පණ තිබුණේ ගජේන්ද්‍රන් පොන්නම්බලම් මහතාට පමණක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.








