රට ආර්ථික වශයෙන් විශාල පරිහානියක් සිදුව තිබියදී අභිමානයෙන් සැමරීමට ඇති නිදහස කුමක්දැයි කතෝලික සභාව අද ප්‍රශ්න කර සිටියේය.
රටේ ආර්ථිකය බිඳ වැටිලා! නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා! ළමයි මන්දපෝෂණයෙන්! කර්මාන්ත කඩා වැටිලා! මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා! ජනතා නිදහස නැති කරලා! බෙහෙත් නැතිව රෝගීන් අනතුරේ! රට බංකොලොත් වෙලා! එහෙම තියෙද්දි කෝටි ගණන් වැය කරලා සමරන්න තියෙන අභිමානවත් නිදහස මොකද්ද? යනුවෙන් අද මාධ්‍ය හමුවකට එක්වෙමින් සිරිල් ගාමිණී පියතුමා සදහන් කර සිටියේය.
එම නිසා කතෝලික සභාවේ කිසිවකුත් නිදහස් උළෙලට එක් නොවන බවද උන්වහන්සේ කියා සිටියහ.