මේ රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ රාජපක්ෂ පාලනය බවත්, ඒ රාජපක්ෂලාගේ කුණු අදින කුණු ලොරි බවට සමගි ජනබලවේගයේ කිසිවකු පත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද මුළු රටම ආර්ථික සමාජ දේශපාලනික ඛේදවාචකයකට ලක්ව ඇති බවත්,ඊට හේතුව 2019 සහ 2020 මැතිවරණ දෙකකදී ජනතාව විසින් හරි පාර වෙනුවට වැරදි පාර උරා ගැනීමේ හේතුව බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ රක්වාන සමගි ජනබලවේගයේ සංවිධායක බී.කේ ආරියවංශ මහතා විසින් සංවිධානය කරනු ලැබූ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.
මේ බංකොලොත් වී ඇති රට තුළ දැන් සිදුවෙමින් පවතින අලුත්ම විජ්ජාව වන්නේ සර්ව සර්වපාක්ෂික ආණ්ඩු ගුණ්ඩුව බව පැවසූ විපක්ෂ නායකතුමා, රටට අවශ්‍ය වන්නේ ඇමති වරදාන පළඳවා ගනිමින් තනතුරු පිටුපස යන රටක් නොවන බවත් පැවසීය.
දැන් වහාම සිදු කළ යුත්තේ මැතිවරණයක් පවත්වා ජනතා තීන්දුව විමසීම බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන් මෙහා විසඳුමක් නැතැයිද පැවසීය.