• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති පාර්ලිමේන්තුවට කිව්වේ දළ අදහසක් විතරයිලු! කුමක්ද? කෙසේද? කවද්ද? ජනාධිපති සැලකිය යුතු කාලයක් ගියත් තවම කිසිම වැඩපිළිවෙළක් පාර්ලිමේන්තුව දාලා නැහැලු! හර්ෂ කියන අලුත්ම කතාව!

August 14, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනාධිපති පාර්ලිමේන්තුවට කිව්වේ දළ අදහසක් විතරයිලු! කුමක්ද? කෙසේද? කවද්ද? ජනාධිපති සැලකිය යුතු කාලයක් ගියත් තවම කිසිම වැඩපිළිවෙළක් පාර්ලිමේන්තුව දාලා නැහැලු! හර්ෂ කියන අලුත්ම කතාව!
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා පත්වී සැළකිය යුතු කාලයක් ගත වුවත් රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට තවම පාර්ලිමේන්තුවට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැතැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද  පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දළ රාමුවක් ,දළ අදහසක් ඉදිරිපත් කළත් කළ යුත්තේ කුමක්ද? කෙසේද ? කවදා ද? යන්න සම්බන්ධයෙන් කිසිවක් දැනුවත්ව නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ණය උගුලෙන් මිදීම සඳහා අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ආර්ථිකය ගොඩ නැගීමට ඉදිරිපත් කරන ලෙස රජයට අවධාරණය කරන බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

රජයට මේ ආර්ථිකය කෙටිකාලීනව ගොඩගැනීම සඳහා විපක්ෂය කරුණු 10 ක අවම පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙසේද කීය.

රජයට මේ ආර්ථිකය කෙටිකාලීනව ගොඩගැනීම සඳහා වැඩපිළිවෙළක් විපක්ෂයේ අපි ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් අපි බලාගෙන හිටියා. මේ ජනාධිපතිවරයා පත් වෙලා අද වෙනකොට සෑහෙන කාලයක් ගිහින් තියෙනවා. ඊට කලින් අගමැතිවරයා විදියටත් හිටියා නමුත් තවම පාර්ලිමේන්තුවට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා නැහැ.ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දළ රාමුවක් ,දළ අදහසක් ඉදිරිපත් කළා නමුත් කළ යුත්තේ කුමක්ද? කෙසේද ? කවදා ද? කියන එක සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලා නැහැ. එහිදී අපි කල්පනා කළා විපක්ෂයෙන් වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරන්න.අපි රජයට කියනවා ණය උගුලෙන් මිදීම සඳහා අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ආර්ථිකය ගොඩ නැගීමට ඉදිරිපත් කරන්න . එය කරුණු 10 ක අවම පොදු වැඩපිළිවෙළක් .මේ අවම පොදු වැඩපිළිවෙළ අපි නිර්මාණය කළේ කාලයක් තිස්සේ. අපි දැක්කා මේ ආර්ථික අර්බුදය කොච්චර දුරට ගැඹුරෙන් ජනතාවට මුහුණ දෙන්න වෙයිද කියන එක පිළිබඳව රජයේ අවධානය යොමු කරන්න .අපි 2020 නොවැම්බර් මාසේ ඉඳලා මේ යන ගමන වැරදියි හරි ගමනකට අවතීර්ණ වෙන්න ඕන IMF සමග සාකච්ඡා කරන්න මේ රට ගොඩගන්න u-turn එකක් ගහන්න ඕන කියලා කිව්වා .ඒවා එදා ඇහුවා නම් අද වෙනකොට රට බංකොලොත් වෙන්නේ නැහැ .අද IMF සමග පමණක් නෙවෙයි ණය හිමියෝ සමගත් එකඟතාවයකට එන්න සිදුවෙලා .IMF ණය වැඩසටහන ක්‍රියාත්මක කරන්න කලින් දැන් වෙනකොට චීන ,ඉන්දියානු , ඇමරිකානු අර්බුදයත් එක්ක මේ ප්‍රශ්න ගැටළු තවත් සංකීර්ණ වෙලා. එහිදී IMF හරහා බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න එක තවත් ගැටලු සහගත වෙන බව තමයි අපිට පෙනී යන්නේ.

මම මේ අර්බුදය කියන්නේ 2020 ඉදන් එදා මේ ප්‍රශ්නය විසදගන්න ක්‍රියාත්මක වුණා නම් අද අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ ඛේදවාචකයට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ. සමහරු හිතනවා පෙට්‍රල් පෝලිම අඩු වෙච්ච නිසා, ගෑස් පෝලිම අඩු වෙච්ච නිසා ප්‍රශ්න විසඳිලා කියලා. කිසිසේත්ම නැහැ හැබැයි හොඳ දේට හොඳයි කියන්නත් අපි පසුබට වෙන්න ඕන.QR ක්‍රමය හරහා තියෙන සීමිත තෙල් ප්‍රමාණය බෙදාහැරීමට කාංචන විජේසේකර ඇමතිවරයා තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපි විශ්වාස කරනවා රජයට මේ තාක්ෂණය සේවාවන් පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා මේ උදාහරණය තවදුරටත් අනිත් දේවල් වලටත් ක්‍රියාත්මක කරන්න කියලා .අපිට හොඳට තාක්ෂණය කොහොමද සේවා සපයන්න පාවිච්චි කරන්නේ කියන එක පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා මොකද අපි විශ්වාස කරනවා අපේ 1990 සුවසැරිය තමයි ලංකාවෙ තියෙන කාර්යක්ශම සේවාව කියලා එය සම්පූර්ණයෙන්ම technology trac form එකක් මත තමයි ඒ වැඩපිළිවෙළ සිදුවෙන්නේ .

අපේ රට බංකොලොත් දැන් රජයේ දත්ත වලට අනුව උද්ධමනය 60%යි ඒ කියන්නේ එදා ලක්ෂයකින් කරන්න පුලුවන් වැඩ කොටසේ වටිනාකම හතළිස් දාහකට අඩුවෙලා. ඇත්ත වශයෙන්ම පුද්ගලයන්ගේ තරාතිරම අනුව මේකෙ වෙනස් වෙනවා ආහාර පැත්තෙන් උද්ධමනය 80% කියන්නේ යම් දෙයක් ලක්ෂය කින් ගන්න පුළුවන් කම තිබුණා නම් දැන් ගන්න පුළුවන් වෙන්නේ රුපියල් විසි දාහක ප්‍රමාණයක් විතරයි.මේ ආර්ථික අර්බුදය නිසා සමස්ත ශ්‍රී ලාංකිකයෝ අතිශයෙන් දුප්පත් වෙලා. ඔවුන්ගේ වත්කම් අගය අතිශයින් අඩු වෙලා තවම මේ ප්‍රශ්නයට විසඳුමක් පේන තෙක් මානයක නැහැ එහෙම නම් කළ යුත්තේ කුමක් ද කියන එක සම්බන්ධයෙන් අපි කාටත් වගකීමක් තියෙනවා.

රජය හා ජනාධිපතිවරයා යම්කිසි උත්සාහයක නිරතවෙනවා සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් ගොඩනඟන්න එය සියලු දෙනා එකතුවෙලා කරන්න පුළුවන් නම් මේ අවස්ථාවේදී හොඳයි.හැබැයි මොකක්ද වැඩපිළිවෙළ, මොකක්ද කාලපරිච්ඡේදය, කවුද මේකෙ ඉන්නේ, ඒ කිසි දෙයක් නැතුව විවෘතව දේශපාලන පක්ෂවලට ආරාධනා කළාම ඒ දේශපාලන පක්ෂ සියල්ලම වාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. යම් යම් පුද්ගලයෝ වශයෙන් මන්ත්‍රීවරු රජයත් එක්ක එකතු වුණොත් එතැන සර්ව පාක්ෂික කමක් නැහැ ඒ තියෙන්නෙ පුද්ගලික ලෙස රජයට එකතුවීමක්. එවැනි පරිසරයක් තුළ නිර්මාණය වෙන්නේ නැවතත් කාඩ් කූට්ටම අනල ඒ කට්ටියම එතනට පත්වෙන එක. අරගලය බලාපොරොත්තු වුනේ මොකක්ද අරගලය කියන එකෙහි අර්ථකථනය පුළුල් ලෙස කළොත් අරගලය බලාපොරොත්තු වුණේ සැබෑ system change එකක් මෙතන කිසි වෙනසක් වෙලා නෑ රාජපක්ෂලාගේ හොල්මන් හරහා නැවතත් මේ රජයේ වැඩ කටයුත්ත ඉස්සරහට යන බවක් තමයි මට පේන්නේ. බැසිල් රාජපක්ෂට හරි වෙන කාට හරි ඕන විදිහට තමයි මෙහෙය වෙන්නේ ඒ පසුබිම මත අපි තීරණය කරලා තියෙනවා රජයට ජනතාවට අවශ්‍ය විපක්ෂයේ සහයෝගය ලබා දෙන්න. ඒක නොයෙකුත් පාර්ලිමේන්තුවේ වැදගත් කාරක සභා හරහා කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඊට එහා ගිය තවත් යෝජනාවක් පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කළා ඒ තමයි විශේෂ කාර්යාංශයක් නිර්මාණය කරන්න පුළුවන් ආර්ථිකය ගොඩනැගීම සඳහා එම විශේෂ කාර්යාංශයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ සහයෝගය ලබා ගන්න පුළුවන් නිල බලයක් එක්ක එතකොට හැකියාව තියෙනවා ඕන්නම් කාරක සභා වලින් තවත් ඉදිරියට ගිහිල්ලා යම්කිසි විදියකට ඊටත් වඩා සෘජුව සම්බන්ධ වෙන්න මේ ඛේදවාචකයෙන් ගොඩ එන්න.

ඒ කෙසේ වෙතත් අපි කල්පනා කළා යම්කිසි වැඩපිලිවෙලක් නිර්මාණය කරලා ඒක රටවැසියාට ලබා දෙන්න ඒක පාර්ලිමේන්තුවේ දී ප්‍රථම වතාවට සිකුරාදා මම සඳහන් කළා ඒ ආවම පොදු වැඩපිළිවෙළ නිර්මාණය කළේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ජනාධිපති කිරීමේ උත්සාහයේ දී මට පැවරූ වගකීමක් නිසා එහිදී සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරලා එකඟ වෙන්න ආර්ථික වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න. මං ඒ සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළා පාර්ලිමේන්තුවේ දිගින් දිගට සාකච්ඡා කළා අපට තිබුණා ලියකියවිලි දෙකක් එකක් තමයි මා විසින් නිර්මාණය කරන ලද අවුරුද්දක විතර කාලයක් තිස්සෙ ඉඳලා ආර්ථිකය ගොඩනැගීමේ මූලික වැඩපිළිවෙළ එය සමගි ජන බලවේගය ආර්ථික ප්‍රතිපත්ති කේන්ද්‍රය මගේ අනෙකුත් සගයන් දෙන්නා වන කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න මැතිතුමනලා සමඟ සාකච්ඡා කරල එකඟවෙලා අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ එකඟතාවය මත තිබිච්ච වැඩසටහන් ඊට අමතරව අපේ සෝභිත නාහිමි ස්වාමීන් වහන්සේ විසින් පාවිච්චි කරල දැනට කරු ජයසූරිය මහතා විසින් නායකත්වය දෙන ආචාර්ය රොහාන් සමරජීව මැතිතුමා හරහා ඒ කට්ටියත් අවුරුද්දක විතර තිස්සෙ ඉඳලා නොයෙකුත් කණ්ඩායම් වලට කතා කරලා දේශපාලන පක්ෂ විවිධ කණ්ඩායම් විශ්වවිද්‍යාල ආචාර්යවරු ආර්ථික විද්‍යාඥයෝ ඔවුන් යම්කිසි පොදු එකඟතාවයක් තියෙන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් යම් කිසි තැනකට ඇවිත් තියනවා. අපි කරේ සාධාරණ සමාජයක් වූ ජාතික ව්‍යාපාරය හරහා නිර්මාණය කරන ලද එකඟතාවයක් තියෙන පොදු ප්‍රතිපත්තිය සහ අප විසින් නිර්මාණය කරන ලද ඒ වැඩපිළිවෙළ යම්කිසි විදියකට ඒකාබද්ධ කළා. ඒ කරලා අපි දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරලා එකඟතාවයක් ගත්තා අපි ඉදිරිපත් කරන ආර්තිකය ගොඩනැගීමේ අවම පොදු වැඩපිළිවෙළ බොහෝ දේශපාලන පක්ෂ වල අනුමැතිය දැනටමත් තියෙනවා .අපිට මේකේ එකින් එක අරගෙන දීර්ඝ ලෙස සාකච්ඡා කර හැකි පාර්ලිමේන්තුව තුළ යම්කිසි විශේෂ කාර්යාංශයක් තුළ ඊට පස්සේ රජය වැඩපිළිවෙළ සමඟ එකඟතාවයක් තියෙනවනම් අපිට මේ අපි ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ වෙන්නේ අනිත් පැත්ත රජය කියනවා මෙන්න වැඩපිළිවෙළ ඊට පස්සේ විපක්ෂ කණ්ඩායම් මේකට කැමතිද නැද්ද කියල සාකච්ඡා කරලා යම්කිසි එකගතාවයකට එනවා හැබැයි මෙතන අපට බලන් ඉන්න වෙලාවක් නැහැ .දැනටමත් පරක්කුයි තව කොච්චර කල් ඉන්නද එහෙනම් ගන්න මේක. මේක අරගෙන සුදුසු ඒවා ක්‍රියාත්මක කරන්න නුසුදුසු වේවා කපලා දාන්න ඊට පස්සේ සාකච්ඡාවකට එන්න මොකද එකක් මම කියන්න කැමතියි ඒ තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරලා තියෙන ආර්ථික වැඩ පිළිවෙලත් සමග අපි එකඟයි.හැබැයි එතකොට රජය සහ ප්‍රධාන විපක්ෂය එකඟතාවයක් ඇතුව තමයි මේ document එක පටන් ගන්නේ මේකෙ අන්තර්ගතය තියෙනවා තව දේශපාලන පක්ෂ රාශියක අදහස් එකතු කරල තමයි අවම වැඩපිළිවෙළ හදලා තියෙන්නේ. එතකොට කවුරුහරි හිතෙනවනම් මෙතනින් එහා යම්කිසි තව විකල්ප මාර්ගයක් තියෙනවා කියලා ඉදිරිපත් කරන්න. රජයටත් කියනවා තියෙනවා නම් මීට වඩා විකල්ප මාර්ගයක් ඉදිරිපත් කරන්න අනිත් විපක්ෂයේ මේකත් සමග එකග වෙන්නේ නැති කට්ටියට වෙන විකල්ප මාර්ගයක් තියෙනවා ඉදිරිපත් කරන්න රට වෙනුවෙන් කළ යුතු සේවාව මම කරනවා.

මම සතුටු වෙනවා ප්‍රථම වතාවට මේ රජය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට රජයේ මුදල් කාරක සභාවේ සභාපතිකම දීලා .ඒකට මාව යෝජනා කරල තියෙනවා. ඒ අනුමත වෙලා තියෙනවා කතානායකවරයා හරහා එතකොට අපිට පුළුවන් ඒ මුදල් කාරක සභාව හරහා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න.පාර්ලිමේන්තුව ඇතුලේ දේශපාලන කණ්ඩායම් සමඟ අවශ්‍ය සාකච්ඡා ඉදිරියට අරගෙන යන්න පුළුවන්.කවුරුහරි හිතනවනම් මේ රට ගොඩ ගැනීමේ ව්‍යාපාරය කරන්න ඇමතිවරයෙක් විය යුතුමයි කියන එක මම බලාපොරොත්තු වෙනවා ඔප්පු කරල පෙන්නන්න එහෙම විය යුතු නැහැ කියලා. ඇත්ත වශයෙන්ම සද්භාවයෙන් මේක කරන්න ඕන නම් කිරිමට හැකියාව තියෙනවා කියන එකත් මම බලාපොරොත්තු වෙනවා මේ රටේ මිනිස්සුන්ට ඔප්පු කරන්න හැබැයි දේශපාලන යථාර්ථය තේරුම් ගත්තොත් අපි හිර වෙලා ඉන්න තැන කාටත් පේනවා. මොකද මේ පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ සැබෑ ජනමතය නෙමෙයි ඒක අපි කවුරුත් දන්නවා ජනමතය නියෝජනය වෙන අලුත් පාර්ලිමේන්තුවක් එන්න ඕන එය 2023 මාර්තු මාසෙන් පස්සේ කරන්න පුළුවන් ඒක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා එතකන් අපිට මේ දායකත්වය ලබා දෙන්න පුළුවන්.

මේ ආර්ථිකය ගොඩ නැගීමට කාරණා දහයක් අඩංගු කරල අපි පොදු වැඩපිළිවෙළක් හදලා තියෙනවා.එය ණය අර්බුදය කළමනාකරණය කිරීම ඒකට අපි කලයුතු දේවල් මොනවද කියලා එකින් එක නම් කරල තියනව කළ යුතු කාලයක් අපි නම් කරල තියනව මොකක්ද කරන්න ඕන කොහොමද කරන්න ඕන කවද වෙනකොට කරන්න ඕනද කියන එකත් අපි සදහන් කරල තියනවා. 2 මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය කාරණා පහක් තියෙනවා ආදායම් ස්ථාවර කිරීම ගැන අපි කතා කර තියෙනවා වියදම් පාලනය ගැන කාරණා නමයක් තියෙනවා කොහොමද ප්‍රාථමික වියදම් ළමනාකරණය කරගන්නේ රජයට අයිති ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අදහස් අඩංගුවෙනවා කාටවත් මෙතනින් පැනලා යන්න පුළුවන් කමක් නෑ මොකද යම්කිසි එකගතාවයක් මෙතන තියෙනවා දේශපාලන පක්ෂවල විපක්ෂයේ අපි කවුරු මොනවා කිව්වත් අපේ මේ තිත්ත බෙහෙත් ගන්න සිද්ධ වෙනවා ගන්න බැරි උනොත් එහෙම තවත් මිනිස්සුන්ව මුලා කරලා රුපියල් ලක්ෂයක වටිනාකම විසි දාහකට බැහැලා තිබිච්ච එක දෙදහට බස්සගන්න පුළුවන්.

බලශක්තිය හා මහජන උපයෝගීතාවය ගැන තියෙනවා. ‍ණය අංශය කළමනාකරණය සහ ඩිජිටල්කරණ තියෙනවා වෙළඳාම කර්මාන්ත කෘෂිකර්මය හා සේවා ප්‍රවර්ධනය ගැන තියෙනවා කොහොමද වෙළෙඳපොළ තරගකාරිත්වයක් ඇති කරන්නේ කියලා තියෙනවා කොහොමද අපනයනය වැඩි කරන්නේ කියන අවශ්‍ය පදනම ගැන තියෙනවා කොහොමද විදේශ ආයෝජන ගනීම සඳහා කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම ගෝලීය සැපයුම් ජාල එකතු කරන්නේ මොනවද අපි කරන්න ඕන ලෝකයත් එක්ක එකතු වෙන්නේ කොහොමද කියලා තියෙනවා අපි ලෝකෙට පාලම් බඳින්න ඕන . කවුරුහරි හිතනවනම් ඒ දර්ශනයට එහා එකක් තියෙනවා කියලා අපි අභියෝග කරනවා පෙන්වන්න කියලා එහෙම තියෙනවනම් අපට මෙතන කෙටි කාලීනව දේශපාලන වාසි ගන්න අවශ්‍යතාවයක් නැහැ ඒකයි අපි ජනාධිපතිතුමාට කෙලින්ම කියන්නේ ඔබගේ ආර්ථික දැක්මත් එක්ක එකඟයි ඒක තමයි මේ රටට තියෙන වැඩපිළිවෙළ ඒක එතුමා කිව්වත් මම කිව්වත් ඒක අදාළ වෙන්නේ මොකක්ද දැක්ම.

නිෂ්පාදන සාධක වෙළඳපොළේ ප්‍රතිසංස්කරණ ගැන සඳහන් වෙනවා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය දැනටමත් මෙතන විවේචනයක් ආණ්ඩුවට කරනවා සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කරන්නේ නැතුව විදුලි බිල හෝ ජල බිල හෝ පෙට්‍රල් මිල වැනි තවත් දේවල් වෙන්න පුළුවන් සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් නොකර මෙවැනි මිල වැඩි කිරීම් සිද්ධ කරනකොට අඩුආදායම් ජනතාවට විශාල පහරක් වදිනවා තවමත් දේශපාලන සම්බන්ධකම් හරහා නොයෙකුත් රජය විසින් ලබා දෙන බඩු හැමෝටම සාධාරණව ලබා නොදී තමන්ගේ කණ්ඩායම් වලට ලබාදෙන පහත් නින්දිත වැඩේ තවමත් කරන බවත් ඊයේ දිනයේ මට දැනගන්න ලැබුණා එහෙම කරන කට්ටියට මම මතක් කරන්න ඕන ඔය වගේ අඩු වැඩ කරන්න එපා පහත් වැඩකට කරන්න එපා සියලු දෙනාටම පක්ෂ භේදයකින් තොරව ඉතාමත් අමාරු කාලයක් තියෙන්නේ සමාජ සාධාරණත්වය සමාජ ආරක්ෂණ දැල පක්ෂ භේදයකින් තොරව හැමෝටම ශක්තිමත් වෙන්න ඕන 69ලක්ෂ ඡන්දෙ දීපු වැඩිහරියකට දැන් දුක් විඳින්න වෙලා තියෙනවා 69 හිටපු නැති කට්ටියටත් දුක්විඳින්න වෙලා තියෙනවා. මහලොකුවට ගෝඨාභය රාජපක්ෂ විරුවා කියලා ගෙනල්ලා රට විනාශ කරල ඒ ගැන දැන් කතා කරන්න ඕන නෑ අවසාන වශයෙන් විනිවිදභාවය සහ වගකීම කියන කාරණාව ඇතුළත් වෙනවා මේ සමාජ මාධ්‍ය හරහා අපේ ලියවිල්ල සමාජගත කරන්න බලාපොරොත්තු වෙනවා අපි මාධ්‍යයටත් ඒක ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් භාෂා තුනෙන්ම වාර්තාවක් නිර්මාණය කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව ඇතුළෙත් එළියත් මහජනතාව ඇතුළත් හොඳ හරවත් ධනාත්මක සංවාදයක් සිද්ධ වෙයි කියලා එවැනි සංවාදයක් හරහා තමයි අවසානයේදී අපි සියලු දෙනාටම එකතු වෙන්න පුළුවන් මේක තමයි මේ රට වැටිල තියෙන මේ ඛේදවාචකයෙන් තවත් පල්ලෙහාට යන්නේ නැතුව ගොඩ ගන්න තියෙන ක්‍රියාමාර්ගය මේක පමණයි කියන එක පිළිගන්න මේ අපි ඉදිරිපත් කරන එකට ආණ්ඩුව විරුද්ධ නම් කියන්න ඇයි විරුද්ධ විපක්ෂය අනිත් කණ්ඩායම් කියනවා නම් මේකට විරුද්ධයි කියලා කියන්න හේතුව ජනතාවට සිවිල් සමාජයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආර්ථික විද්‍යාඥයන්ට දේශීය විදේශීය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුවට අපි විවෘතව කියනවා මේක බලන්න බලල මේක වැරදි නම් කියන්න වැරදියි කියලා වෙනස් කරන තැන් වෙනස් කරන්න අපි කණ්ඩායමක් හැටියට කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව එක තැනකට එමු හදිසි නීතිය දාලා ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න බැහැ ජනතාවගේ කැමැත්ත ලබා ගන්න. හැමෝම හැමදේටම කැමති වෙන්නේ නැති බව ඇත්ත නමුත් අපිට පුළුවන් වෙන්න ඕන ඇයි මේ ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ කියන එක පිළිබඳ ජනතාවගේ කැමැත්ත හැකිතාක් ලබාගන්න මම බලාපොරොත්තු වෙනවා රජයේ මුදල් කාරක සභාව හරහා මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න සියලු දේශපාලන පක්ෂ සමග හරවත් සංවාදයක් පවත්වලා මේ රට ගොඩගන්න අපේ දායකත්වය පක්ෂයක් හැටියට මේ අවස්ථාවේ අපි ලබා දෙනවා.

SendShareShare
Previous Post

මේ රට ප්‍රපාතයට ඇද දැම්මේ රාජපක්ෂ පාලනයයි! ඒ කුණු ලොරියට සජබෙ කිසි කෙනෙක් නගින්නේ නෑ! සජිත් රක්වානට යයි! (VIDEO & PHOTOS)

Next Post

කූරගල වඳින්න ආ පාදුක්කේ නඩයකට බීලා ආපු බලංගොඩ චණ්ඩි ටිකක් ගහලා! වාහනේ කුඩු! චණ්ඩි අතර ගෑනු කෙනෙකුත් ඉඳලා! දැන් ඔක්කොම කූඩුවේ! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.